Friday, 25 February 2011

මිතුදම..

           අපේ ජීවිත වල බැදීම් හරිම පුදුමාකාරයි.. සමහර වෙලාවට ඒ කෙනා අපිට ඒ තරමටම වටින්නේ ඇයි කියලා හිතා ගන්නත් අමාරුයි.. ඒ මම හිතන විදිහට ඒ මතකය අපේ හිතේ හැමදාටම රැදිලා තියෙන නිසා වෙන්න ඇති..

             මම මේ කියන්න හදන්නෙත් එහෙම කෙනෙක් ගැන.. ඒ මගේ හොදම යාළුවා මලින්ද.. අපි මුණ ගැහුනේ ඉස්කෝලේ 8 පන්තියෙදි විතර.. හැබැයි ඒ ඉස්කෝලෙදි නම් නෙමෙයි.. අපි ඒ කාලේ අපේ පදින්චිය වෙනස් කරල යන්නේ මම මේ කියන්න හදන යාළුවාගේ ගෙවල් ආසන්නයට.. ආසන්නයට කිව්වේ ගෙවල් දෙකක් විතර එහායින්.. 

           ඒ දවස් වල පාරේ බයිසිකල් පදින කොට තමයි මට මේ යාළුවා මුණ ගැහුනේ.. මුලදිම ඒ තරම් ලොකු යාළුකමක් නොතිබුනත් අපි   O/L ලියන කාලේ වෙනකොට අපි අතරේ ලොකු බැදීමක් ඇති උනා.. මලින්දලගේ ගෙදරත් මට අපේම ගෙදර වගේ උනා.. රැයක් දවාලක් නැහැ කොයි වෙලෙත් අපේ වැඩේ කම්පුටර් ගෙම්ස් ගහන එක.. අපේ ගෙදරිනුත් මලින්දට මට වගේම සැලකුවා.. ඒ කියන්නේ ආදරය වගේම බැනුනුත් එක්කම.. 

                 O/L ලියනකොට පාඩම් කරන්න අපි වැඩි හරියක්  එකතු උනේ අපේ ගෙදරට.. ඒ වෙනකොට මලින්දට කෙල්ලෙක් සෙට් වෙලයි හිටියේ.. හැමදාම හවසට ඔළුවට ගියේ පොත් පත් වල දේවල් වලටත් වඩා ඒ ආදර කතාවේ රසමුසු සිදුවීම්.. 

                 ඒකත් ඒ දවස් වල හරි පුදුම ලව් ස්ටොරියක් තමයි.. තිබුනේ නැති ප්‍රශ්ණයක් නැහැ.. මලින්දලගේ අම්මා උනත් ඒ ගැන මලින්දගෙන් අහන්නත් කලින් කොල් කරලා මගෙනුයි විස්තර ඇහුවේ.. ඒ ඒ තරමටම තිබුන විශ්වාසය නිසා.. මමත් ඒ දවස් වල කවි ලියන්න ගොඩක් ආසයි.. ලියන්න පටන් ගත්තුම කාලේ විතර.. ඉතින් ඒ ආදර කතාව අහන් ඉදලා කවියක් ලිවුවම අපේ පාඩම් කිරීමත් එතනින්ම ඉවර වෙනවා.. 

                මම පූජාට ආදරේ කරන දවස් වල උනත් මගේ හිතේ තිබුන හැම දෙයක්ම මම කතා කලේ මලින්දත් එක්ක.. මගේ ආදරයට ආදරයෙන් පොස්ට් එක කියෙව්වට පස්සෙත් මට කතා කරලා කිවුවේ අපි ඒ දවස් වල  කතා කරපු දේවල් ගැන..  මම පූජාට ආදරේ කරනවා කියල කිව්වම මලින්ද මට කියපු දේවල් මට එදා වගේම අදත් මතකයි.. එදා මට ඒ ලැබුන උදව් මගේ ජීවිතෙන් කවමදාකවත්ම අමතක වේවි කියල මම හිතන්නේ නැහැ..

