Wednesday, 9 March 2011

මිනිසත්කම සොයා : සිව්වන පියවර

           සෝමවීර පැවසූ දේවල් ගැන සිතූ සෙනරත් රණවීර ආරච්චිගේ නියමයන් පරිදි වැඩ කිරීමට සිතා ගත්තේය.. ඒ තම එකම දියණියගේ අනාගතය ගැන සිතාය.. රණවීර ආරච්චිගේ බලපෑම් අතර කාලය ගෙවී ගියේය.. මේ අතර අයේශා විශ්ව ව්ද්‍යාල ප්‍රවේශයටද සුදුසු කම් ලබා ගත්තේය.. සෙනරත් අයේශා වෙනුවෙන් ප්‍රර්ථනා කල දේවල් ඒ අයුරින්ම ඉටු වන බව සෙනරත්ට දැනුනි..

" මම තාත්තව මෙහෙ තනි කරලා කොහොමද බෝඩිමක නවතින්නේ.. හදිස්සියකදි කවුද තාත්තව බලා ගන්නේ? "  

         අවස්තාවාදී මිනිසුන් අතරේ තාත්තා තනිකර දමා යාමට අයේශාට සිත් නොදුනි.. තාත්තට කරදරයක් වේ යැයි බියක් අයේශාට තිබුනි..

" මං ගැන බය වෙන්න එපා දරුවෝ.. ඔයා ඔයාගේ අනාගතය ගැන හිතන්න.." 

            අයේශාව සැනසූ සෙනරත් ඇයව බෝඩිමේ නතර වීමට කැමති කර ගත්තේය.. අයේශා වෙනම ජීවත් වීම සෙනරත්ට දරාගත් නොහැකි උනත් සෙනරත් ඒ තීරණයට එලබුනේ අයේශාගේ ආරක්ශාව ගැනද සිතාය.. 

         කාලය කෙමෙන් නික්ම යද්දී සියල්ල තමා පැතු ලෙසම ඉටුවෙනවයි සිහින දුටු සෙනරත් හමුවීමට දිනක් සෝමවීර පැමිනෙන්න්නේ සෙනරත් කිසිවිටෙක බලා පොරොත්තු නොවූ ආරන්චියක්ද අරගෙනය.. 

" අප්පු මේක අහලා කලබල වෙන්න එපා.. මම හිතන්නේ අයේශා දුව රණවීර ආරච්චිගෙ බාල පුතා එක්ක සම්බන්දයක් තියෙනවා.. මම කොළඹ ගිය වෙලේ දවස් දෙක තුනක්ම දෙන්නවම දැක්කා.." 

        බලාපොරොත්තු නොවූ වෙලාවක සෝමවීර ගෙනා ආරන්ච්යෙන්  සෙනරත්  කලබලයට පත් උනේය.. 

" හැබැයි අප්පු ඔය නුවන් පුතා නම් තාත්තා වගේ නෙමෙයි.. හොද ගතිගුණ තියෙන ළමයා.. හැබැයි ඉතින් මේවා ආරච්චියගෙ කනට ගියොත් මොනවයින් මොනව වෙයිද දන්නැහැ.."

          සෙනරත්ට සමුදී සෝමවීර නික්ම ගියපසු සෙනරත් දිගු කල්පනාවකට වැටුනේය.. අයේශා දැන් හොද නරක තේරුම් ගත හැකි වයසේ සිටින්නියකි.. එනිසා ඇයට මේ ගැන තේරුම් කර දීම පළමුවෙන්ම කල යුතු දෙය යැයි සෙනරත් සිතුවේය.. හැම දෙයකදීම ඇගේ කැමැත්තට සෙනරත් ඉඩ දුන්නත් රණවීර ආරච්චිලා ගැන සෙනරත් හොදින්ම දන්නා නිසා ඇගේ කැමැත්තට මෙවර ඉඩ දීමට සෙනරත්ට නොහැකිය.. නමුත් ඇගේ සිත නොරිදෙන අයුරින් මේ ගැන ඇයට තේරුම කර දීමට සිතූ සෙනරත් ඇයට සති අන්තයේ ගෙදර එනමෙන් පවසා ලිපියක් යැවීය..

