යනෙන තැන්

Monday, 13 February 2012

Will Power ( පින්තූර කතාවක් )

අද මම ටිකක් විතර වෙනස් කතාවක් කියන්න යන්නේ.. පින්තූර කතාවක්.. ඇත්තටම මේක මට දවස් කීපෙකට කලින් මගේ යාළුවෙක් මට මේල් එකකින් එවපු එකක්.. සමහර විට සමහරු මේක කලින් දැකලා කියවලා ඇති.. ඒත් මම හිතුවා එහෙම නොදැකපු අයට බලන්නත් එක්ක මේක දාන එක හොදයි කියලා.. මට ආපු කතාව මම ඒ විදිහටම මෙතන දාන්නම්..


I smiled after looking at the first photo...you will also smile. Just scroll down and you will get to know the story of Will Power.
Here it goes....


You thought the dog is imitating the man. ....


Entertaining the college kids...right?  


Now have a close look at it...... 


So....


Got the message ??? 


Despite being an animal he gets respect... 


He gets a warm welcome everywhere.... 


He gets a pat on his shoulder... 


He is STAND-ALONE 


The doors are open for only those who believe in themselves
and Will Power which can make an animal walk on TWO LEGS...!! 




මම හිතන්නේ කියන්න ඕන හැමදෙයක්ම මේ පින්තූර ඇතුලේ හැංගිලා තියෙනවා කියලා.. සමහරවිට අපේ ජීවිත අංග සම්පූර්ණ නෑ.. අඩු පාඩු කම් තියෙනවා.. පිටට නොපෙනුනත්.. ඉතින් වඩා වැදගත් වෙන්නේ අපි අපේ ඒ තියෙන ඒ අඩු පාඩු වලින් නැගිටලා ඉදිරියට යන එක..

Sunday, 12 February 2012

වහල්ලූ - දොලොස්වන දිගහැරුම

“ කෝ උඹලා තාම ලෑස්ති නැද්ද? වරෙල්ලා යන්න උදේම..”

බලාපොරොත්තු දහසක් රැදි දවසක උදාව වත්තේ අයට ගෙනාවේ ලොකු උද්‍යෝගයකි.. හීන වලට යන මාවතේ අන්තිමට ඔවුන් පැමිණ ඇත්තේ බාධක වැටුන මාවතකින්ය.. ඒ බධක තම සුමිතුරා හැමගෙන්ම ඈතට අරං ගියත් ඒ කැපවීම වෙනුවෙන් ඔවුන් ඉන් පසුව මහත් උනන්දුවෙන් වැඩ කලේය..

“ ගුණේ මාමේ අපි යමු නේද එහෙනම්..”

උදෑසනම ගුණදාසගේ නිවස දොරකඩට සුනිල් ආවේ ඔහුත් එක්කම චන්ද පොලට යන්නට සිතාගෙනය..

“ හරි පුතේ මම ලෑස්තියි අපි යමු..”

“ අදින් පස්සේ මේ හැම දෙයක්ම ඉවර වෙයි නේද මාමේ..”

“ නෑ පුතා.. අදින් පස්සේ තමයි හැමදෙයක්ම පටන් ගන්නේ..”

“ ඒ කිවුවේ මාමේ?”

“ පුතා දින්නොත් අපේ හොද කාලය අදින් පටන් ගන්නවා.. හැබැයි රණවිර දින්නොත් ඒ අපේ නරක කාලය පටන් ගන්නේ..”

“ මාමා හිතන්නේ?”

“ නෑ පුතා, පුතා අද දිනනවාමයි.. බලන්නකෝ..”

ගුණදාස සුනිල් ඇතුළු කීප දෙනා චන්ද පොලට එන විටත් බොහෝමයක් සෙනග ගමේ පන්සලට ඒ වෙද්දි පැමිණ සිටියේය.. ඒ අතර සිටි රණවීර සුනිල් ඉදිරියට ආවේ අතරින් පතර උන් තම ගෝලබාලයන්ද සමගය.. තනිව උන් සුනිලුත් ගුණදාසත් ටිකක් හිත කලබල උනත් රණවීරට දැන් කිසිවක් කරන්නට නොහැකි බව ඔවුන් හොදින් දැන සිටියේය..

“ පුතා රණවීර මොනවා කිවුවත් ඔයා එකට මුකුත් කියන්න යන්න එපා..”

ගුණදාස සුනිල්ගේ හිත ශක්තිමත් කරමින් එසේ කීවේ පොඩි හෝ කතා බහක් බොහෝ දුරක් යා හැකි තත්වයක් ඒ වෙද්දිත් ඇති වෙමින් තිබූ නිසාය.. රණවීරගේ ගෝලයෝ මෙන්ම වත්තේ බොහෝ දෙනෙක්ද ඔවුන් දෙස බලා සිටියේය..

