Wednesday, 16 March 2011

මිනිසත්කම සොයා : අටවන පියවර

          හිතේ දැවෙමින් තිබු ගැටළුවත් සමග ගෙට ගොඩවූ සෙනරත් නින්දට වැටුනත් හිතේ මෙන්ම ගතේද දැනුන වේදනාව නිසා නින්ද සෙනරත් සොයා නොආවේය.. විවේකය සෙනරත්ට ඕනෑ යැයි වෛද්‍යවරු අවවාද කලද සෙනරත්ගේ වැඩ සියල්ලම සෙනරත් තනිවම කර ගත යුතු නිසා සෙනරත්ගේ සෞඛ්‍ය තත්වයද ටිකෙන් ටික පිරිහෙන්නට විය...

            සෝමවීර හැම මොහොතකම සෙනරත් ගැන සොයා බැලීය.. නමුත් සෙනරත් කොළඹදී සිදුවූ කිසිවක් ගැන සෙනරත් සමගද පැවසුවේ නැත.. දින දෙක තුනක් සන්සුන්ව පැවති සෙනරත්ගේ ජීවිතය රණවීර ආරච්චිගේ යලී පැමිණීමත් සමගම අවුල් වී ගියේය..

         රණවීර සියල්ල දැනගෙන අවසානය.. ඔහුගේ මුහුනේ වෙනදාටත් වඩා නපුරු කමක් උතුරා යමින් තිබිනි.. රණවීර සමග තව දෙතුන් දෙනෙක්ම සෙනරත්ගේ ගෙමිදුලේ විය.. 

" ආ එන්න එන්න.. මම මේ සෙනරත් අප්පු මුන ගැහෙන්නමයි ආවේ.."

            නුවන් පුතා තාත්තා සමග සියල්ල කතා කර ඇති බව සෙනරත්ට වැටහී ගියේය.. රණවීරගේ පිළිතුර ඔහුගේ මුහුනින්ම පෙනෙන්නට විය..

" ආරච්චි මහත්තයෝ.." සෙනරත් වෙනදා මෙන් ගරු බුහුමන් ඇතිව කතා කලේය..

" උඹලා දණ ගාගෙන ආවට හිතන් ඉන්නෙ මටත් ඉහලින් යන්න නේද? කෝ උඹෙ දුව? එන්න කියපන් ඒකිට.."

" දුව කොළඹ ඉන්නෙ ආරච්චි මහත්තයෝ.."

" ඒකි එහෙ ඉදන් මායම් දාලා තමයි මගෙ කොල්ලව අල්ලන් තියෙන්නෙ.. උඹත් මේවට මෙහෙ ඉදන් උල්පන්දන් දීලා තියෙනවා.."

" අනේ නැහැ ආරච්චි මහත්තයෝ.. මට ආරන්චි උන දවසෙම මම දුවට මේ ගැන තෙරුම් කරලා දුන්නා.."

" මට ඒ කතා වලින් වැඩක් නැහැ.. උඹ දුවව හදා ගනින්.. නැත්නම් උඹ දන්නව ඇතිනෙ ගමේ ගාමිණියට මොකද උනේ කියලා.."

    සෙනරත්ට තව දුරටත් මේ පීඩන ඉවසාගත නොහැකි විය..

" අපි ගමේ දුප්පත් මිනිස්සු බව ඇත්ත.. ඒත් හිතන්න එපා හැමදාම අපිව පාගගෙන ඉන්න පුළුවන් වෙයි කියලා.. මගේ දුව වෙනුවෙන් ඕනම දෙයක් කරන්න මම දෙපාරක් හිතන්නෙ නැහැ.."

       සෙනරත්ගේ හිතේ තිබුන ආවේගයට සෙනරත් එසේ පැවසුවත් සිදුවූයේ රණවීරගේ කෙන්තිය තවත් වැඩිවීම පමණි..

" මුන්ගේ දැන් ඔළුව ලොකු වෙලා.. මුන්ට මුල මතක නැහැ.. කළුවා අල්ල ගනින් ඕකව.."

        රණවීරගේ ගෝලයන්ගේ ග්‍රහණයට අසු උන සෙනරත්ට කිසිවක් කරකියා ගත නොහැකි විය.. වෙනදානම් උන් එක්ක පොරකා හෝ මිදීමට ශක්තිය සෙනරත්ට තිබුනත් අද සෙනරත් කිසිවක් කර ගත නොහැකිව බලා සිටියේය..

