Tuesday, 10 August 2010

සුරන්ගනාවක්



සුරන්ගනාවක් ඈත අහසින් ඈවිදින්
දෑවටෙමින් මා වටා හුරු පුරුදු සුවදින්
ලන්වෙමින් මසිතට සිත පුරා සෙනෙහෙන්
අයදියි ලන්ව ඉන්නට හෑමදාමත් ආදරෙන්.

පෙර හුරු පුරුදු සුවදක සිත ඈදීයන
මන බදින ඔය සිනහව නෙත් පිනා යන
නිළුපුල් දෙනයනකි හදවත සතපවන
රුවෑත්තියෙ නුඹ කවුදෑයි කියනු මෑන.

මසිත එක් වරක් ආදරයෙන් දුක් විදි හන්දා
හදවත සෑලෙයි තවමත් ඒ දුක හදරන්දා
කෙලෙස පවසමිද මේ ආදරය නුඹට සදා
තවමත් ඈය මගෙ හද පතුලේ හිදින නිසා...

2 comments:

  1. හිතට හොරෙන්.......හදට ලංවෙලා වගෙයි....

    ReplyDelete
  2. හිතට ගොඩක්ම ලන්වෙලා...... එත් පරන අත්දැකිම් නිසා ලන් වෙන්න බයයි....... ආයෙත් තනි වෙන්න වෙයි කියල හිතෙනවා....

    ReplyDelete

වර්ණයට පාටක් තවරා යන්න ඔබත්