Friday, 4 March 2011

මිනිසත්කම සොයා : දෙවන පියවර

               සෙනරත් තමන් දන්න කියන හැම කෙනෙක්ගෙන්ම දුරස් වෙලා ඈතක පදින්ච්යට ආවේ කලකිරුනු ජීවිතයෙන් ඈත් වෙලා එකම දියණියට හොද අනාගතයක් සෑදිමේ එකම බලාපොරොත්තුව අරගෙන.. නිස්කලන්කව ගමෙන් හුදෙකලා වූ පැත්තක සෙනරත්ගේ නිවස පිහිටි නිසාවෙන් ගමේ වැඩි දෙනෙක් සමග ඇසුරක් සෙනරත්ට නොතිබුනේය..

                අළුත් ගමේ බලවතා විදිහට හිටපු රණවීර ආරච්චිගේ කනට මේ අළුතෙන් ගමට ආපු අමුත්තා ගැන තොරතුරු යන්න ගත වෙන්නේ වැඩි කාලයක් නෙමෙයි.. රණවීර ආරච්චිගේ බලයට එරෙහි වන්නට තරම් හැකියාවක් තිබුනු එකම පිරිමියෙක්වත් ඒ ගමේ නොසිටියේය.. අළුතෙන් ගමට ආපු සෙනරත්ටත් රණවීර ආරච්චිගේ වළවුවට පැමිනෙනෙ ලෙස පණිවිඩ එන්නට පටන් ගත්තත් සෙනරත් ඔහු හමුවීමට ගියේ නැත.. ඒ රණවීර ගැන සෙනරත් දැන නොසිටි නිසාවෙනි..

           කුඹුරේ වැඩ කරමින් සිටින සෙනරත්ට දිනක් ඈතින් එන ආගන්තුකයින් කීප දෙනෙක් ඇස ගැටුනි.. සෙනරත් සිටි තැනට කිට්ටු වු අමුත්තෙක් රළු කටහඩකින් සෙනෙරත් ඇමතුවේය...

" උඹද සෙනෙරත් කියන්නේ?? " කතා කල විදිහෙන්ම ඔහු  ගමේ බලවත් කෙනෙක් විය හැකියැයි සිතු සෙනරත් යටහත්ව ඊට පිළිතුරු දුන්නේය..

" ඔව් සෙනරත් කියන්නේ මම.. ඔබ තුමා කවුද?? "

" මේ රණවීර ආරච්චි.. උඹ තාම ඒකවත් දන්නැද්ද?? " ඔහු සමග පැමිණි අයෙක් උස් හඩින් පැවසීය.. 

" මම උඹට එන්න කියලා පණිවිඩ කීයක් එවුවද.. මොකද උඹ ආවෙ නැත්තේ.. උඹෙ කකුල් දෙක ලගට මම එනකම්ම බලන් හිටියද?? " රණවීර ආරච්ච් සෙනරත්ගෙන් විමසුවේය..

" එහෙම දෙයක් නෙමෙයි ආරච්චි මහත්තයෝ.. මම එන්නයි හිටියේ.." සෙනරත් පිළිතුරු දුන්නේය..

" මම උඹට එන්න කිවුවේ අනිත් හැමෝටම වගේ උඹටත් මේ දේ කියයන්න.. මේ ගමේ කුඹුරු කරන අනිත් හැම එවුන්ම අස්වැන්නෙන් තුනෙන් පන්ගුවක් එවන්නේ වළවුවට.. උඹටත් ඒ විදිහටම කරන්න වේවි.."

            රණවීර ආරච්ච්ගේ ඒ නියෝගය සෙනරත්ට දැරිය නොහැක්කක් විය.. තමාට දැන් හිමි එකම ආදායම් මාර්ගය මෙය පමණක් වීම නිසා සෙනරත්ට ඊට එකග වීමට නොහැක.. 

" ආරච්චි මහත්තයෝ.. මට ජීවිතේ ගැට ගහගන්න තියෙන්නේ මේ කුඹුර විතරයි.. ඒනිසා පුළුවන්නම් මට සහනයක් දෙන්න.." සෙනරත් බැගෑපත්ව ඉල්ලා සිටියේය..

" උඹලා හැමෝම කියන්නේ එකම දේ.. මට ඒවයින් වැඩක් නැහැ.. මේ ගමේ යහතින් ඉන්න ඕනනම් මම කියන විදිහට වැඩ කෙරෙන්න ඕන.." 

           සෙනරත්ගේ ඉල්ලීමට එසේ පිළිතුරු දුන් රණවීර තම සගයින් සමග පිටවී ගියේය.. 

           ඉතිරිව තිබු හැම සතයක්ම මේ ඉඩම මිලදී ගැනීමට වියදම් කල සෙනරත්ට තම එකම දියණියගේ අධ්‍යාපන කටයුතු වලට වියදම් කිරීමටද සිදු උනේ අස්වනු විකුණා ලැබෙන මුදලිනි.. ඒත් අස්වැන්නෙන් කොටසක් ආරච්චිට පුද කර සෙනරත් ජීවිතය ගෙනියන්නේ කොහොමදැයි සිතන්නට විය..


යලි පියනගමු..

8 comments:

  1. ලියවෙන වේගේ නම් හොදයි...එක දිගට දාන නිසා ටච් එකේ ඉන්න පුලුවන්...ජය වේවා

    ReplyDelete
  2. යකෝ පොලිසි යන්ඩ එපැ.. යකාගෙ ආ‍න්ඩුවක්නේ මේක :D

    ReplyDelete
  3. මාර අරච්චියෙක්නේ....බලමුකෝ ඉස්සරාහට මොකද වෙන්නේ කියල ;)

    ReplyDelete
  4. @ රත්ගමයා : ඔවු කතාව ලොකු විරාමයන් අතරමැද නැතිව ලියන එක මටත් පහසුවක්...

    ReplyDelete
  5. @ කණියා : සල්ලි බලෙන් මිනිස්සු යට කරන් ඉන්න සමහරුන්ට නිතියෙන් වැඩක් තියේවිද??

    ReplyDelete
  6. @ dishanrajapaksha : ඔවු අහින්සක මිනිස්සු ඉස්සරහා තානාන්තර අයුතු විදිහට පාවිච්චි කරන අයත් ඉන්නවනේ...

    ReplyDelete
  7. මාර මනුස්සෙක් නේ ඒ... ඔක කියලා යනකම් බලන් ඉන්න එකේ දෙන්න තිබ්බේ ඩොං ගලා ආයේ තුනේ පන්ගු ඉල්ලන්න අවොත්

    ReplyDelete
  8. නිම්ශා එහෙම කිව්වට මේ වයසක මනුස්සයා කොහොමද එහෙම දෙයක් කරන්නේ??

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්