“ හෙටින් පස්සේ උඹලගේ ජීවිත තවත් නරකාදියකට මම යවනවා.. ඒ නරකාදියේ ඉදන් උඹලා ජීවිතේ ඉල්ලලා කෑ ගැහුවත් උඹලා ගැන බලන්න කවුරුවත් එන්නේ නෑ.. උඹලට මගේ කකුල් දෙක ලගට ඇවිත් වදින්න වෙන දවස වැඩි ඈත නෑ.. අපි හෙට හම්බුවෙමු..”

රණවීරගේ තර්ජනයට කිසිවක්ම නොකී සුනිලුත් ගුණදාසත් ඔහුටත් ගෝල බාලයන්ටත් යන්නට ඉඩ හැර නිහඩවම පෝලිමට එක්වුයේ රණවීර කියූ කිසි දෙයක් ඉටු වන පරිසරය ඇති නොවන්නයි ප්‍රාර්ථනා කරමිනි..

දහවල හිරු මුදුන් වන්නට මත්තෙන් වත්තේ හැමෝම තම කැමැත්ත ප්‍රකාශ කර නිවෙස් කරා ඇදී ආවේය.. ඒත් ඒ සුනිල්ටද රණවීරටද යන්න දැන ගැනීමට තව හෝරා කීපයක් ඉවසා සිටිය යුතුය..

“ ගුණේ අයියේ, නැද්ද බෝතලයක්වත් මේ නිකන් ඉන්න වෙලේ කාලේ කන්නත් එක්ක..”

ඇල්බට් නිහැඩියාව බිදිමින් තම හඩ අවදි කරද්දි ගුණදාසගේ නිවස ලග අතරින් පතර එකතු වී උන් ලගට ආවේ පාළුව මකා ගන්නත් එක්කය..

“ බොන්න පුළුවන් පස්සේ.. අද රෑට උඹලා කෙලින් ඉන්න ඕන.. නැත්නම් මේ අතකුත් නැති මට තමයි එන ප්‍රශ්ණ විසදන්න වෙන්නේ..”

“ ඇත්තටම ගුණේ අයියේ කොල්ලා දිනාවි නේද?”

“ අන්තිමේ වෙනකන් කියන්න බෑ අල්බට් මල්ලි.. කොහොම් උනත් මට එකක් විශ්වාසයි.. මේ වත්තේ එකෙක්වත් රණවීරටනම් චන්දේ දෙන්නේ නෑ..”

“ උඹ කොහොමද ගුණේ අයියේ එහෙම කියන්නේ?”

“ උඹට ඒකවත් හිතා ගන්න බැරිද? නිකමට හිතපන් රණවීර දින්න කියලා.. උන්දෑ ඊට පස්සේ මේ වත්ත අතුගාලා දැම්මත් අපිට මුකුත් කරන්න වෙන්නේ නෑ.. ඉතින් මම රණවීරටයි චන්දේ දුන්නේ කියලා කාටද පුළුවන් ඒක රණවීරට ඔප්පු කරලා පෙන්නන්න පුළුවන්.. වත්තේ අපෙන් පලි ගනිද්දි උන්දැට චන්දේ දුන්න එවුන්ටත් දුක් විදින්න වෙනවා..”

“ ඒකනම් ඇත්ත ගුණේ අයියේ.. අපේ එවුන් ඒ වගේ මෝඩ වැඩ කරන එකක් නෑ..”

“ අපි බලාගෙන ඉමු.. මේ හැම දේම ඉවර වෙන්න තව වෙලාව තියෙනවනේ..”

ගුණදාසගේ නිවසේ එකතු වූවන් එක එක දේවල් ගැන කතාවේ ඉදියත් කාගෙත් සිත් තිබුනේ අවසන් ප්‍රතිඵලය කොයි මොහොතේ දැන ගන්නේද යන්න සිතමිනි..

                                            ..................

“ ඒ ඔය ටීවී එක දාපන්කෝ.. දැනටමත් ප්‍රතිඵල කියලද දන්නේ නෑ..”

“ දැම්ම කොහේ කියන්නද? අනික මේකේ හැඩ වැඩ දාලා කියන්න කලින් අපිට නිවුස් එක ඒවි.. ගුණේ අයියයි සුනිලුයි ඉන්නේ ගනන් කරන තැනනේ..”

“ ඔව් ඒකත් ඇත්ත.. ඒ උනාට උඹ ඔන්න ඕක දාපංකෝ.. අනිත්ව කවුද දිනන්නේ කියලා බලන්නවත්..”

වත්තේ එකම රූපවාහිණිය තිබූ ගාමිණිගේ නිවසට හැමෝම එක් උනේ අද ගාමිණියා හිට්යනම් කියන සිතුවිල්ලෙනි.. වෙනදාට මදු විතෙන් පදම්ව රැය පහන් කරන ඔවුන් අද ඒ ගැන නොහිතා බලාගෙන හිටියේ තීරණය කුමක් වී මොන ප්‍රශ්ණයක් ඇති වේදැයි හිතේ ඇදුන බිය නිසාමය..

