Wednesday, 16 February 2011

සුරංගනාවියේ




වලාකුළු අහැරෙයි
නිල් අහස මත සද දිය වැතිරෙයි
සීතල නෙත් පියන් හැර 
මම සදට අත වනමි..
පුර සද නිවේ
වනමල් පවා පළුවේ දිය රෑලි අතර
පොඩි පට්ටම් වන කට්ට කරුවලක
එන හින් මල් සුවද මසිත පාරයි..
සිත අතුලේ කොහෙදෝ තැනක
සිතුවිලි ගිණිගත් විරාමයක
සුලං කපොල්ලක තනිවු බටිත්තියක් ගයන
දුක් ගීය මට ඇසේ..
හිරු නිවෙන තරු වෙරළක
සුරංගනාවියේ
ඔබ තමත් මා එනු බලා හිදිතැයි මට සිතේ..
දුකම තැවරු ආදරෙ වැහි කඩා හැලෙන
කදු ඉහත්තවේ රටා වැටුණු
මල් මල් සළුවට මුවා වි 
ඔබ හිනැහුනා ඔබ නොදනී..
රත්තරන් පපුවට හිස තබා කොදුරා
මා කී අදරේ දුක් කතා අසා උන් ඔබ
නිම් වලල්ලෙන් දුරකට ඇදි යද්දී,
සුලගක් සේ
මසිත ඔබ පසුපස ආවා ඔබ නොදනී..
අදරණීය ආදරියේ
අනේ ඔබ නොදන්නා
මගෙ හිතෙ දුක් ගින්දර
ඔබ සිහිනයකින් හො දුටුවානම්.....

No comments:

Post a Comment

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්