Wednesday, 9 February 2011

ආදරෙයි මං දිවි ඇති තුරා



කදුළු බිදු අහසේ පාවෙලා
වැස්සකට මුසුවී වෑහෙනා
මාලගටම ආයෙමත් ඇවිල්ලා
හද පාරවා නුඹ හිනැහෙනා.

කියන් මට රහසින් පැමිනිලා
නුඹ නේද ආදරේ සැමදා
හදේ ගුලීවී තව ඉන්නා
කුමරිය මා නෙත් පතනා.

ආදරේ හීනයක් වී හැඩුවා
නුඹ ගාව මා තනිකෙරුවා
සිහිනයක ඇවිදින් හද රිදවා
නුඹ ගිහින් ඈතක පියඹලා.

නෙතු ගාව සෙනෙහෙන් බැදි එදා
මතකයි කී වදන් උණුහුමේ වෙලීලා
යන්නෙ නෑ ආයෙමත් වෙන්වෙලා
කීවා මට මතකයි ලන්වෙලා.

මා මෙසේ තනි වී දුක දරා
හිදිමි නුඹ එනතුරු මගබලා
එනවනම් ආයෙත් නුඹ පියඹලා
ආදරෙයි මං දිවි ඇති තුරා..

3 comments:

  1. ඔච්චර ආදරේ නම් මග බලාගෙන ඉන්න වෙන්නේ නෑ..ඉක්මනටම ලගට එනවා අයියේ.....

    ReplyDelete
  2. ඇත්ත රත්ගමයෝ... ඒත් අපි දැන් බොහෝ දුරයි.....

    ReplyDelete
  3. හරිම ලස්සනයි මල්ලි..ඔබට ජය!

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්