Tuesday, 30 November 2010

සුභ උපන් දිනයක් අම්මේ.....

අද (12.01) මගේ ආදරණීය අම්මගේ උපන්දිනය....මේ මට අම්මගේ උපන්දිනයට අම්මා ලග ඉන්න බැරි උන 3 වෙනි අවුරුද්ද...ඉස්සර පොඩියට හරි අපි එකතුවෙලා බෙදා ගත්ත ඒ සතුට අද ඒ විදිහටම විදින්න අපිට බැරි වෙලා...ඒ අපි රටවල් දෙකකට වෙලා ඉන්න නිසා.. අම්මට අපි හැමදාමත් ආදරෙයි... මේ ලොකු පුතයි, දුවයි, පොඩි පුතාගෙනුයි අම්මගේ උපන්දිනයට දෙන පුන්චිම පුන්චි තැග්ගක්... සුභ උපන් දිනයක් අම්මේ.....


මහා සාගරයක් තරම් ගැඹුරු වු
නුඹේ හිතේ රෑදුන සෙනෙහසට
සෙනෙහසේ ගීතයක් ලියන්නට
අවසරද අම්මේ මේ පුතුට.

නුග රුකක් වන් නුඹෙ සෙනෙහස
සෙවන දුන්නා මට හැමදාම
ආදරයෙන් මගේ ලග හිද
කදුළක් නොදී මගෙ දෙනෙතට.

සෙනෙහසේ දියළුම ඇල්ල නුඹ
හැමදාකම එක ලෙස
අපි තුන්දෙනාගෙම සිත් තුල
නිකැලැල්ව  සෙනෙහස පිදුව.

මහ පොලොව තරම් සවිමත් නුඹෙ සිත
දරාගත් දුක් අපමණයි නුඹෙ ලෝකය තුල
වසන්කරගෙන සැලුව කදුළෑල්
අපමණයි නුඹ නොහැඩුවාට.

සදුයි නුඹ අපේ අහස කුසට
තරු රෑනම එළිය කල
වාසනාවන්තයි අපි පින් කල
ඉන්නට නුඹේ සිසිලස ලග හැමදාම..


Wednesday, 24 November 2010

නුඹ හැදින නොගත්තේ කිම



නිමා උන වසන්තෙක
ආදරේ සුවද නුඹ
හැරගිය සෙනෙහසට තව
සෙනෙහසින් මග බලන්නේ කිම.

මුලාවී ගිය ආදරයක
හද පාරන සිතුම් ගොන්නක
පැටලිලා උන් අතීතයක
කදුළු තව නොනැවතුනේ කිම.

ආදරයේ මල් උයනක
නෙලාගත් රෝස මල නුඹ
නපුරු වී වේදනා දුන් මල
තවමත් අත දරා කිම.

රිදුම් දෙන ආදරය
නෙතට කදුළක් උන දින
කදුළු හද දරා තව
සුසුම් හෙලන්නේ කිම.

නෙලා ගත් කදුළු මල ලග
නුඹ නෙත නොගැටුන මල
ආදරෙන් තවමත් නෙතු ලග
නුඹ හැදින නොගත්තේ කිම...

Monday, 22 November 2010

සද අමනාප වෙලා



සද අමනාප වෙලා
අමාවක රැයක් පැමිනිලා
නෙත් අග කදුළු බිදු නිසා
මගේ සිහිනයත් බොද වෙලා.

කදුළු අරගත්තු වළාකුලක් එදා
ඒවි අද මහ වැස්සක් වෙලා
තැවුන සිත නුඹ නික්ම ගියදා
නුඹට නොඇසෙන කවියක් උනා.

මගේ පාළුව වයන තනුවක පැටලිලා
ඇසෙයි නුඹේ හඩ  ගීයක් වෙලා
මිහිර සොයන පද වැලක එතිලා
නුඹෙ මතකය මම කවි කරනවා.

සිනහ තැවරුන නුඹ දෑස දිහා
බල උන්න මොහොතක් පාසා
මතකයි එහි ආදරය ඉතිරුනා
අමතක උනත් නුඹට කතා.

