Thursday, 11 November 2010

ආසයි මම නුඹ ලගට වී ඉන්න




ආසයි මම නුඹ ලගට වී ඉන්න
හැකිනම් නුඹට තව එක මොහොතක්
මගේ හදට දැනෙනෙ උණුසුම
නුඹේ හිතට ලන් කරන්නට.

උතුරා නැගෙන සෙනෙහසට
එපා ලන් කරන්න කදුළු
ආදරෙයි මම නුඹට සත්තකින්ම
උපමා කුමටද එයට.

මගේ ආදරය නුඹ ලග
පිවිතුරුයි නුඹ පැතු ලෙසම
ඔය හිත පාමුල පිදු මගෙ හිත
එපා මගෙන් දුර අරන් යන්න.

සවන්දෙන්න හදේ රාවයට
කියන්න මුවගින්   ස්වරයේ හඩ
අහන්න ආසයි නුඹේ හඩින් මම
ආදරයේ සුන්දරම වදන.

13 comments:

  1. ආයෙත් දිනේශ් අයියගේ ලස්සන නිසැදැස් කියවන්න පුලුවන් වෙනවා.........

    ReplyDelete
  2. බොහොම ස්තුතියි අයේෂා අක්කේ...

    ReplyDelete
  3. රත්ගමයා මල්ලි, රත්ගම පොඩ්ඩා විදිහට හරි ආයෙත් ආව එක ගැන මම ඇත්තටම සතුටුයි...

    ReplyDelete
  4. හරිම ලස්සනයි... ලියලා තියෙන විදිහ...

    ReplyDelete
  5. thank you soo much Dilu akke....

    ReplyDelete
  6. ප්‍රාර්ථනා අක්කේ බොහොම ස්තුතියි...

    ReplyDelete
  7. ලස්සනයි ...

    වෙනස් මාතෘකා ඔස්සෙත් ලියන්න මල්ලි ...

    ජය

    ReplyDelete
  8. බොහොම ස්තුතියි වත් අක්කේ ඔයාගේ ප්‍රතිචාරයට...

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්