Monday, 28 February 2011

මම එන්නම්




සිත් අහස මගෙ නුඹ වී නම්
සද එළිය වී මම පායා එන්නම්
ආදරේ සුවද නුඹ හදවතට ගෙනෙයිනම්
සෙනෙහෙන් සැමදා නුඹ ලගම ඉන්නම්.

අහස් ගැබ තරු පායා දිලෙයිනම්
සුළග වී වළාරොද වෙනතක යවන්නම්
නුඹ මගේම වී ලගින් හිදියිනම්
සුසුම් රැල් හදවතින් මකන්නම්.

සිහින අතර නුඹ මගෙ මාලිගා තනයිනම්
දෑස් පියාගෙන මම ඒ හීනයේ රැදෙන්නම්
නෙතු අග කඳුළක් වී නුඹ සැලේනම්
බොදවූ සිහින හදවතින් මකන්නම්.

5 comments:

  1. ලස්සනයි අයියා

    ReplyDelete
  2. @ නිම්ශා : ස්තුතියි නංගියො.........

    ReplyDelete
  3. වර්ණ දෙස නොව
    කළු සහ සුදු දෙස
    බැලීමි
    අවර්ණික
    කඳුළක්
    අවර්ණික
    අහස
    පාට කරනු
    පමණක් දුටුවෙමි.
    මං කුරවි කිරිල්ලී

    ReplyDelete
  4. අවර්ණික අහසට
    අවර්ණික කඳුළක් වැටී
    වර්ණාවලියක් මැවෙද්දී
    මොහොතකින්
    මැකීයන
    ඒ දේදුන්න
    මෙසේ මට ද
    දක්නට ලැබිණ
    මං කුරවි කිරිල්ලී

    ReplyDelete
  5. අවර්ණික අහසට
    අවර්ණික කඳුළක් වැටී
    වර්ණාවලියක් මැවෙද්දී
    මොහොතකින්
    මැකීයන
    ඒ දේදුන්න
    මෙසේ මට ද
    දක්නට ලැබිණ
    මං කුරවි කිරිල්ලී

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්