Tuesday, 22 February 2011

ආදරයට ආදරෙයෙන් : නවවැනි කොටස

         පූජාගේ මව අසංගට හිතේ තියෙන බලාපොරොත්තුව අත්හැර ගන්න කියන්නේ ඇයිදැයි අසංගට හිතාගන්නට නොහැකි විය.. අසංග පූජාගේ මවට ඒ ඇයිදැයි පවසන මෙන් අයාචනා කර සිටි නිසා පූජාගේ මවටද එය අසංගට නොපවසා ඉදීමට නොහැකි විය.. 

" හොදයි පුතා මම ඔයාට ඇත්ත කියන්නම්.." පූජාගේ මව අසංගට පැවසීය.. එහෙත් කිසිවක් පැවසීමට මත්තෙන් පූජාගේ මවගේ දෑස් වල කදුළු පිරෙනු අසංග දුටුවේය..

" අපේ දුව ඔය ළමයට ආදරේ කරනවනම් මම කැමතියි.. ඔය දරුවා මගේ දුවට කොයිතරම් ආදරෙයිද කියලා පූජා මට කිවුවා.. ඒත් පුතේ.." පූජාගේ මව කතා කරගැනීමට නොහැකිව හඩනු අසංගට දිස්ව්ය..

       පූජාගේ අම්මා ලගට ගිය අසංග ඇගේ දෑතින් අල්ලාගෙන හිත සැනසෙන අයුරින් ඇයට කතා කලේය..

" අම්මා දුක් වෙන්නේ මොකක් හරි ලොකු හේතුවකට වෙන්න ඇති.. ඒත් මම පූජාට ගොඩක් ආදරේ කරනවා.. ඒ හේතුව දැනගන්න මම කැමතියි"

    ටික වේලාවක් හඬමින් සිටි ඇය සෙමින් සිය හඩ අවදි කලාය..

" ඔයා එයාට ගොඩක් ආදරේ කරන බව මම දන්නවා.. ඒත් පූජා ඉන්නේ මරණයත් එක්ක සටනක.. එයාට පිළිකාවක්.." 

          අසංගට ඉන් එහාට ඇය පැවසූ කිසිම දෙයක් සවනේ රැදුනේ නැත.. ඇතින් හිද ශෙහාරා හඩනු අසංග සිහිනයෙන් වගේ දුටුවේය.. අසංගට එකදු වචනයක්වත් කතාකර ගැනීමට නොහැකී විය..

" ඔය දෙන්නට එක් වෙන්න විදිහක් නැහැ.. එක පූජාගේ දෛවය වෙන්න ඇති.." 

        පූජාගේ මව අසංගට එසේ පවසද්දී අසංග ඇයගෙන් එකම එක ඉල්ලීමක් පමණක් ඉල්ලා සිටියේය..

" මට පූජා එක්ක ටිකක් කතා කරන්න දෙන්න.. මම අම්මාගෙන් ඉල්ලන්නේ එච්චරයි.." 

      අසංගගේ දෙනෙතින් වැටෙමින් තිබුන කදුළු දුටු ඇය එයට ඉඩ ලබා දුනී..

" එයා කාමරේ ඇති.. පුතා ගිහින් කතා කරන්න.."

       අසංගත් එක්ක යන්න ශෙහාරත් සූදානම් උනත් අසංග ඇයව නවත්වා තනියමම පූජා මුන ගැසීමට ඇගේ කාමරය වෙත ගියේය..

       පූජා දෙනෙත් වල කදුළු පුරවාගෙන සිටිනු දුටු අසංගගේ හිත තව තවත් හඬන්නට විය.. පූජා ලගට පැමින් අසංග ඇගේ දෑතින් අල්ලාගෙන ඇගේ කදුළු බිදු වසන් කරන්න උත්සාහ කරන දෑස දෙස බලා සිටියේය..

        අසංගගේ හිත වෙන කවදාවත්ම නැති විදිහට මහා හයියෙන් හැඩුවත් අසංග කදුළු වසන් කරගෙන ලොකු උත්සාහයක් දරමින් සිටියේය..

" පූජා මම ඔයාට ආදරේ කරන්න පටන් ගත්තේ මේ කිසිම දෙයක් දැන ගෙන නෙමෙයි.. ඒ නිසා මට ඒ කිසිම දෙයකින් වඩක් නැහැ.. මට ඔයා ලගින් ආදෙරෙන් ඉන්න දෙන්න.. මට ඔයාට ආදරේ කරන්න එක දවසක් හරි දෙන්න.." 

        වසන් කර ගන්න උත්සාහ කරපූ අසංගගේ කදුළු එකින් එක අසංගගේ දෑස් වලින් කඩා හැලෙන්නට විය..

          අසංගගේ කදුළු පිසදාන්න පූජා කොතරම් උත්සාහ කලත් අසංගට හිතේ වේදනාව සගවා ගන්නට නොහැකි විය.. කදුළු පිරුන දෙනෙතින්ම අසංගගේ පපුවට තුරුළු උන පූජා අසංගගේ පපුවේ හිස තබාගෙන හඩන්නට විය..

        පූජාගේ කදුළු අසංගගේ හිතට මහා බරක් විය.. ඇයට ආයෙත් කෙදිනකවත් හඬන්නට ඉඩ නොදෙන බව අසංග සිතා ගත්තේය..

" අද ඔය කදුළු ඉවර වෙනකන් අඬන්න.. අදින් පස්සේ මම ඔයාට අඬන්න ඉඩ තියන්නේ නැහැ.." 


මතු සම්බන්දයි..

2 comments:

  1. මේකේ අවසානය දුක් කරන්න එපා අයියේ....ඒත් ඇත්ත කතාවක් නිසා මොනව වෙයිද දන්නේ නෑ නේ

    ReplyDelete
  2. අවසානය දුකක් රත්ගමයෝ...
    මෙතුවක් කල් කිසිම පොස්ට් එකකට මගේ ඇස් වලට කදුලු උනලා නැ..එත් මෙකේ අවසානේ මම දන්න හන්දා මහා කියගන්න බැරි දෙයක් දැනුනා..

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්