Sunday, 14 November 2010

විදි කොනක ඉපදි



විදි කොනක ඉපදි පෙර කල පවකට
දුක් විදිනවා අප දෙදෙන එක හුස්මකට
විසි කරන කාසි පනම් එකතු කර අහුරකට
නුඹ රැකුමට වෙහෙසෙනවා මං කදුළු දි උගසට.

මල්ලියේ හඩන්න එපා කෑගසා කිරට
අම්මා ලග නැහැ ගිහින් දෙවියන් ලගට
නුඹේ කදුළු දැනුනත් මගෙ හදවතට
කුමක් කරන්නද මම අපේම අවාසනාවට.

ඇස ගැටුනොතින් මල්ලියෙ නුඹ පාපතරයන්ට
උන් හදයි අරගෙන යන්න උන්ගේ අපචාරයට
නුඹ වෙනුවෙන් කදුළු හෙලු මගේ හිතට
වීරිය තියෙනවා අනතුරකදි නුඹ රකින්නට.

දෙවියන් වන් මිනිසුනුත් හිදිනා මේ ලෝකයට
ඉපදුනත් වීදි කොනක අසරණ කමට
හිරු කිරණක් පායාවී දිනක අපේ වාසනාවට
ඇවිදින් දෙවිකෙනෙක් අපි දෙන්නගෙ සරණට...

3 comments:

  1. අපි එදිනෙදා එහෙ මෙහේ යද්දි මේවැනි පැටව් කොච්චර දකිනවද?
    ඒ දර්ශණ බලන්නට අපි පව් කර ලා හොදටම
    ඊටත් වැඩිය ගුජ්ප්සාජනක කාරණය වෙන්නේ මේ පැටවුන්ගේ සුභ සෙතට අපිට කරන්න පුලුවන් මොනවද කියල අපිටම හිතාගන්න බැරි තරමට අපි අසරණයි කියල අපිට තේරෙනකොට නේද?
    හොද අදහසක් මිත්‍රයා!

    ReplyDelete
  2. බොහොම ස්තුතියි යාළුවා අදහසට...

    ReplyDelete
  3. sathya siduvim...jiwithata danena liyana obata suba anagathayak.

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්