“  ගුණේ අයියගෙන් කෝල් එකක්වත් නැද්ද බං.. උඹලා ඌට ෆෝන් එකක් දුන්නා නෙද අරං යන්න..”

“ ඔව් ඇල්බට්.. මම දුන්නා..”

“ ඉතින් මොකද මේකා තාම කතා කලේවත් නැත්තේ.. ප්‍රශ්ණයක්වත්ද?”

ඔවුන්ගේ හිත්වලට එක එක දේවල් හිතෙද්දි ඇල්බට් ඇතේතේ රැදි දුරකතනය නාද විය.. ඒ ඇමතුම ගුණදාසගෙනි..

“ ඒ ගුණේ අයියගෙන් කෝල් එක.. හලෝ ගුණේ අයියේ.. මොකද ඔහේ තත්වේ?”

“ කොල්ලා දිනුම් ඇලබට් මල්ලියේ.. උඹ වත්තේ එවුන්ට කියපන්.. තව ටිකකින් ටීවී එකේ කියාවි..”


අවසාන කොටසින් හමුවෙමු..


Friday, 10 February 2012

වහල්ලූ - එකොලොස්වන දිගහැරුම

පළමු කොටස   දෙවනි කොටස   තුන්වෙනි කොටස   හතරවෙනි කොටස   පස්වෙනි කොටස   හයවෙනි කොටස   හත්වෙනි කොටස  අටවෙනි කොටස  නමවෙනි කොටස  දහවෙනි කොටස

 
කාලය කෙමෙන් කෙමින් ගෙවී ගියත් ගාමිණි ගැන මතකයන් අමතක කරන්නට වත්තේ කාටවත් නොහැකි විය.. තම දකුණත මෙන් වූ ගාමිණී මාමා නැති අඩුව සුනිල්ට කොතරම් දැනුනත් ඒ අඩුව පුරවන්නට කෙනෙක් නොවීය.. තම හොදම මිතුරා නැති අඩුව තදින්ම දැනුනත් ගුණදාස ඒ බව කාටවත් දැනෙන්නට ඉඩ නොතියා තමන්ට පුළුවන් උපරිමයෙන් සුනිල්ගේ ජය වෙනුවෙන් කටයුතු කලේය..

“ පුතා තව සතියයි චන්දෙට තියෙන්නේ.. අනිද්දා වෙද්දි අන්තිම රැස්වීමත් තියලා අපිට මිනිස්සුන්ගේ තීරණේ එනකම් බලාගෙන ඉන්න තමයි තියෙන්නේ?”

“ ඔව් ගුණේ මාමේ.. දැන් නම් මගේ හිත ටිකක් කලබලයි වගේ..”

“ ඒ මොකෝ?”

“ නෑ ගුණේ මාමේ..  මේ උන දේවලුත් එක්ක මේ අන්තිම දවස් වල මොනවා වෙයිද කියන්න බෑ..”

“ පුතා බය නැතුව ඉන්න.. අපිට දැන් ඉස්සර තිබුනට වැඩිය පොලිස් ආරක්ෂාවක් තියෙනවනේ..”

“ ගාමිණි මාමගේ මරණේ ගැනත් පොලිසියෙන් එච්චර හෙවුවේ නෑ නේද?”

“ ඒකනේ පුතා මම කලින්ම කිවුවේ.. ගාමිණි මාමා වෙනුවෙන් සාධාරණයක් කරන්න පුළුවන් පුතාට විතරයි කියලා.. රණවීර ඔය හැම දෙයක්ම යට හගනවා.. අපිට මුකුත්ම කරන්න වෙන්නේ නෑ..”

“ චන්දෙන් පස්සේ මොනවා වෙයිද මාමේ?”

“ ගාමිණියගේ මරණේත් එක්ක ගොඩක් මිනිස්සු රණවීරගෙන් අපේ පැත්තට ආවා.. මොකද ගාමිණියගේ මනුස්ස කමට සලකන මිනිස්සු සෑහෙන ඉන්න නිසා.. ඔය වත්තෙන් එහා ඉන්න ලොකු මහත්තුරු පවා.. බලන්නකෝ පුතා අන්තිම දවසේ ටවුන් එකේ තියෙන රැස්වීමට ඔය ගොඩක් දෙනෙක් ඒවි..”

“ තව දවස් කීයද තියෙන්නේ.. මේ ටික දවසට අපේ ජීවිත කොච්චර නම් වෙනස් උනාද?”

“ ඕවා ඔහොම තමයි පුතා.. මම යනවා කට්ටියත් එක්ක පුතාගේ අන්තිම රැස්වීම ගැන මිනිස්සු දැනුවත් කරන්න..”

“ පරිස්සමින් ගුණේ මාමේ.. මම හින්දා මට ගාමිනී මාමත් නැති උනා..”

කිසිවක් නොකියාම මුවගේ සිනහවක් රදවමින් සුනිලේ හිස අතගෑ ගුණදාස වත්තේ අය හා පිටව යන අයුරු දෙස සුනිල් මොහොතක් බලා සිටියේය..