දුරස් උනේ නුඹ මගේ සිත පාරා
ලන්වෙන්නට පැතුමන් මදි උන නිසා
සිනාසෙන්නත් මට වරම් අහිම්දා
මේ මමදැයි මට අමතක වෙලා....

Saturday, 20 November 2010

නිමාවූ වසන්තෙක



නිමාවූ වසන්තෙක
විඩාබර හැගුමින්
මියැදි ප්‍රේමයක
අතීත නටඹුන්
පාළු සුසානයක
මිහිදන් කර
මන්දාරම්
වැහි කෝඩෙන්
හිරු ගිලෙන 
ගොම්මනක,
මලවුන්ගේ නගරයේදී
යලිදු අප හමු වෙමු
හදවත් මලගමේ
පෙම සමරන්නට...

Wednesday, 17 November 2010

නුඹ තාමත් ආවේ නැහැ



හිරුත් අවරට ගිහින්
දම් පාට හැන්දැවේ
මුහුදු රෑල්ලත් මලානික වී
ඇදෙයි වෙරළට හෙමින්.

ළිහිනින් නෑ ඈත අහසේ
ගොම්මන් වි මුහුදු වෙරළේ
සද කිරණත් නැහැ පෙනෙන්නේ
වසන් වී ඝණ වළාවකට අහසේ.

පහන් කණුවේ ආලෝකය ලග
නැහැ සිත මගෙ තව රෑදුනේ
වැලි කෙළියේ උන් පුන්චි එවුන් ටික
යයි සැගවී මවුපිය තුරුලේ.

කාලය ගෙවුනා මටත් නොදෑනිම
වෙරළට ඈවිදින් නුඹ දෑක ගන්නට
ඒත් නුඹ තාමත් ආවේ නැහැ
වෙරළේ තනි වෙන්න වෙනදා වගේම.

තව මොහොතක් දෙකක්
බලා නොඉද නුඹ දැකගන්නට
යන්නේද නොයන්නේද මම
සිතමින් දෙගිඩියාවෙන් මගෙ සිත.

කෙලෙස හෝ අද නුඹ ලගට වී
හිත පුරාවටම ඇදුන මගේ ආදරය
කියන්න පෙරුම පුරාන උන් හිත
නැවතිලා නොදැක නුඹෙ දෑස.

Sunday, 14 November 2010

විදි කොනක ඉපදි



විදි කොනක ඉපදි පෙර කල පවකට
දුක් විදිනවා අප දෙදෙන එක හුස්මකට
විසි කරන කාසි පනම් එකතු කර අහුරකට
නුඹ රැකුමට වෙහෙසෙනවා මං කදුළු දි උගසට.

මල්ලියේ හඩන්න එපා කෑගසා කිරට
අම්මා ලග නැහැ ගිහින් දෙවියන් ලගට
නුඹේ කදුළු දැනුනත් මගෙ හදවතට
කුමක් කරන්නද මම අපේම අවාසනාවට.

ඇස ගැටුනොතින් මල්ලියෙ නුඹ පාපතරයන්ට
උන් හදයි අරගෙන යන්න උන්ගේ අපචාරයට
නුඹ වෙනුවෙන් කදුළු හෙලු මගේ හිතට
වීරිය තියෙනවා අනතුරකදි නුඹ රකින්නට.

දෙවියන් වන් මිනිසුනුත් හිදිනා මේ ලෝකයට
ඉපදුනත් වීදි කොනක අසරණ කමට
හිරු කිරණක් පායාවී දිනක අපේ වාසනාවට
ඇවිදින් දෙවිකෙනෙක් අපි දෙන්නගෙ සරණට...

Thursday, 11 November 2010

ආසයි මම නුඹ ලගට වී ඉන්න




ආසයි මම නුඹ ලගට වී ඉන්න
හැකිනම් නුඹට තව එක මොහොතක්
මගේ හදට දැනෙනෙ උණුසුම
නුඹේ හිතට ලන් කරන්නට.

උතුරා නැගෙන සෙනෙහසට
එපා ලන් කරන්න කදුළු
ආදරෙයි මම නුඹට සත්තකින්ම
උපමා කුමටද එයට.

මගේ ආදරය නුඹ ලග
පිවිතුරුයි නුඹ පැතු ලෙසම
ඔය හිත පාමුල පිදු මගෙ හිත
එපා මගෙන් දුර අරන් යන්න.

