Sunday, 31 October 2010

යමු අපි නැගම් තල් අරනේ




තල් අරණට ඉහල අහසේ
හිරු කිරනෙත් රශ්මිය අඩුවී
දඹකොල පටුනේ වෙරළින්
සිසිල් සුළන් ගත වෙළුනේ.

නිදහස සතුට හෑම සිත් අතරේ
උතුරන සෙනෙහස නෙත ගෑටුනේ
තුවක්කුවේ නිහඩ හඩින්
සැම සිත් තුටින් පිරී ගියේ.

වෙඩි හඩින් නැවතුන අකුරු
ආයෙත් ලියවෙනවා පුන්චි සිතේ
සාප නොලද මහ පොලොවේ අද
මල් කැකුළු පුදිනවා සිත්සේ...

රෑයාමේ පැලේ හේනේ
පැල්කවි ඇසෙන්නේ රිසිසේ
මරබිය පහව ගිහින් සිත ඇතුලේ
රට නැගුමට කෙත් ඵල දරන්නේ.

ලස්සනට හිනැහුනත් මුළු ලොවට අනේ
කාටවත්ම නොකියාම ගේ පෑලේ
තවමත් ඔවුන් ඉදහිට තල් සෙවනේ
බලාන ඉන්නවා දකිනට සිනාවන් අපේ.

කදමළු බැදගමු ආදරයෙන් අපේ
එක්කර සාමය සතුට  යහමේ
මිත්‍රත්වය සොයනා මිනිසුන් අතරේ
යන්නට නැගම් තල් අරනේ...

Friday, 29 October 2010

සිරගත නොවුන මගේ සිතුවිල්ල




අගුළු  දැමු විසල් දොරටු ලග
දෙපයේ සිරවු විලන්ගු යුගල මත
සිරගත නොවුන මගේ සිතුවිල්ල
කවි කරමි මම නුඹට ඈසෙන්නට.

කවුළුවෙන් එහා ලෝකය
එබිකම් කරන හිරු රෑස් අතර
දුහුවිල්ලක් තරමටටම නොසැලකුව
සිරකරුවෙකුද මම නුඹ වෛර කරන.

යකඩ කුරු අතර ගෑටෙන
ඉදහිට ඈහෙන බැටන් පොළු හඩ
අපේ සුසුම් හඩ තරමටම
දොන්කාර නොදෙන අරුමය.

බෙලෙක් පිගානේ බත් පත
දකින හෑම මොහොතකම
නුඹේ අතින් බත් කටක් කන්න
එන්න හිතෙනවා අම්මේ මට.

දුප්පත් කමට උන වරදට
හන්වඩු  ගැහුවා උන් ජිවිත කාලයටම
දිනෙක නිදහස ලබා ආවද
ගැලවේවිද මට උන් බෑදි නම.

වැරදි කල උන් නිදැල්ලේ
දිවි ගෙවනවා සුදනන් වගේ
අපටම විතරද සිරගෙය උරුම උනේ
කාසි බලෙන් නීතිය යට උන දිනේ...

Wednesday, 27 October 2010

ජීවිතය පමනක් ඈයි හෑර ගියේ




අහේතුවකට වෑටුන වෑස්සක්
සෝදා ගෙන ගියා තිබුන සන්තකයක්
වෑසි දෙවියන් නපුරු වෙලා කල විපතක්
අරගෙන ගිහින් අසරණ ජීවිත ගනනක්.

සුවිසල් මන්දිර නෑත අපට තිබුනේ
ගත වෙහෙසලයි අපි හෑම රෑකුනේ
පුංචි එවුන් තාම අහින්සකයි දෙවියනේ
ඈයි අරගෙන ගියේ මහ රළ සමගිනේ.

මුඩුක්කු පේලියේ ලෑලි ගෙවල් අතරේ
නිදාසිටි උන් නොදරුවන් තුරුලේ
කොහි සෑගවුනාද මහ රෑ කරුවලේ
දිය කදට කුරිරුව මහ වෑස්සේ.