                                     .........................

“ මංත්‍රීතුමා මේ යන විදිහනම් එච්චරම හොද නෑ..”

සුපුරුදු පරිදි රණවීරගේ නිවසේ රැස්වී කතාබහ කරමින් උන් ගෝලබාලයෝ රණවීරගේ චන්ද වැඩ කටයුතු ගැන මතක් කලේය..

“ ගාමිණියගේ මරණේ අපිට අවාසියක් උනා මංත්‍රීතුමා.. ඒකෙනුත් උනේ සුනිලට තව මිනිස්සු එකතු උන එක..”

“ ඔව් මංත්‍රීතුමා මෙහෙම ගියොත් සුනිලා දිනන්නත් ඉඩ තියෙනවා..”

“ බොරුවට කෑ නොගහා ඉදහන් යකුනේ..”

නිහඩව හැමෝටම ඇහුම්කන් දීගෙන උන් රණවීර හිද ගෙන හිටි පුටුවෙන් නැගිට්ටේ කේන්තියෙන් පුපුරමිනි..

“ තාම මේ කිසි දෙයක් ඉවර නෑ..”

“ ඒ කිවුවේ මංත්‍රීතුමා?”

“ චන්දෙට තව දවස් තියෙනවා.. අනික අපි මීට කලින් දින්නෙත් මිනිස්සුන්ගේ කැමැත්තෙන්ද?”

“ ඒත් මංත්‍රීතුමා මේ පාරනම් ඒවා කරන්න බැරි වෙයි.. හමුදාවයි පොලීසියයි දෙකෙන්ම ඉන්නවා ආරක්ශාවට..”

කේන්තියෙන් උන් රණවීර ඔහුට පහරක් එල්ල කලේ ආවේගය පාලනය කර ගත නොහැකිවය..

“ තොපිට දෙයක් කරන්න බැරි නම් කට වහගෙන ඉදපං.. බොරුවට මෙතන කියවන්නේ නැතුව..”

රණවීරගේ ගෝලයෝ එකිනෙකා මුහුණු බලාගෙන කිසිවක් නොකියාම බිම බලා ගත්තේ කේන්තියෙන් ඉන්න ඔහු හා තවත් කතා කරන්නට යාම නුවණට හුරු නැති නිසාය..

“ මොන දේ උනත් මමයි මේ පාර දිනන්නේ.. මේ රණවීර පරදින මිනිහෙනක් නෙමෙයි..”

                                         ....................

අවසන් රැස්වීම සූදානම් වූයේ කාගෙත් ලොකු බලාපොරොත්තු ඇතිවය.. නගර මද්‍යයේ ඉදිවූ වේදිකාව ලගට රැස්වීමට හෝරාවක් තියාම සෙනග ඇදී එන්නට වූයේය..

“ මම කිවුවේ පුතා.. අද වෙනදට වැඩිය කට්ටිය එනවා කියලා..”

සුනිල් රැස්වීම අමතන්නට කලින් ඒවටා රොක් වූ මිනිසුන් පෙන්වමින් ගුණදාස පැවසුවේ සතුටිනි..

“ මෙතන ඉන්න සමහරක් අය තාම පුතාට චන්දේ දෙනවද නැද්ද කියලා තීරණයක් නැතුව ඇවිත් ඇත්තේ.. යන්න ගිහින් ඒ අයගෙත් හිත දිනාගන්න විදිහට කතා කරන්න..”

සුනිල්ගේ හිතේ රැදි ඇත්තේ බලාපොරොත්තු දහසකි.. ඒ ඔහුගේම ඒවා පමණක් නොවේය.. වත්තේ තමන් මෙන්ම කාලයක් දුක් විදි තමන්ගේම මිනිසුන්ගේ බලාපොරොත්තුත් ඔහු සතුය.. කතාව අවසානයේ නැගුන මහා ඔල්වරසන් හඩ අතරේ  සන්ද්‍යාව නිමා උනේ මහත් බලාපොරොත්තු රාශියක් ඇතිවය..

ඒත් ගුණදාස පසු වූයේ නොසතුටිනි.. ඒ සුනිල්ගේ කතාව පුරාවටම ඔහු සදහන් කලේ ගාමිණි ගැන වූ නිසාවෙන්ය.. ගාමිණිගේ මරණය පලිහක් කර ගනිමින් සුනිල් චන්දය දිනන්ට හදනවාදැයි ගුණදාස මොහොතකට කල්පනා කලේය..

“  පුතා හැම තැනකම ගාමිණිගේ මරණේ ගැනම කතා කල එකට මම එච්චරම කැමති නෑ..”

“ ඇයි ගුණේ මාමේ? මාමමනේ කිවුවේ මම දිනුවොත් තමයි ගාමිණි මාමට සාදරයක් ඉටු කරන්න පුළුවන් කියලා..”

“ ඔව් ඒක ඇත්ත.. ඒත් ඒ මේ විදිහට වචන වලින් නෙමෙයි.. ක්‍රියාවෙන්..”

