Sunday, 13 March 2011

මිනිසත්කම සොයා : හයවන පියවර

            නුවන්ගේ හිතේ තම දියණිය ගැන ඇති ආදරය සැබෑවක් බව තෙරුම් ගත් සෙනරත් නුවන්ගේ අදහසට එකග වීමට තීරණය කලේය.. රණවීර ආරච්ච් මේ යෝජනාවට එකහෙලාම අකමැති වන බැව් සෙනරත්ගේ හිත හැම මොහොතකම පැවසුවේය.. නමුත් තම දියණියගේ කඳුළු සෙනරත්ගේ හිතට වාවාගත නොහැකි නිසා එන ඕනෑම ප්‍රශ්ණයකට මුහුන දීමට සෙනරත් හිත දැඩි කරගත්තේය..

          සෙනරත්ට ආපසු ගමට යාමට බසයක් එනතුරු නුවන්ද බස් නවතුමට වී සෙනරත්ගේ තනියට සිටියේය.. අයේශා ඇයට දේශණයක් ඇති නිසා වේලාසනින්ම පියාට සමුදී  නික්මී තිබුනි.. සෙනරත් නුවන් සමග කතාබහේ යෙදී සිටියදී නුවන් පැවසූ දෙයක් නිසාවෙන් සෙනරත්ගේ හිත මහත් කලබලයට පත් විය..

" අපිට උගන්නන ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවා.. එයා මෙහේ ප්‍රසිද්ධ කෙනෙක්.. ඒත් එයාට වකුගඩු වල තියෙන ලෙඩක් නිසා මේ දවස් වල ඉන්නේ ඉස්පිරිතාලේ.. "

" ඉතින් පුතා එක හොද කරන්න බැරි ලෙඩක්ද? "

" පුළුවන් ඒත් ඒ ලේ වර්ගය ගොඩක් දුර්ලභ එකක්.. ඒ නිසා ගැලපෙන වකුගඩුවක් හොයා ගන්න ගොඩක් අමාරුයි.."

" කවුද පුතා ඒ දොස්තර මහත්තයා? "

" එයා රෝහන සේනාදීර කියලා දොස්තර කෙනෙක්.."

        සෙනරත්ගේ දෙනතට එකවරම කඳුළු උනන්නට විය.. නුවන් මේ කතාකරන්නේ මගේ ලොකු පුතා ගැන නේදැයි සෙනරත්ට තෙරුම් ගියේය.. සෙනරත්ට මේ කිසිම දෙයක් අදහාගත් නොහැකිව කල්පනා කරන්නට විය..

" ඇයි තාත්තේ කල්පනා කරන්නේ.. මොකක් හරි ප්‍රශ්ණය්ක්ද?"

" නැහැ පුතා.. මම පුතා කියපු කෙනා ගැන කල්පනා කලේ.. එයා මොන ඉස්පිරිතාලෙද ඉන්නේ? "

" මහ ඉස්පිරිතාලෙ තාත්තේ.. දැන් මාස දෙක තුනක් වෙනවා.. තව කොච්චර කල් ජීවත් වෙයිද කියන්න බැහැ.."

" සනීප කරන්න විදියක් ඇත්තෙම නැද්ද පුතා? "

" පුළුවන් තාත්තේ ඒ ලේ වර්ගෙම වකුගඩුවක් හොයාගන්න ඕන.. ඒ අය ගොඩක් මහන්සි වෙනවා.. ඒත් තාම හොයාගන්න බැරි උනා.."

        සෙනරත් ආයෙත් කල්පනාවට වැටුනත් ඒ කල්පනාව නුවන් බිද දැමුවේ සෙනරත්ගේ බස් එක ආබව පවසමින්ය..

" එහෙනම් මම ගිහින් එන්නම් පුතා.. පුතා තාත්තා එක්ක කතාකරල මට විසදුමක් දෙයි කියලා මම හිතනවා.. මගේ දුවව හොදට බලා ගන්න.."