කිරට අඩන පොඩි උන්ගේ විලාප අතරේ
අවතෑන් කදඋරකට අපෙ ලෝකය කොටු උනේ
සන්තකයම උදුරාගෙන ගිය හෝරා කීපයේ
නෑතිවෙන්නට ජීවිතය පමනක් ඈයි  හෑර ගියේ..

Monday, 25 October 2010

වැස්ස




මහ සයුරෙන් නෑගි ඉහලට
එක්වෙලා ඝණ වළා කුළකට
සිතේ සතුටින් සොයා ආමි නුඹ
ගිමන නිවන පහසක් වන්නට.

සමනල කන්දෙන් නෑගුන ගගුල
සොයා ආවා මෝසම් සුළග සමග
පෝෂනය එක් කලා නිබදවම
කර්කෂ වු මහ පොලොව මතට.

විටෙක මහ වෑවක් උනා
කෙත් වතු සරු සාර කරනට
මනබදින දිය ඈල්ලත් මම විය
ඔබේ නෙත් විශ්මිත කල.

දුර ගමන ගෙවා ඇවිදින්
මිනිස් මනදොල නිනවන්න
සයුරට එක් උනෙ කිම
නුඹට පසහක් නොදි මම.

ආයෙත් හිරු පැයුව දිනයක
එක්වෙමි අහස් කුසට මම
පැමිනෙමි නුඹ සොයා දිනයක
පොද වැස්සක් වි මම....

Sunday, 24 October 2010

මට දෙන්න මගෙ හිත




ඉකිබිදුම 
හදතුල
කදුළක් වෙලා
එළියට
නික්මුන දින
සිතුවේ නෑහෑ
කවදාවත්ම
සෑනසීම නුඹ
මගෙන් හෑමදාටම
මෙලෙස රහසින්
ගෙන යාවියි
කියා මම.

පින්සිදුවෙයි 
දිනෙක නුඹට
යලි දුන්නොත්
මට මගේ හිත,
අයිතියක් නෑහෑ
තව දුරටත් ඔබට
අරන් යන්නට
මගෙන් උදුරගෙන
ආදරයක් සොයා යන්නට
ඈයට පුදකල
මගේ බිදුන හිත...

Saturday, 23 October 2010

ජීවිතය




පාට බොද උන සිතුවමක්
වගෙයි ජීවිතය අපෙත්
ලස්සනට තියෙන තුරු කාලයක්
අගෙයි මුළු ලොවට හෙටත්.

වියපත් වීම සොභාදහමක්
තුරුණු විය අප ලද දායාදයක්
එහෙත් රෑදෙනු බෑහෑ තුරුණුව හෑමදාමත්
එය අපට කියා දුන් සොභාදම් නියමයක්.

අවදානමක් අපෙ ලෝකය කවදත්
යන එන දිනක් අපි කවුරුත් නොදත්
මරණය නෑහෑ හෑමටම සොදුරු උනෙත්
පින් පවු අනුවයි දෙවියන් එය ලීවෙත්.

මෙය හුදු එක් සසර සරණ ආත්මයක්
එකකින් මිදී තව කයක් සොයන ගමනක්
හෑකිවෙනම් තියන්නට මේ ගමනට තිතක්
එයයි මෙලොව ඈති එකම සෑපතත්....

Thursday, 21 October 2010

සමාවෙන්න මට




හිරු පෑයුව ලස්සන දවසක්
හිතුවෙම නෑහෑ අදුරු වෙන බවක්
උනේ වරදක් සිත නොඉවසුන කමින්
ලන් කරගන්නට මට නුඹ ඉක්මනින්.

මහා හයියෙන් වෑටුන වෑස්සක්
අරගෙන ගියා නුඹ මගෙ සෙවනින්
තුරුළු වෙලා උන්න එක මොහොතත්
නෑති උනෙ මට ඉතිරිකර කදුළක්.

