Tuesday, 18 January 2011

අන්ධ දියුණුව



නවෝදයේ රන් රේඛා
අහස් තලේ පායලා
ලෝකය දියුණට යන හැටි
දෑස් මානයේ දිස් වෙලා
හිනැහුනත් හැම දෙන ප්‍රබෝදයෙන්
කදුළු කතා ඇත තව ලොව පුරා.

අහස සිපගන්න නැගෙන
දියුණුවේ උස බල බලා
නැගෙන ලොවට සවිය දෙන්නට
තම සන්තකයම පුද කරලා
හිසට සෙවනක් අහිමි උන් අද
නික්මයයි යලි නොඑනු සිතා.

සුපිරි පැලැන්තියේ නෝනා මහත්තුරු
මොණර කොල මිටි විසි කරලා
සති අන්තයෙ විනෝද මේලා
යන උජාරුව බල බලා
සැනසෙයි මෙහෙකාර  මෑණිය
එක් වරක් තම පැටවුන්ගෙ කුස පුරවා.

මතුපිටට නොපෙනෙන හැබැ දිළිදු බව
දියුණුවේ මායාවෙන් වසා
ලොවට පෙනෙන්නට වීර කම් පාන
ප්‍රශස්ති කරුවන්ගේ මායාවල් දිහා
දකින්න පින් නොකල මග දැස
හැබැවින් පින් වන්තයි සිතුනා....

2 comments:

  1. හ්ම්ම්ම් ඔව්. අධ්‍යාත්මික පරිහාණියත් සමඟ ලබන දියුණුවේ වැදගැම්මක් නෑ.

    ReplyDelete
  2. ස්තුතියි ඔබේ අදහසට ස්වප්නා අක්කේ....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්