               අපි ඒ දවස් වල මහ රෑ වෙනකන් ගේට්ටුව ලගට වෙලා අපේ  ප්‍රශ්ණ කතා කර කර හිටියා.. මම හැමදාම මලින්දට කිව්වේ මචන් උඹ මගේ යාළුවෙක් නෙමෙයි මගේ නිවුන් සහෝදරයෙක් කියලා.. ඒ අපි අතර තිබුනේ පැය කිහිපයක වයස් පරතරයක් නිසා.. ඊටත් වැඩියම නිවුන්නුන්ට වගේ අපිට සතුටු හිතෙන දෙවල් උනෙත් දුක් හිතෙන දේවල් උනෙත් එකටම වගේ.. ඒකත් හරි පුදුමාකාර දෙයක්..

              කොහොම උනත් අපේ ඒ වගේ මතක දැන් අවුරුදු 3 වෙලේ ඉදන් නැවතිලා.. ඒ මම ඉතාලියට ආවයින් පස්සේ.. අපි හැමදාම මැසේජ් කලත් කතා කලත් ඒ එක දවසක්වත් හිතට අර ඉස්සර වගේ රෑ වෙනකන් පාරට වෙලා කතා කරනවා වගේ දැනිලා නැහැ.. පහුගිය අවුරුදු 3 අපේ ජීවිත සැහෙන්න වෙනස් කලා.. අපේ ජිවිත දැන් නැවතිලා තියෙන තැන් බැලුවම වෙලාවකට මේ ඉස්සර හිටපු අපිමද කියලා හිතෙන වාර අනන්තයි..

            මගේ ජීවිතේ මට හමු උන හොදම යාළුවා මලින්ද.. ජීවිතේ ඔනම කරන හැම වෙලාවකම හෙවනැල්ලක් වගේ මගේ ලගින් ඉදපු එකම ලේ නොවුනත් හදවතින් පිළිගත් මගේ සහෝදරයා.. අපි අද ඈතක වෙනදා වගේ එකට මුන නොගැහුනත් මේ මිතුදම හැමදාම හදවතේ තැනක නොවෙනස්ව තියේවී..


ජීවිතයේ සොඳුරුම තැන්හිදී
සිනා සුන අප
දුක්බර මොහොතෙදීත් 
කදුළු බෙදාගත්තා සමලෙස..
තනිකමින් ගෙවෙන මේ 
දිනයන්හි මගේ
විටකදි නැගෙන සිතුවිල්ලක
හදවතට දැනුනමුත්
අපි අපෙන් දුරක බව
හැරදමා නොයමි මම
මේ මිතුදම
දන්නා නිසා 
අවැසි බව
මිත්‍රත්වයේ දෑත
හැමදාටම
අප දෙදෙනාට...


5 comments:

  1. ඔහොම යාලුවෝ අඩුයි අය්යේ....හිත තාමත් ඒ බැදීම හොයන්නේ ඇත්තටම යාලුකමක් තිබුන නිසා තමයි

    ReplyDelete
  2. මටත් ඉන්නවා එහෙම හිත ලගම ඉන්න යාලුවෝ දෙන්නෙක්ම සහොදරියෝ වගේ... තවත් ටික දෙනෙක් ලගින්ම ඉන්නවා..හිතුවක්කාරි ට යාලුවන්ගේ අඩු පාඩු නැති ලොකයක් හන්දා යාලුවන්ව හුගාක් වටිනවා...අදටත් ඒ මිතුරුකම් තියෙනවා..

    ඔයා ඔය දාලා තියෙන පික් එක අයියා මමයි මගේ යාලුවගේයි කරේ තියන පෙන්ඩන්ට් එක..මම හුගාක් ආදරේ කරන මතකයක්...

    කොහොම උනත් අදයි දන්නේ අයියාත් ඉතාලි කියලා..

    ReplyDelete
  3. @ රත්ගමයා : ඔව් මල්ලියේ... ජීවිතේට ඒ වගේ හොද යාළුවෝ හමු වෙන්නේ ගොඩක් අඩුවෙන්...

    ReplyDelete
  4. @ නිම්ශා නංගි : ඈත්ත ගොඩක් වෙලාටවට ඈත් වෙලා ඉන්නකොට යාළුකම් අඩු වෙනවා.. එහෙම නොවෙන්නෙ හොද යාළුකම් විතරයි..
    හිතුවක්කාරිත් ඉතාලියෙ ඉන්නවා කියලා මම දැනන් හිටියෙ නැහැනෙ...

    ReplyDelete
  5. හුඟක් තදින් සිතට දැනුණා මේ ලිපිය. මගේ හොඳම යාලුවො දෙන්නත් අද ඉන්නෙ දුරු රටවල.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්