Saturday, 19 March 2011

මිනිසත්කම සොයා : අවසාන පියවර

        දිනෙන් දින ගෙවී ගොස් මංගල දිනය උදාවිය.. අයේශා වෙන කවරදාකවත් නැති තරම් සතුටකින් සිටින බව ඇගේ මුහුනින්ම පෙනෙන්නට විය.. ආදරයෙන් තමන් ලගට තුරුළු වී සිටි ඒ පුන්ච් කෙල්ල අද හැඩකාර මනාලියක් වී නිවසින් පිටවයෑමට සැරසෙනු දැක සෙනරත්ගේ දෙනෙත් අගට කඳුළු බිදු ගලා ආවේය..

" මම ගියාට පස්සෙ තාත්තා මෙහෙ තනිවෙනවා.."

     සෙනරත් ලගට තුරුළුවූ අයේශා පැවසීය..

" මට තනියක් නැහැ දුවේ.. ඔයා සතුටින් ඉන්නකෝ.. යමු හැමෝම ඔයා එනකන් බලන් ඉන්නේ.."

          අයේශාගේ දෙනතට ගලා ආ කඳුළු බිදු පිස දැමු සෙනරත් ඇයව පෝරුව වෙත කැදවාගෙන ගියේය.. වැඩි පිරිසක් සහබාගි නොවුනත් ලස්සන උත්සවයකට එදින සෙනරත්ගේ පුන්චි නිවස සැරසී තිබුනි.. අයේශාට මේ තරම් ආදරය කරන කෙනෙක් ලැබීම ගැන සෙනරත් මහත් සේ සතුටු විය.. තමන් නැති කාලෙක උවද නුවන් අයේශාව ආදරයෙන් බලා ගනීවියි සෙනරත්ගේ හිත තදින්ම විශ්වාස කලේය.. 

       අයේශාගේ සතුටු සිනා ලග හිත නැවතී සිටි සෙනරත් ලගට සෝමවීර පැමිණියේය..

" අප්පු බලන්නකෝ කවුද ඇවිත් ඉන්නෙ කියලා.." 

      සෝමවීර එසේ කියත්ම නිවසින් නික්මුන සෙනරත්ට දුටු දෙයින් දෑස් අදහාගත් නොහැකි විය.. සෙනරත්ගේ ආදරණිය පුතුන් දෙදෙනා කඩුල්ල අදරට වී සෙනරත් දෙස බලාගෙන සිටියේය.. 

" ඇයි පුතාල ඔතනට වෙලා ඉන්නේ.. එන්න ඇතුලට.."

     සෙනරත්ගේ ආරාධනයෙන් නිවසට ඇතුළු වූ පුතුන් දෙදෙනා තාත්තාගේ දෙපා ලග වැද වැටිනි.. සෙනරත්ගේ හිතට කියා ගන්න බැරි සතුටක් දැනෙන්නට විය..

" අපිට සමාවෙන්න තාත්තේ.." 

      පුතුන් දෙදෙනා සෙනරත්ගෙන් සමාව අයැද සිටියේය.. කඳුළු පිරි දෙනෙතින් පුතුන් දෙදෙනාව සෙනරත් හදවතට තුරුළු කර ගත්තේය..

" තාත්තා නිසයි අද මම ජීවත් වෙන්නෙ.. තාත්තා නොහිටින්න අද මම මම කරපු පවු කන්දරාවත් එක්කම මැරිලා ඉන්න තිබුනා.. අපිට තාත්තව තේරුම් ගන්න බැරි උනා.. "

           හිතේ තිබුන දුක කඳුළු වලින් පිට කරමින් සෙනරත්ගේ ලොකු පුතා තමන් අතින් සිදුවූ වැරදි වලට සෙනරත්ගෙන් සමාව ඉල්ලා සිටියේය.. ඒත් එදා රෝහලේදී සිදුවූ දෙවල් පුතා දන්නේ කෙසේදැයි සෙනරත් සිතන්නට විය..

" තාත්තා ඉස්පිරිතාලෙ ඉන්නවා රුවනි දැකලා තියෙනවා.. මට සනීප උනාම මේ හැම දෙයක්ම එයා මට කිවුවා.. අපි තාත්තව හොයන්න ගොඩක් මහන්සි උනා.. සෝමවීර මාමා කොළඹදි මුනගැහුන වෙලෙ තමයි කිවුවේ තාත්තා මෙහෙ ඉන්නෙ කියලා.."