       සෙනරත් ලගට පැමිණි රණවීර ඔහු අත තිබූ බස්තමින් වැරින් පහරක් එල්ල කලේය.. එය සෙනරත්ගේ මැහුම් තුවාල අසලම වැදී දැනුන වේදනාවෙන් සෙනරත් එතනම ඇදගෙන වැටුනි..

      නිසලව බිම වැටි සිටින සෙනරත් අතහැර යාමට රණවීර සිතුවත් ඔහුගේ තීරණය වෙනස් උනේ ඇතින් එන සෙනරත්ගේ දුව දුටු විටය..

" ඔය එන්නෙ දුවත්.. තාත්තට කියපු ටිකම දුවටත් කියලම යමු.."

       රණවීර පැවසූ දෙය දෙසවනට වැටුන සෙනරත් අමරුවෙන් හිස හරවා බලන විට මේ කිසිවක් නොදැන ඈතින් පැමිනෙන දියණිය දුටුවේය.. නිවෙස ලගට ලං වත්ම සිදුවී ඇති දෙය ඇයට වටහා ගත හැකි විය.. බිම වැටි සිටින තාත්තා දුටු වහාම ඈ හඩාගෙන තාත්තා ලගට දිව එන්නට විය.. 

     රණවීරගෙන් දුවට අනතුරක් වේ යැයි බිය වු  සෙනරත් ඇයට ලගට නොඑන ලෙස අතින් පැවසුවත් ඇය නොනැවතීය.. 

       දුවට අනතුරක් වීමට පෙර ඇය බේරා ගත යුතුයැයි සෙනරත්ගේ හිතට ආ සිතුවිල්ලෙන් නිසලව තිබූ සිරුරට අමාරුවෙන් පණ පොවාගෙන දෙපයින් හිටගත් සෙනරත් රණවීරට කිසිවක් කර ගත් නොහැකි වන පරිදි ඔහුව අල්ලා ගත්තේය.. සෙනරත්ගේ ග්‍රහණයෙන් මිදීමට රණවීරට නොහැකි වූ තැන,

" මොනවද උඹලා බලන් ඉන්නේ.. ගහපන් මූට.."

       රණවීරගේ විධානයට ක්‍රියාත්මක වූ ගෝලයෝ පොළු මුගුරු රැගෙන සෙනරත් දිහාවට දිව  අවුත් සෙනරත්ට පහර දෙන්නට වත්ම රණවීරව අත්හල සෙනරත් ඒ පහරවල් වලින් වැලකෙන්නට විය.. නමුත් සෙනරත් වෙත වැරෙන් එල්ල වූ පොළු පහරවල් නතර වූයේ රණවීරගේ හිස ලෙයින් තෙත් කරමින්ය..

        රණවීරගේ මුහුණ පුරා ගලාගිය ලේ පාරවල් දුටු ගෝලයෝ රණවීර එතැන දමා දුවන්නට විය.. මහා හයියෙන් කෑ ගසාගෙන රණවීර සෙනරත්ගේ දෙපා පාමුල ඇද වැටිනි..


යලි පියනගමු...

6 comments:

  1. දුප්පත්කත වලිගය නැති ගොනා වැනී නේ...
    පොඩි මිනිහට තමා හැමදාම කරදර..

    ReplyDelete
  2. කතාව ඉවර නෑ නේද?

    ReplyDelete
  3. මටත් කියන්න හිතුනේ ඉරු අයියාට හිතුන එකමයි අයියේ.. උස් පහත් කම් තාමත්..

    ReplyDelete
  4. @ රත්ගමයා : ඔව් රත්ගමයො.. එ කතාවනම් ඇත්ත...

    ReplyDelete
  5. @ චන්දි : නැහැ තවම ඉවර නැහැ.. තව කොටස් දෙකක් තියෙනවා..

    ReplyDelete
  6. @ නිම්ශා : ඔව් නංගි 2011ට ඇවිත් මිනිස්සු දියුණු වෙලා කියලා අපි හිතුවට මෙහෙම දෙවල් ලංකාවෙ විතරක් නෙමෙයි වෙන ඔනම රටක සිද්ද වෙන්න පුළුවන්..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්