“ මට සමාවෙන්න ගුණේ මාමේ.. මම ඒ ගැන එච්චර හිතුවේ නෑ..”

“ දැං උන දේ උනා.. අපි අනිද්දා වෙනකම් බලාගෙන ඉමු.. දැං පුතා ටිකක් නිදහසේ ඉන්න..”

ගුණදාස හිටියේ දුකින් උවත් ඒ ගැන ඔහු වැඩිය සුනිල් හා වාද කරන්නට නොගියේය.. එදා සවසත් සුපුරුදු විදිහට තම මොතුරාගේ සුසානය ලගට ගිය ගුණදාස එහි කාලය ගත කලේ හිතේ දුක මැකි යන තුරුය..

වහල්ලුන්ගේ ජීවිත වෙනස් කරන්නට තැනූ මාවත ඉදිවී හමාරය.. දැන් බලා සිටිය යුත්තේ අවසන් දිනය උදා වන තුරුය.. 




Thursday, 9 February 2012

මලක් උනේ ඇයි නුඹ..

“ඇයි මට ඒ දෑස් අමතක කරන්න බැරි.. යාළුවෝ කියන විදිහට නුඹ මුදලට විකිණෙන්නියක්.. ඒත් මට මොහොතකටවත් එහෙම හිතෙන්නේ නැත්තේ ඇයි?”

උදෑසන නිදි යහනයේ ඉදන්ම කලින් දා රාත්‍රියේ හමුවූ ඇය ගැන මම හිතන්න පටන් ගත්තේ ඇයි කියලා මට තේරෙන්නේ නැතත් ඇය වෙනුවෙන් හිතේ උපන් නොදන්න සිතුවිල්ලක්  ඇයව මගේ සිතුවිලි වලට හෙමින් හෙමින් අරගෙන ආවා.. ඊයේ යාළුවොත් එක්ක රාත්‍රියේ එළියට ගියේ දිගු කාලෙක ඉදන් අවිවේකීව ගෙවු දවස් නිමා කරන්න හිතාගෙන..

“ මචං අළුත් ක්ලබ් එකක් තියෙනවා.. ලස්සන කෙල්ලොත් ඉන්නවා.. යමුද?”

“ උඹලට පිස්සුද බං..”

“ මේ විකාර නැතුව වරෙං යන්න.. ඔතන ඉස්සරහින් වාහනේ හරවපංකෝ.. මම කියන්නම් පාර..”

මග හරින්නම බැරි තැන ඔවුන් එක්ක යන්න කැමති උනේ මීට කාලෙකට කලින් මගේ හිතටම උන ආයෙම බොන්නේ නෑ කියන පොරොන්දුවත් මතකේ තියාගෙන.. එක එක තරා තිරමේ මිනිසුන් අතරේ අහම්බෙන් වගේ නෙත ගැටුන නුඹ මේ තරම් මගේ මතකයේ හොල්මන් කරාවියි මම මොහොතකටවත් හිතුවේ නෑ..

“ ඒ මචං.. අර බලපන්කෝ අර කෙල්ල.. මාර ලස්සනයි බං..”

“ හ්ම්ම්..”

වැඩි යමක් කියන්නට නොගියත් ඇය මම මින් පෙර දුටු අයට වඩා සුන්දර බැවු මම හිතින් පිළිගතිමි..

“ මොකද කියන්නේ මචං.. කතා කරමුද?”

“ උඹලට පිස්සුද? ඒ කෙල්ල එහෙම නැතුව ඇති..”

“ මෙතන ඉන්න ඔක්කොම එකයි බං.. සල්ලි වියදම් කරන්න පුළුවන් කියලා තේරුනොත් නිකම්ම අපේ ලගට ඒවි..”

“ ඒ උනත් ඒ කෙල්ල අහිංසකයි වගේ බං..”

මිතුරන්ගේ හිනා හඩට යට උන මගේ සිතුවිලි නෙතින් ඇය  මානයට අරං ගියේ කාටවත් නොදැනීම.. රාත්‍රිය අවසන් වෙන්නට මත්තෙන්ම ඔවුන් නිවැරදි යැයි ඇස් පනාපිටම මට තේරුම් ගියත් මගේ දෑස් ඉදිරියේ මොහොතකට නැවතුන ඒ දෑස් අතරින් වෙනම කතාවක් මැවුවේ ඇයිද කියලා මට තාම තේරෙන්නේ නෑ..



රැයේ පිපි කඬුපුල් මල නුඹ
ඹමරුන් සරන මල් උයනක
විකසිත වී කඳුළු සලන මල
පිපුන පවට අපිරිසිදු ලොවට..

ඇස ගැටෙන වල්මත් ඹමරිදු
ඇදි එයි සොයා රොන් සුව
මලේ රොන් ගෙන අදුරේම
ඉගිල යයි උන් හොර රහසේම..