                 මොන තරම් වැරදි කලත් සෙනරත්ගේ හිතේ කවදාවත්ම පුතාලා ගැන තරහක් තිබුනේ නැත.. කල වැරදී තෙරුම් ගෙන තමා සොයා පැමිණි පුතුන්ව සෙනරත් ආදරයෙන් පිළි ගත්තේය..

" යමු අද නංගිගේ ජීවිතේ ලස්සනම දවස.. අපි හැමෝම එකතු වෙලා එයාව සතුටින් පිටත් කරමු.."

          පුතුන් දෙදෙනාගේ දෑතින් අල්ලා ගත් සෙනරත් ඔවුන්ව නිවස තුලට කැදවාගෙන ආවේය.. නොසිතූ මොහොතක සිය සොයුරන් දුටු අයේශාගේ හිත සතුටින් පිරී ගියේය.. 

" ඇයි අය්යේ ඔයාලා එන්න මෙච්චර පරක්කු උනේ? " 

        සිය සොයුරන් වෙත පැමිනි අයේශා ඔවුනේ උණුසුමට තුරුළු වෙමින් විමසීය..

" ගොඩක් දේවල් තෙරුම ගන්න අපි පරක්කු උනා.. දැන් අඩන්න එපා.. හිනාවෙලා ඉන්න.."

     අයේශාව සැනසූ සොයුරන් ඇයව නුවන්ට බාර කලේය..

            සෙනරත්ට තම බිරිද සහ මියගිය පුතාගේ අඩුව දැනෙන්නට විය.. අද ඔවුනුත් සිටියා නම් මේ දවස කොච්චර ලස්සනදැයි සෙනරත් තනිවී කල්පනා කලේය.. සොහොයුරන්ගේ ආදරය කාලයකට පසුව ලැබුන අයේශාගේ මුවේ  රැදුන සිනහව දෙස බලා සෙනරත් සැනසුම සුසුමක් හෙලුවේය..

          සතුටූ සිනා අතරම දියණිය නිවසින් පිට වන මොහොත එළඹියේය.. තාත්තා හැර යන්නට නොහැකිව හඩමින් සිටි දියණිය ලගට පැමිනි සෙනරත්,

" දුවගේ ලස්සන ජීවිතේ අදින් පටන් ගන්න.. මං ගැන දුක් වෙන්න එපා.. අයියලා ඉන්නවනේ මං ලග.." 

           අයේශාව සැනසූ සෙනරත්, ඇය නුවන් පුතා සමග නිවසින් පිටවී ඈතට යන අයුරු කඩුල්ල ලගට වී බලා සිටියේය..


මිනිසත්කම සොයා ගිය සෙනරත්ගේ චාරිකාව මින් නිමා වේ...

9 comments:

  1. ලස්සන කතාව. රණවීර ආරච්චිත් හොඳ මනුස්සයෙක් වෙන්න ඇති නේද ඊට පස්සෙ

    ReplyDelete
  2. අන්න නියම කතාවක් සහෝදරයා...මට එපා වෙලා තිවුනේ...END එක මෙලෝ රහක් නැති වෙන කතා...

    ReplyDelete
  3. හම්මේ හිත ට නිවන් දැක්කා වගේ.... ලස්සනට ඉවර කලාට ගොඩාක් තැන්කු අයියේ...මේ කතාව ආසවෙන් කියෙව්වේ.. තව තවත් ලියන්න ..

    ReplyDelete
  4. @ චානක : ස්තුතියි යාළුවා..
    රණවිර ආරච්චි එයා කරපු වැරදි ගැන තැවෙමින් ඉතිරි කාලෙ රොහලෙ ගත කරනවා.. අත පය වාරු නැති නිසා

    ReplyDelete
  5. @ ඔෂාන් : ස්තුතියි යාළුවා ඔබෙ අදහසට...

    ReplyDelete
  6. @ නිම්ශා : නංගි ඉතින් හැමදාම කතාවත් එක්ක එකතු උනානෙ.. බොහොම ස්තුතියි...
    අළුත් කතාවක් ලගදිම ලියනවා...

    ReplyDelete
  7. එක දිගට කියවගෙන ගියා මුළු කතාවම. දිගටම ලියන්න.

    ReplyDelete
  8. @ නාලනි : බොහොම ස්තුතියි...

    ReplyDelete
  9. ජීවිත වල තවත් පැතිකඩක්.. ලස්සනට අකුරු කරලා.. අවසානය ගොඩක් ලස්සනයි..
    තව තවත් නිර්මාණ කරන්න සුබ පැතුම්..!!! :)

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්