            හදිසියේම ගෙදර එන මෙන් පවසා ලැබුන ලිපියෙන් තාත්තාට කරදරයක්දැයි සිතූ අයේශා සති අන්තයටත් පෙරම තාත්තා සොයා ආවාය..

" තාත්තගේ ලියුම දැක්කම මම හිතුවේ තාත්තට කරදරයක් කියලා.." ගෙදරට ගොඩවෙත්ම අයේශා පැවසීය..

" දුවට දැන් මහන්සි ඇතිනේ.. මම දුවට තේ එකක් හදන් එන්නම්.. අපි හිමීට කතා කරමු.." අයේශාගේ හිස අතගාමින් සෙනරත් පැවසුවේය..

        අයේශා සමග විශ්ව විද්‍යාලයේ වැඩ කටයුතු ගැන ටික වෙලාවක් කතා කරමින් සිටි සෙනරත් නුවන් පිළිබදව ඇගෙන් විමසීය..

" දුවට කැම්පස් එකෙ කාත් එක්ක හරි සම්බන්දයක් තියෙනවද? "

    කලබලයට පත්වු අයේශා කුමක් කියන්නදැයි සිතාගත නොහැකි විය..

" මම මේ... තාත්තට කියන්නමයි හිටියේ.." ඇය කොදුරන්නට විය..

" ඔවු කියන්න දුවේ.." සෙනරත් ආදරයෙන් පැවසීය..

         අයේශා නුවන් ගැන හැම විස්තරක්ම තාත්තට කීවාය.. මුලින්ම ඇගේ හිතේ නුවන් ගැන ආදරයක් ඇති නොවුනත් ඔහුගේ තිබුන හොද ගති ගුණ නිසා ඔහු ගැන හිතේ ආදරයක් ඇති වූ අයුරු අයේශා තාත්තට විස්තර කලාය..

        අයේශා කියූ දෙවල් නිහඩවම අසා සිටි සෙනරත් අවසානගේ ඇගෙන් මෙසේ විමසීය..

" දුව දන්නවද නුවන් කියන්නේ රණවීර ආරච්චිගේ පුතෙක් කියලා? "

මද වේලාවක් නිහඩව සිටි ඇය " ඔවු තාත්තේ " යැයි සෙමින් පැවසීය..

        සෙනරත් අයේශාට ආදරයෙන් සියළු දේ පැහැදිළි කර දුන්නේය.. රණවීර මේවා දැනගත්තොත් සෙනරත්ටත වඩා අයේශාට ඇතිවිය හැකි බලපෑම් සෙනරත් අයේශාට පැහැදිළි කර දුන්නේය..

" තාත්තා කියන දේ මට තේරෙනවා.. මම තාත්තා කැමති විදිහක් කරන්නම්.." දෑසින් වැටෙන කදුළු පිසදමමින් පැවසූ අයේශා ඇගේ කාමරයට වැදුනේය..

         අයේශා සමග මේ ගැන කතා කිරීමට සෙනරත් සිත දැඩි කර ගෙන සිටියද ඇගේ කඳුළු සෙනරත්ගේ හිතට මහා බරක් විය.. කරන්නේ කුමක් දැයි සිතාගත නොහැකිව සෙනරත් කල්පනාවට වැටුනේය..


යලි පියනගමු...

4 comments:

  1. නවත්තන්න බෑ කියල දුව රණ්ඩු කරා නම් බලෙන් හරි නවත්තන්න තිබුණා. ඒත් මෙහෙම කියද්දි ඇත්තටම තාත්තා අපහසුතාවයට පත් වෙනව නේද

    ReplyDelete
  2. @ පිණි බිදු : ඔව් අක්කේ.. එහෙම කියද්දි කොහොමද බලපෑම් කරන්නේ...

    ReplyDelete
  3. @ නිම්ශා : ස්තුතියි හැමදාම වගේම...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්