Sunday, 20 March 2011

පුදමි මේ කව මම, සෙනෙහසට නුඹ දුන්න




නෙළුම් මල් පූදිනා විල මත
වැටුන අළුයම හිරු කිරණ ඔබයි මට
සුවහසක් දුක් කඳුළු විදගෙන
මා හැදූ පියතුමයි ඔබ සදහට.

නුඹේ දෑතේ විරියෙන් නැගුන
ගෙවා ආ මාවත බාදක දහසකුත් අතර
කඳුළු විතරක් අරන් නුඹෙ හිතට
සතුට තැවරුවා අපේ හිත් ලග.

කුසට අහරක් නොලැබ ඒ දින
කල මෙහෙවර නිම් නැත අප හට
සුදු පුතා කීයා මා තුරුලු කරගෙන
කී කතා රැව්දෙයි අදත් සවන් තුල.

ඔබ නිමැවූ මාවත දහසකුත් උල්පත් අතර
පියනගමි අද නුඹේ සෙවනැල්ල පිටුපස
ජය ගන්නට ජීවිතය නුඹේ සෙවනේ හිදම
මා කල පින් බොහොයි පුතණුවකු ලෙස.

නුඹෙ සෙනෙහස දෙව්ලොවකි මා හට
පුදමි මේ කව මම, සෙනෙහසට නුඹ දුන්න
ආදරෙයි මම මහමෙරක් තරමටම
තාත්තා නුඹයි මට මතු හැම ආත්මයකම..


6 comments:

  1. පිය සෙනෙහසට කව් ගී ලිය වුනා මදී
    ලස්සනයි යාළු පද පෙළ

    ReplyDelete
  2. මම මේ ලියවිල්ලට එන්නෙ ඔයා මගේ අඩවියේ දාපු කමෙන්ට් එක හරහා... මේ ගැන යමක් කියන එක යුතුකමක් වගේ කියල හිතෙනවා.

    තාත්ත ගැන කියල ඉවර කරගන්න බැරි නිසා මට තාත්ත ගැන ලියාගන්න පුළුවන් වෙලාම නෑ... වතාවක් ලියන්න ගිහින් අල වෙලා ගියා... ඒත් වෙන කෙනෙක් තාත්ත (හෝ අම්ම) ගැන ලියන දේවල් මගේ කරගෙන විඳින්න මට පුළුවන්. මේක කියවද්දි මට කසුන් කියන අප්පච්චි සින්දුව තමයි මතක් වුණේ...

    ReplyDelete
  3. පියෙකුගෙන් ලැබෙන්නෙ නිහඬ ආදරය

    ReplyDelete
  4. @ ayesha : ස්තුතියි යාළු...

    ReplyDelete
  5. @ hare : බොහොම ස්තුතියි යාළුවා මෙ පැත්තට ආවට...

    ReplyDelete
  6. @ පිණිබිදු : ගොඩක් තාත්තලාගෙ ආදරය නිහඩයි.. එක තෙරුම් ගන්න පුළුවන්නම්.......

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්