දුකයි හදවතට දරන්න බෑරි තරමක්
පවසන්න බෑහෑ මට නුබට හෑර කාටවත්
නුඹයි මගෙ දිවිය එක්වුනොත් හෑමදාටමත්
සමාවෙන්න මට, මගෙ වරදට ආයෙමත්.

කවදද එන්නේ සිතමින් තවමත්
දින ගෙවනවා මම තනියෙන් අදත්
දැනුනොත් නුඹට මම ආදරේ තවමත්
එන්න ලගටම නොසිතා ආයෙමත්.

Wednesday, 20 October 2010

කාලය නුඹ




බලා හිටියොත් නුඹ දෙස
ඇදෙනවා දුර මොහොතින් මොහොත
ලං උනොත් මා නුඹ වෙත
යා හැකියි දුර නුඹත් එක්කම.

ඉපදුන දා ඉදන් මගෙ තනියට
හිටියා සෙවනෑල්ලත් ලග නෑති මොහොතට
නුඹ ඈතෑර ගිය දිනට මම
රෑදෙන්නෑ මෙලොව මතුවට.

ලද දේ බොහොමයි මේ ටික කාලෙට
ගෙවුන මතක සොදුරුයි නුබ ගෙන ආව
හෙට නුඹ කුමක් ගෙන එවිද
දන්නෑ මම හෙට දින ගෙවෙන තුරුම.

කාලය නුඹ අපි හෑම එක මොහොතක
එක් කරගෙන දුවන මේ ලොකය
නුබට හති වෑටුන දිනයක
කුමක් වේවිද, බෑහෑ හිතන්නට මට...

Tuesday, 19 October 2010

රිදෙන සිත ළග




රිදෙන සිත ළග

කදුළ වි ඔබ
දියව එළියට
නික්ම යනකොට
කලෙක සෙනෙහස
වෙලා සිත් ගෑබ
තුලම විසු ඔබ
මතක් වේ මට.
එසද කදුළෑලි
අතින් අරගෙන
බලා ලසොව්න්
කදුළු - පෙම දෙස
ඔබෙන් මා ලද
එකම නිර්මල
වස්තුවයි මේ
සිතමි බෑතියෙන...

Monday, 18 October 2010

සුළග එන්න එපා මා සොයාගෙන




අකීකරු සුළං රොදක් පාරවා මගේ හිත
ගෙන එනවා නුඹෙ  මතකය මා වෙත
සුළං රොදේ යන්න පියබා වෙනතක
මම දෑන් තනිවෙලා ගිහින් දුරකට.

මල් පෙති රෑගෙන සුළගේ මෙහෙ නොඑන්න
ඈගෙ සුවද මුසුවෙලා හෑම මලකම
අවා සෙනෙහෙන් යලි මා සොයාගෙන
සුළගේ පාවෙලා වෙනතකම යන්න

සිසිලසක් අද නෑහෑ හමන මද පවනක
සුවදත් සෑගවිලා නොපෑතු මොහොතක
බිදුන හිත අයෙත් පාරවා සෑනහෙන්න
සුළග එන්න එපා මා සොයාගෙන...

Sunday, 17 October 2010

ගිළිහුනු කදුළු බිදු







ගිළිහුනු කදුළු බිදු

නිල් ඈස්වලට දුකක් වි දවසක

පිණිකෑට වෙලා බිමට වටෙන කොට
නිසන්සල ගොළු රෑට
දෙව් විමන් මෑද
දෙව් ලියන් ඈදි කසී සළුවල
ගෙත්තමක් වී මෑකෙන කොට
ආදරය
වලාකුළු පව්වට
දුක් ගීත නොඈසෙන රෑක
දෙව්දුවේ
තනිවෙල මම
මේ සොහොන් කදු යට
අවදි කර
සිතල මෙ දෙනෙත් මත
සුරගන තොල් තබා දුරකට
පෙම් වලකුළු අතරට
අනේ මා රෑගෙන යන දිනයක්
තව නොආවෙද
දයාබර
සද දෙව්දුවෙ
කියනු මෑන
මුදු තොල් සලා 
හෙමිහිට...