Tuesday, 22 March 2011

නුඹ නැතිව මම




කොළ හැළුනු මේ ගහ
මං වගෙයි
ඔවු මං වගෙයි..
අතීතයේ දවසක
දළු දමා මල් පිපුණු
මේ ගිනිකූරු ගහ මං වගෙයි
ඔවු මං වගෙයි...

හිතක් පපුවක් නැති ලෙස
වැටෙනකොට රළු සීත වැහි පොද
පපුව තුරුලේ උන්නු මල් පොහොට්ටු
හඩාගෙන බිම වැටෙනු බලාගෙන
දුක දරාන උන් 
මේ ගිනිකූරු ගස
මං වගේමයි...

රතු මල් හැලී
ආදරේ පාවඩ දැමු සද
දකින්නට උන් සුදු දෙපා යුග
දකින්නට පිං නොකල
පවිකාර ගසක් වී මම...

සුදු වැලි තෙමාගෙන
දුක් කඳුළු ගංගා ගලා
මල් සේදිලා යනකොට
අසනරණව හූල්ලා 
බිම බලාගෙන...

ගිම්හාන අවුවට පිච්චෙන
ඉපලක්ව තනිවෙන තුරා හිත
දුක දරාගෙන 
නොකියාම
අදත් සුදු පාර දිග මල් සලන
ඔබ එමිද මග බලන
මේ ගිනිකූරු ගස මම
ඔබේ නෙත් නොදකින....



10 comments:

  1. අමතක කරා කියලා කෙනෙක් ගැන කොච්චර කිවුවත්.. ඇයි අපිට ඇත්තටම බැරි ඒ කෙනාව අමතකම කරන්න..?
    මට මේ ඊයෙ පෙරේදා වෙනකම්ම හිතුනේ නෑ... අපි ආදරේ කරන කෙනෙක් අපිව තඹසතේකට ගණන්ගන්නෙ නෑ කියලා දැනගත්තම දැනෙන වේදනාව.. කෙතරම් දරුණුද කියලා ...

    ReplyDelete
  2. "ගිනිකූරු ගස මම". ලස්සන නිර්මානයක්.
    මැණික්

    ReplyDelete
  3. හිතට වැදුනා සෑහෙන්න

    ReplyDelete
  4. මං වගෙයි, ඔව් මං වගෙයි!

    ReplyDelete
  5. @ ප්‍රාර්ථනා : ඇත්ත නංගි.. ආදරෙ කියන්නෙ පුදුමාකාර දෙයක්නෙ.. කොහොමත් හිතෙ ඉන්න කෙනෙක් එහෙම ලෙසියෙන් අමතක වෙන්නෙ නෑ...

    ReplyDelete
  6. @ මැණික් : ස්තුතියි අක්කෙ...

    ReplyDelete
  7. @ පිණිබිදු : බොහොම ස්තුතියි යාළු..

    ReplyDelete
  8. @ malithi : ස්තුතියි යාළු

    ReplyDelete
  9. ලස්සන කවියක් අය්යේ....

    ReplyDelete
  10. @ Princess Thushy : තැන්ක්ස් නංගි....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්