         නුවන්ට සමුදී බසයට ගොඩවූ සෙනරත් තම ලොකු පුතා ගැන සිතන්නට විය.. ජීවිතයත් මරණයත් අතර ලොකු පුතා සටනක ඉදිද්දී සෙනරත්ට අහක බලාගෙන ඉන්නට පුළුවන් කමක් නොතිබුනි.. ලොකු පුතා තමන්ට කොතෙකුත් අකට යුතු කම් කලත් පුතා ගැන කැක්කුමක් තවමත් සෙනරත්ගේ හිතේ ඉතිරිව තිබුනි.. යාමට පිටත්වන බසයෙන් බැසගත් සෙනරත් මහ ඉස්පිරිතාලෙට යන මග අසාගෙන ලොකු පුතා බැලීමට නික්මීය..

         ඉස්පිරිතාලෙදී ලොකු පුතාගේ බිරිද සහ නෑයන් තමන්ව එලවා ගනීවිදැයි සෙනරත්ගේ හිතට සිතුනත් ඔනෑම දෙයකට මුහුන දීමේ අදිටනින් සෙනරත් රොහල වෙත පිය මැන්නේය..

         රෝහලේ විමසුම් කුටියෙන් පුතා ඉන්නා වටිටුව ගැන තොරතුරු විමසූ සෙනරත් පුතා සිටි රෝහල් කමරය වෙත ලන්වීය.. ඈතින් ඉද පුතා දෙස බලා සිටි සෙනරත් රෝහලේ වෛද්‍යවරයෙක් හමු වීය..

" දොස්තර මහත්තයෝ.. මට ආරන්චි උනා මෙහෙ ඉන්න රෝහන සෙනාදීර කියන මහත්තයට වකුගඩුවක් ඔනැයි කියලා.. මගේ ලේ ඒ මහත්තයගේ ලේ වර්ගෙට සමානයි.. මට පුළුවන් ඒ මහත්තය වෙනුවෙන් වකුගඩුවක් දෙන්න.."

       සෙනරත්ගේ කතාවට සවන්දී සිටි වෛද්‍යවරයා සෙනරත් ලගට පැමින සෙනරත් ලගින් වාඩි විය..

" අද කාලේ ඔබතුමා වගේ අය හොයා ගන්න අඩුයි.. ඉන්න මම එයාලගේ පවුලෙ අයට කතා කරන්නම්.." 

" අනේ එපා මහත්තයෝ.. එයාලට කියන්න එපා මං ගැන.. එක මහත්තයා මට කරන ලොකු උදවුවක්.." සෙනරත් බැගෑපත්ව ඉල්ලා සිටියේය..

" හොදයි මම එහෙම කරන්නම්.. සෙනරත්ට පුළුවන්ද අදම මෙහෙ නවතින්න.. දවස් දෙකකින් ගෙදර යන්න පුළුවන්.."

" හොදයි මහත්තයෝ.. මම ඉන්නම්.. හැබැයි මං ගැන ඒ මහත්තුරුන්ට කියන්න එපා.." 

           සිය ලොකු පුතා වෙනුවෙන් සෙනරත්ට කලහැකි එකම දෙය එය විය.. දෙවරක් ඒ ගැන නොසිතු සෙනරත් අපසු ගෙදර යාම අත්හැර එදින රෝහලේ නතරවිය.. වෛද්‍යවරු එදිනම සැත්කම සිදු කරන බව සෙනරත්ට පැවසීය..


යලි පියනගමු...

4 comments:

  1. තාත්තලා වචන නැ අයියේ... දුකක් දැනුනේ .. අපිට එපා කියන අයව අපිට කවමදාක හරි උවමනා වෙනවා..

    ReplyDelete
  2. ඔය තියෙන්නේ...එක දිගට...මම හිතුවේ නෑ අද එකක් දාවි කියලා...ඒත් දාලා..
    දැන් කියවන්නේ...කොමෙන්ට් කොරල :))

    ReplyDelete
  3. @ නිම්ශා : ඔව් නංගි පුතාලා තාත්තලව අත ඇරල ගියත් තාත්තලා කවදාවත් ළමයි දාලා යන්නෙ නැහැ..

    ReplyDelete
  4. @ රත්ගමයා : අද දාන්න නෙමෙයි හිතන් හිටියෙ නම්... මලයගෙ ඉල්ලිම අහක දාන්නත් බැහැනෙ....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්