Monday, 14 February 2011

ආදරයට ආදරෙයෙන් : සිව්වැනි කොටස

             යාළුවන්ගෙන් වෙන්වී අසංග නිවෙස කරා ආවත් අසංගගේ හිතට තවමත් සවස සිදුවීම බොහෝ සෙයින් වද දෙනවා.. අසංගට ජීවිතේ කවදාවත් නොදැනුන හිත් වේදනාවක් හිතට දැනුනත් වෙනදා මෙන් හිත හදා ගන්න පුළුවන් කමක් අසංගට දැනෙන්නේ නැහැ.. අන්තිම මොහොතෙත් පූජා අසංග  එක්ක අහිංසක විදිහට හිනා විම මිරිගුවක් වගේ අසංග  ඉදිරියේ මැවෙන්න පටන් ගන්නවා..

             අසංග ගෙවල් පාරේ තියෙන වැව ලග වාඩිවෙලා කළුවර වැටෙනකන් අද උන සිදුවීම ගැන කල්පනා කරත් අසංගගේ කල්පනාව ඒ අහිංසක සිනහව ලග නතර වෙනවා හැරෙන්න අසංගට කිසිම විසදුමක් ලැබෙන්නේ නැහැ..

           වෙනදා වෙලාවට ගෙදර එන පුතා අද පරක්කු නිසා අසංගගේ තත්තා දොරකඩට වෙලා අසංග එනකන් මග බලන් ඉන්නවා.. වෙනදාට වඩා වෙනසක් පුතාගේ මුහුනේ තියෙන බව තාත්තා දුර ඉදලම දකිනවා..

    " ඇයි පුතේ අද පරක්කු උනේ.. මුකුත් ප්‍රශ්ණයක්ද? "

               අසංග එයාගේ තාත්තා එක්ක ගොඩක් විවෘතව කතා කරන කෙනෙක්.. ඒත් අසංග මේ ප්‍රශ්ණය තාත්තා එක්ක කියනවද නැද්ද කියල කල්පනා කලත් තත්තාගෙන් හරි විසදුමක් මේකට ලැබෙයි කියල අසංග  කල්පනා කරනවා..

          " ඔව් තාත්තේ " යැයි පැවසූ අසංග සිදුවූ හැම දෙයක්ම එයාගේ තාත්තට විස්තර කරනවා..

           " පුතේ, නොදැනුවත්ව හරි ඔයාලා අතින් වෙලා තියෙන්නේ ලොකු වැරැද්දක්.. ආයෙත් ඒ ළමයා මුනගැහුන වෙලාවක එයාගෙන සමාව ඉල්ලන එක ඔයාලගේ යුතුකමක්.. එතකොට පුතාගේ හිතටත් සැහැල්ලුවක් දැනේවී.. "

                 තාත්තගේ ඒ වචන ටික අසංගගේ හිතට ගේන්නේ ලොකු සතුටක්.. වෙනදා වගේම ආදරයෙන් තාත්තාව වැලද ගන්න අසංග  නිවසට ඇතුල් වෙන්නේ කියන්න බැරි තරම් සැහැල්ලුවකින්..

            රාත්‍රිය පූරාවටම පූජා ගැන නොයෙකුත් සිහින දැක්ක අසංග පහුවදා උදේම වැඩට යන්නේ බලාපොරොත්තු කන්දකුත් හිතේ තියාගෙන.. සවස 5.00 වෙනතුරු ඉවසුමක් නැතිව බලන් ඉන්න අසංග 5.00 කණිසම වදිනවත් එක්කම හැමදාම පූජා මුන ගැහුන බස් නැවතුම වෙත වේගයෙන් දිව යනවා.. 

              අසංග බලාපොරොත්තු කන්දත් පොදි බැදන් පූජා එනතුරු බොහෝ වෙලා බලන් ඉන්නවා.. එත් එදා පූජා මුනගැහෙන්න අසංග ට බැරි වෙනවා.. දින දෙක තුනක්ම පූජා එනතුරු අසංග  බලා හිටියත් ඒ එකම දවසකවත් පූජා ඒ බස් නැවතුමට එන්නේ නැහැ.. මේක අසංගගේ හිතට සෑහෙන්න බලපානවා..


මතු සම්බන්දයි..

1 comment:

  1. ලස්සන කතාවක්. ලියල තියෙන විදිහත් ලස්සනයි. අදයි ගොඩ වැදුනෙ ඉස්සෙල්ලම මේ පැත්තෙ. ඉක්මනට අනිත් කොටසත් දාන්න.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්