Monday, 21 February 2011

ආදරයට ආදරෙයෙන් : අටවැනි කොටස

       අසංගගේ ජීවිතේ පළවෙනි ආදරය කියා ගන්නත් පෙර සිටම අසංගට ගෙනා සිත් තැවුල් අපමණය.. ඒ එකක්වත් අසංගට පූජාගෙන් ලැබුන කඳුළු නොවුනත් පූජාට ආදරේ කරන්න පටන්ගත් දින සිටම අසංගට හිමි වුයේ කදුළුය..

          මුලින්ම ඇගේ අසරණ කම ගැන සිතින් දුක් උන අසංග, ඇයව මුන නොගැහීම නිසා සිතින් හැඩූ දින අපමනය.. දැන් අසංගට පූජා මුන ගැහුනත් හිතේ සිරවුන ආදරය ඇයට කියූ දින සිටම ඈ තුලින් අසංග දුටු වෙනස අසංගගේ හිතට කරදර කරන්න පටන් ගත්තේ අසංග ආදරය පැවසූ මොහොතේ සිටය..

         පූජා මේ වෙනකනුත් අසංගට පිළිතුරක් දී නොතිබූ නිසා ශෙහාරාද පූජාගෙන මේ ගැන විමසීමට අමතක නොකලාය.. එහෙත් ඒ කිසිම විටක ඇගෙන් පිළිතුරක් නොලැබුනි..

          අසංගත් සුපුරුදු ලෙසම හැන්දෑවේ පූජා මුන ගැහුනත් ඒ එකදු දිනයකවත් අසංගට ඇගෙන් පිළිතුරක් නොලැබුනි.. 

" ඔයාගෙන් උත්තරයක් ලැබෙනකන් මම තාමත් බලන් ඉන්නවා.. අකමැතිනම් ඒක මට කියන්න.. මම ඔයාගෙන් එකට හේතු කවදාවත්ම අහන්නේ නැහැ.." අසංග පූජා මුන ගැසුන අවසන් දිනයේ පූජාට සමු දෙමින් පැවසීය..

        පූජාගෙන් පිළිතුරක් බලා පොරොත්තුවෙන් උන් අසංග දිනක් හදිසියේම ශෙහාරාගෙන් ඇමතුමක් ලැබුනේ ඉක්මනින්ම තමන් හමු වීමට පැමිනෙන ලෙස  දන්වමින්ය.. 

" අසංග අයියේ ඔයාට පූජාගෙ ගෙදර යන්න වෙනවා" අසංග මුන ගැසුන ශෙහාරා අසංගට පවසා සිටියේය..

" ඇයි ඒ"

" දන්නේ නැහැ.. පූජා මේ හැමදෙයක්ම එයාගේ අම්මා එක්ක කියලා.. අම්මා තමයි මට කතා කරලා කිව්වේ ඔයාට එන්න කියන්න කියලා" ශෙහාරා අසංගට පැවසීය..

      ටික වෙලාවක් කල්පනා කර  " හරි අපි යමු "යි පැවසු  අසංග ශෙහරත් එක්කම පූජාගේ නිවසට පැමිනියේය..

        අසංගව දුටු පූජා තරමක් පුදුම වූ බවක පෙන්නුවත් වෙනදා වගේම ආදරයෙන් අසංගව පිළිගත් පූජා නිවෙස තුලට අසංගත් ශෙහාරත් කැදවාගෙන ගියේය..

     අසංග සිටි තැනට ඇගේ මව කැදවාගෙන ආ පූජා කඳුළු පිරි දෙනෙතින් අසංග දෙස බලා නික්මී යන විට කුමක් හෝ තමා බලාපොරොත්තු නොවන දෙයක් සිදුවේවියි අසංගට සිතුනි..

" පුතා වෙන්න ඇති අසංග කියන්නේ? " පූජාගේ මව කතාවට මුල පිරුවාය..

" ඔව් " අසංග පැවසුවේය..

" අපේ දුව මට සිද්ද උන හැම දෙයක්ම කිව්වා.. ඒත් පුතේ මේ ගැන ඒතරම් බලාපොරොත්තු තියන්න එපා.."  පූජාගේ මව අසංගට පවසා සිටියාය..

        පවසන්නේ කුමක්දැයි අවභෝදයක් නොතිබුන අසංග පූජා අහිමි කර ගැනීමට අකමැති නිසා සෙමින් සිය හඩ අවදි කලේය..

" අම්මේ මම පූජාට ආදරෙයි.. ඒ එයා ගැන හැම දේම දැනගෙන.. ඒක පුජා ගැන ඇති උන අනුකම්පාවක් නෙමෙයී.. එයාගැන මම ශෙහාරාගෙන්  විස්තර දැනගන්නත් ඉස්සෙල්ලයි මම එයාට ආදරේ කලේ.."

      අසංග හිතේ ආවේගයෙන් කතා කරන බව පූජාගේ අම්මට දැනුනත් ඇය යලිත් පවසා සිටියේ කලින් පැවසූ දෙයමය..

" අඩුම ගානේ මට ඒ ඇයි කියලවත් කියන්න.. මම පූජාට පොරොන්දු උනා එයා අකමැතියි කිව්වොත් එකට එයාගෙන් හේතු අහන්නේ නැහැ කියලා.. ඒත් මට අම්මා පුළුවන්නම් කියන්න ඒ ඇයි කියන එක.. මම මගේ ආදරය හිතේ තියාගෙන මෙතනින් පිට වෙලා යන්නම්.. " 

  ටික වේලාවක් කල්පනා කල පූජාගේ අම්මා..

" හොදයි මම කියන්නම්.. හැබැයි එක ඔය ළමයට දරාගන්න පුළුවන් වෙයිද දන්නෑ.." 


මතු සම්බන්දයි..

3 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම්...දරාගන්න බැරි වෙයි

    ReplyDelete
  2. අදනේ දිනේශ් අයියාගේ පැලට ගොඩ උනේ...ඔක්කොම ටික කියවන්න ඔනා.. :)

    ReplyDelete
  3. ඔව් දරා ගන්න බැරි වෙවි..එකහුස්මට ඔක්කොම ටික කියවන් ගියා...හරි ලස්සනයි අයියේ...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්