Sunday, 31 October 2010

යමු අපි නැගම් තල් අරනේ




තල් අරණට ඉහල අහසේ
හිරු කිරනෙත් රශ්මිය අඩුවී
දඹකොල පටුනේ වෙරළින්
සිසිල් සුළන් ගත වෙළුනේ.

නිදහස සතුට හෑම සිත් අතරේ
උතුරන සෙනෙහස නෙත ගෑටුනේ
තුවක්කුවේ නිහඩ හඩින්
සැම සිත් තුටින් පිරී ගියේ.

වෙඩි හඩින් නැවතුන අකුරු
ආයෙත් ලියවෙනවා පුන්චි සිතේ
සාප නොලද මහ පොලොවේ අද
මල් කැකුළු පුදිනවා සිත්සේ...

රෑයාමේ පැලේ හේනේ
පැල්කවි ඇසෙන්නේ රිසිසේ
මරබිය පහව ගිහින් සිත ඇතුලේ
රට නැගුමට කෙත් ඵල දරන්නේ.

ලස්සනට හිනැහුනත් මුළු ලොවට අනේ
කාටවත්ම නොකියාම ගේ පෑලේ
තවමත් ඔවුන් ඉදහිට තල් සෙවනේ
බලාන ඉන්නවා දකිනට සිනාවන් අපේ.

කදමළු බැදගමු ආදරයෙන් අපේ
එක්කර සාමය සතුට  යහමේ
මිත්‍රත්වය සොයනා මිනිසුන් අතරේ
යන්නට නැගම් තල් අරනේ...

6 comments:

  1. Kiyanna wachana madi...e tharam lassanai! aththa de liyana...sanweedi hithak athi oba thula,,,,ada liwwa de wishishtai!

    ReplyDelete
  2. thank you soo much Dilu akke...........

    ReplyDelete
  3. එකම රටක්..එකම දැයක්....

    ReplyDelete
  4. හරියටම හරි මලයෙ.... එකම කොඩියක්... එකම දෙශයක්

    ReplyDelete
  5. අපිට ඇත්තටම සතු‍ටු වෙන්න පුලුවන් යුද්ධයට හේතුවූ කරුණුද නිමවූ දාටය.
    මැණික්(සුළඟ)

    ReplyDelete
  6. එකනම් ඇත්ත අක්කෙ...... අපි හිතමු ඉක්මනටම හැම දෙයක්ම විසද්ව් කියලා.....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්