රැයේ සුවද විහිදා නුඹ
සැගව යයි හිරු නැගෙත්ම
ලොවට වසන් වී කසුම
සුසුම්ලයි බැසයන හිරු දැක..

අගහිගකම් දැනෙන ගේ පැලක
විකසිත උනේ නුඹ පවට
ඒත් ඇයිද නුඹ මලක් උනේ
රැයේ පිපී පරව යන..

නොපෙන්නා ලොවට නුඹේ කඳුළ
හිනැහුනේ කිම විකුණා අසරණ කම
කඳුළු ගොඩක් තව නුඹේ ජීවිතයට
ලං කර ගත්තේ ඇයි නුඹ මෙලෙස..











Wednesday, 8 February 2012

සූදුව

මලයගේ බේබදු කතා කියවලා කට්ටිය මට බනිනවද දන්නේ නෑ.. අපිට මිනිස්සුන්ගේ හැදියාව වෙනස් කරන්න බෑනේ.. අර අද පලාමල්ල ලියන පිස්සා ලියලා තිබ්බා වගේ බොන එකක් බදිනකම් විතරයි කියලා ඔන්න ඔහේ අපි අහක බලාගෙන ඉමු.. හරි ඒවයින් වැඩක් නෑ.. මලයගෙ බේබදු කත අස්සේ ඔන්න මම කියන්න යන්නේ සූදුව ගැන.. අයියලා මල්ලිලා ඔක්කොම මහා එපා කරපු උන් කියලා හිතාගෙන ඔන්න පෝස්ට් එක කියවන්න එපා.. මේක සුන්දර මතකයක්..

හැම නත්තලකම වගේ අපි ඉන්න කතානියා සිටි එකට එනවා සකර්ස් කණ්ඩායමක්.. ගොඩක් වෙලාවට ඔවුන් දෙසැම්බර් මාසේ මැද ඉදන් ජනවාරි මාසේ මැද වෙනකම් කතානියා සිටි එකේ හැම රෑකම සංදර්ශණ තියනවා.. ගොඩක් වෙලාවට ඔක දින ඉක්මවාත් ඉන්න වෙලාවල් තියෙනවා.. සිටි එක මැද තියෙන ලොකු වාහන නවත්වන ස්ථානෙක තමයි ඔවුන් ඉන්නේ..  ගොඩක් වෙලාවට දවල්ට බයිසිකලෙන් ඔය ලගින් යද්දි නිදැල්ලේ ඉන්න ඔටුවෝ, සීබ්රාවෝ වගේම කූඩු කරලා ඉන්න සිංහයොත් දකින්න ලැබෙනවා..

මුල්ම පාර ඒ කියන්නේ 2008 අවුරුද්දේ මම ඉතාලියට ඇවිත් නත්තලක් සමරපු මුල්ම අවුරුද්දේ අපි ගියා ඔය සර්කස් එක බලන්න.. ලංකාවේ ඉද්දී ඔහොම එකක් මම බලලා තිබ්බේත් නෑ.. ඒ හින්දා කොහොමහරි ඉතින් අධික මිලකට තිබුන ටිකට් එකකුත් අරගෙන ශාලාව පිරෙන්න හිටපු 10-15 දෙනත් එක්ක අපිත් බැලුවා සර්කස් එකක්.. ජීවිතේ පළවෙනි පාරට බලපු නිසා මමත් මුලින් ආසාවේ බැලුවත් අන්තීමේ එපා වෙලා හිට්යේ.. ඒ සල්ලි වලින් බඩ පිරෙන්න කන්න තිබ්බා කියලා බැන බැන තමයි අපි එදා ගෙදර ආවේ..

සුපුරුදු විදිහට මේ සර්කස් එක 2009 අවුරුද්දෙත් ආවා.. කලින් අවුරුද්දේ මහිරි මතකයන් නිසා අපි මේ අවුරුද්දේ ඒ පැත්ත පලාතේ ගියේ නෑ.. ඒත් 2010 අවුරුද්දේ ඔවුන් ආවේ ලොකු කානිවල් එකක් විදිහට.. ඒ කියන්නේ අර සර්කර්ස්  එකට අමතරව තව බලන්න දේවල් ගොඩක් තිබ්බා.. එක එක විදිහේ සෙල්ලමුත් තිබ්බා.. ඔය ඉලක්කෙට වෙඩි තියන ඒවා වගේ..

ඔය අතරේ ඇවිදන්  යද්දි අපේ මතකයට හුගක් ලග සෙල්ලමක් අපිට හම්බුනා.. කට්ටියට කවුරුත් දන්නවනේ Mr.Bean අංකල්ව.. මතකද අංකල් පොඩි එකෙක් එක්ක කානිවල් ගිහින් සෙල්ලම් කරනවා.. අර පොඩි එකෙක් ඇවිත් අන්තිමේ ඔක්කොම කාසි ටික උස්සන් යන්නේ.. හරි හරි අමතකනම් ඔන්න මෙතනින් ගිහින් බලන්නකෝ..