සවන්දෙන්න හදේ රාවයට
කියන්න මුවගින්   ස්වරයේ හඩ
අහන්න ආසයි නුඹේ හඩින් මම
ආදරයේ සුන්දරම වදන.

Tuesday, 9 November 2010

දුටුවොතින් නුඹේ නෙත් අග කදුළ



කණාමැදිරි එළි ඇහිදින
බිත්ති හතරක් අතර
දුමාරයෙන් වෑසී ගිය
ඹමරුන්ගේ ගුහාවක.

ඹමන මතින් උදම් වී
මේ අත වැනෙන
ඹමරුන්ට මෑදි උන
රෝස මලක් නුඹ ලස්සන.

කිලිටි වුවන්ගේ අත්වල
ස්පර්ශයට බිය උන
මදුව්ත අරන් යන
මලකි නුඹ හැඩකාර.

අන්ධ වු රාත්‍රියක 
මදුවිත තොල ගෑ උන් ලග
පිවිතුරු කැකුළක්ව නුඹ
ජීවන බර උසුලන.

පාපතර ඇස් වල
උකුසු බෑල්මට අසු උන
නුඹේ නෙත් අග කදුළ
දුටුවොතින් උන් අද.

ඔය මලානික සිනහව ලග
යට උන නුඹේ ලෝකය
සානුකම්පිත හිත්වලින්
කියවාවි උන් හෙට..

Saturday, 6 November 2010

කතිරය




මුහුණ පිරෙන්නට තවරගත්තු සිනහවින්
දෑත් එක්කරමින් හැමටම සුභ පතමින්
කුණු කානු උඩින් හොද පිමි පනිමින්
අපේ මන්ත්‍රිතුමා එනාවා චන්දය ඉල්ලමින්.

දෙකට නැමිගෙන මුඩුක්කු පැල්පත් ගානේ
රින්ගනවා කවදාවත් නොගියපු පිල් අස්සේ
අවුරුදු පහෙන් පහට මේ කෝලම් ඇ ගෑටුනේ
හෑමදාමත් චන්දය එනවනම් කොතරම් අගනේද දෙවියනේ.

මුසා බසින් ඇ බාමින් බොරු බේගල්
රවටනවා අහින්සකයන් පෙන්නලා තොරන්
මාස දෙක තුනක පෙන්නා බහිරු කෝලම්
උන් යනවා යන්න කුණු කූඩෙට අපි විසිකරමින්.

කතිරෙක බලය නොහදුන මිනිසුන්නේ
උන් වැජබෙනවා උස් තැන්වල බලයෙන් අපේ
හොද නරක තෝරාගෙන පෙන්නුවොත් අපේ බලේ
සෙතක් වේවි අපෙ පුන්චි රටට හෙට දිනේ...

Wednesday, 3 November 2010

ඇයි ආයෙත් එන්නේ නුඹ




නිහඩවම බොද උන සිතුවිල්ලක්
ඉද හිට නැගෙමින් සිතේ ඇතුලතින්
නුඹ ගැ සැගවුන මතකයෙන්
ගෙන එනවා වෙදනාවක් ආයෙත්.

ඉවත් කර හිතින් හැමදාටම
මිහිදන් කල මතකය ඉදහිට
කිමද නැගෙන්නේ  සිතුවිල්ලක්ව
බොදවු රූ චායා අද්දර.

අතිත සොදුරු මතක නෙත් අග
එකින් එක ආදරයෙන් මතකයට
මවමින් ආවද  මට කඳුළක්ව
නුඹ මගේ නොවෙයි හිතවතිය.

හුදෙකලා ලෝකයක තනිවෙන්න
මම ඇරයුම් කල දිනදි නුඹට
හැර ගිහින් මා සිතින් තනිකර
ඇයි ආයෙත් එන්නේ නුඹ මෙලෙස.

සමාවෙන්න මට බෑහෑ එක්වන්නට
නුඹෙ සිහිනයට ආයෙත් දවසක
මම හදාගත්තු නුඹ හැ ගිය හිත
ආයෙත් නොබිදීවියි මම හිතන්නේ කෙලෙස...