Sunday, 23 January 2011

හනික එන්නම් මම




හිරු ගිලගෙන ඈත මුහුදු තෙර
රෑ කරුවලින් අහස ගිලෙද්දි
සොදුර මට නුඹට සමුදී
යා යුතුය  ජීවිත රැකුමට අපේ.

පැලේ දරුවන් රෑ අදුරට බයට
තාත්තගේ උණුසුම සොයන විට
උන්ගේ හිස අතගා හෙමිහිට
නැළවිලි ගී කියපන් තනියට.

දෙවුර රිදුම් දෙන හබල් පාරට
හිත හිරි වැටෙන රෑ සීතලට
තනිවී මම මායිමක් නොපෙනෙන
මුහුදු රැලි අතර ජීවිත සටනක.

විටෙක රළුව නැගෙන මුහුදු රළ
මගේ  දිවි ගන්න හදනවා සදහට
මරුට නොබියව සටන් වැද
පැටවුන් ලගට එන්නම් හනිකට.

ඔරු කද පිරෙන්නට හසු උනු
අස්වනු ගෙනෙයි දෙනෙතට කදුළු
හිතේ කරදර අඩුවී සිත රිද්දූ
උදා හිරු නැග එයි විදහා අරුනළු.

බඩගින්නේ හඬන පැටවුන්ගේ හඩට
වෙරළ සොයාගෙන ඔරුව පදිමි මම
රෑ විදි දුක් කදුළු විකුණා හනික
පැලට එන්නම් දැත පුරවාගෙන මම..

2 comments:

  1. ලස්සණට ලියලා තියෙනවා.නියමයි

    ReplyDelete
  2. බොහොම ස්තුතියි යාළුවා.......

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්