ඉතින් අපිටත් පේනවා වැටෙන්න ඔන්න මෙන්න තියෙන කාසි ගොඩක් එක්ක හිස්ව තියෙන කාසි මැශින් එක.. අපිත් ඉතින් පොඩ්ඩක් ලං උනා.. අපි එක කාසියක් දැම්මත් වැටෙන සයිස් එකේ අර ඔක්කොම තියෙන්නේ.. අපිටත් දැන් මේක බලන් නිකන් ඉන්නත් බෑ..

“ අර බලනවකෝ මේක මැශින් එක හෙලෙවුවත් කාසි වැටෙයි..”  එහෙම කිවුවේ අංකල් ජොන්සන්..

“ මොකෝ කියන්නේ සෙල්ලම් කරමුද?”  ඒ අපේ අයියා..

“ මේ මගේ අතේ නම් සල්ලි නෑ..”  ඒ මම...

“ අපි නිකන් අහලා බලමු..”

අපිත් ඉතින් එතන බුම්මගෙන හිටපු මෑන්ස් ලගට ගිහින් කතා කලා.. යුරෝ දෙකකට අපිට සෙල්ලන් කරන්න දාන්න කාසි 10 දෙනවා.. ( යුරෝ එකක් කියන්නේ දැන් නම්  ලංකාවේ මුදලින් රු.150ක්) අර බැබලි බැබලි තියෙන කාසි මල්ල ගන්න එක කාසියකුත් ඇතිනේ ඔන්න ඔහේ ගමු කියලා අපිත් අරගත්තා කාසි 10ක්.. අරං ගිහින් මැශින් එක ලගින් වාඩි වෙලා කාසි ටික බෙදා ගත්තා.. බෙදාගෙන දහසක් පැතුම් තියාගෙන සෙල්ලම පටන් ගත්තා..

පළවෙනි කාසිය දැම්මා.. හත් දෙයියනේ ඒකට උන දෙයක් නෑ.. බැලුවා කාසි දාන්න තියෙන හිලට ඇහැ තියලා.. එකේ කාසි ඔක්කොම් හිර වෙලා.. එකක් වත් ඇතුලට වැටෙන්නේ නෑ.. අපිට කලින් එවුනුත් දාපු කාසි 20ක් විතර ඒකේ හිර වෙලා.. ඒ පාර අපි වෙන කාසි දාන්න තියෙන හිලකින් ට්‍රයි කලා.. ඒ පාර කාසිය වැටුනා.. ඒකත් ගිහින් අර ගොඩට එකතු උනා මිස කිසිම දෙයක් අපිට ලැබුනේ නෑ.. ටිකක් වෙලා ඔහොම යද්දි අපි දාපු කාසියකට තෑගි දිනා ගන්න පුළුවන් කාසි ටිකක් වැටුනා.. ඔය අතරේ ඉතින් අපි දාන වර්ගේ කාසිත් එනවනේ.. එතකොට ඒවා ආයේම දාන්න පුළුවන්.. ඒකත් පොඩි වාසියක්..

කොහොම හරි ඉතින් එකක් එක අගයන් තියෙන කාසි කීපයක් අපේ ලග ඉතුරු වෙද්දි අපිට සෙල්ලම් කරන්න තියෙන කාසි ඉවර උනා.. අර අතේ එකතු උන ඒවා දිලා ගන්න පුළුවන් පුංච් බෙයාර් කෙනෙක්.. ඕක අරං මොනා කරන්නද.. ඔය අතරේ ඉතින් අපේ අංකල් ගෙදර යතුර දාලා අර හිර උන කටේ කාසි ඇතුලට වට්ටන්න හැදුවේ නෑලු.. කරන දේකුත් නෑ.. අතර මැද දාලා යන්නත් ලෝබයි.. ඔය වෙලාවේ ඉතින් අර අතේ සල්ලි නෑ කියපු අයගෙත් පර්ස් වලට සල්ලි ඉබේ පහල වෙලා ආයෙමත් සල්ලි දීලා කාසි අරගන්නවලු..

පැයක් එකහ මාරක් විතර ඔය වැඩේ උනා.. ඔය අතරේ ඉතින් අංකල් Mr.Bean වගේම කාසි මැශින් එකට හෙමින් තට්ටු දානවලු අර කාසි ගොඩ වැටෙන්න.. මොන ඒක හෙල්ලෙන්නේවත් නෑ.. ඔය වෙද්දි අපිත් යුරෝ 30ක් විතර වියදම් කරලා කාසි අරගෙන.. ඔහොම යද්දි ටික මොහොතකින් අපේ බලාපොරොත්තු ඉටු කරමින් අර හිර වෙලා තිබ්බ කාසි කන්ද කඩාගෙන වැටුනා.. අංකල්ගේ තට්ටුවටද එහෙම නැත්නම් කාසියේ වාසනාවටද කියන්නනම් දන්නේ නෑ ඔන්න.

එතනම අපිට තෑගි ගන්න ඕන කරන කාසි සෑහෙන්න ලැබුනා.. ඔක්කොම අගය එකතු කලාම 3000ක් විතර තිබ්බා වගේ මතක.. අර ගොඩත් එක්ක ආපු කාසි ආයෙම දාලා අපි සෙල්ලම් කලා.. ටිකක් වෙලා යද්දිනම් අපිටත් එපා උනා.. ඇයි මේක ඉවර වෙන සෙල්ලමක් නෙමෙයිනේ.. ඒ පාර අපි අර තෑගි දෙන්න තියෙන කාසි ඔක්කොම් එකතු කරලා අපි කරන්නේ මොකද්ද කියලා පැය ගානක් ඇසි පිය නොහෙලා බලාගෙන හිට්පු ඉතාලි කාරයට ගෙනිහින් දුන්නා.. දැන් තියෙන්නේ අපිට ඕන තෑගි තෝර ගන්න..

අපි ලග තියෙන ගාන වැඩියි.. ඒවට හම්බෙන්නේ මොනවද කියලා දන්නවද.. කඩු, කිනිසි, රම්බෝ පිහි වගේ ආයුධ.. එතනින් එකක් තෝරගන්න ගිහින් අපි රණ්ඩු උනේ නැති ටික විතරයි..  තුන් දෙනාම කැමති ජාති තුනකට.. අවසානයේ අපි මෙන්න මේක අරගෙන ගෙදර ආවා.. බලන්න්කෝ කොහොමද කියලා..






ඕක අරන් ගෙදර ආවත් අන්තිමේ පොඩි කොස්සක් ඉතුරු උනා.. මොකද ඔතන සෙල්ලම් කරන්න අපි තුන් දෙනාම සල්ලි දැම්මා.. අයියයි මමයි කොහොම උනත් අංකල්ට කොටසක් ඕකේ දෙන්නම ඕන.. නැත්නම් ඒක හරි නෑනේ.. ඒත් මේ සෙට් එකෙන් එක්ක දුන්නම ඒකේ ඇති වැඩකුත් නෑ.. ඉතින් අපි කලේ ඊට පස්සේ සතියෙත් ආයෙම ගියා සෙල්ලම් කරන්න.. එදත් අර ගානම වගේ වියදම් කරලා අපි සෙල්ලම් කලා.. එදා තෑග්ග අංකල්ට අරගන්න කියලා තමයි අපි වැඩේ පටන් ගත්තේ.. අපි සෙල්ලම් කරන්න ඉස්සෙල්ලම අංකල් ගිහින් එයාට ඕන තෑග්ග බලාගෙන ආවා.. ඊට පස්සේ ඒකට අරගන්න ඕන පොයින්ට්ස් ගාන එකතු වෙනකම් අපි සෙල්ලම් කලා.. අංකල් අර ගත්තේ රම්බෝ පිහියක්.. ඒකනම් දැං නෑ.. එයා ලංකාවට දාලා.. නැත්නම් ෆොටෝ එකක් දාන්න තිබුනා..






Tuesday, 7 February 2012

මලයාගේ බේබදු කථා

හලෝ කස්ටිය කොහොමද ඉතින් ජීවිතේ...කස්ටිය ඉතින් මාව ටික ටික දන්නවා ඇති..මම පුබුදුවා..ඔව් ඔව් අයියාගේ මලයා තමයි...අයියගේ බ්ලොග් වැඩ වලට උදව් වෙනකොට මටත් නිකමට හිතුණා මොනවා හරි ලියලා දාන්න.ගොඩක් ඉස්සර සිත්මල් යාය කියලා බ්ලොග් එකක් කලා...ඒක නම් දැන් නැහැ හෙහ් හෙහ්...දැන් හැබැයි මට ඔය කලාත්මක දේවල් නම් හිතට එන්නේ නැහැ ලියන්න...බොරු කියන්නේ මොකටද?ඉස්සරනම් තිබ්බා...ඒත් පස්සේ ඒවා නිකම්ම නැති වෙලා ගියා.දැන් ඉතින් ලියන්න වෙන්නේ ඔය ඔෆීසියෙන් කස්ටිය සෙට් වෙලා බොන්න ගිහින් දාපු ජොලි තමයි
කස්ටියගෙන් බැනුම් අහන්න වෙයිද දන්නේ නැහැ.අපේ අයියා නම් ඉතින් සුරා සූදුවෙන් තොරයි...ඉස්සර නම් හොරෙන් බ්ව්වා ඒත් දැන්නම් නැහැ.
එහෙනම් කතාව පටන් ගමු...අපේ ඔෆීසිය ගැනම කියලා.මම දැන් මේ ඔෆීසියේ වැඩ කරන්න අරන් අවුරුද්දක් විතර ඇති.ගිය මුල් දවස් වල ඒක නිකන් මල ගෙයක් වගේ..එක්කෙනෙක්ට එක්කෙනෙක් කතා කරන්නේ නැහැ..අඩුම ගානේ කන්නේත් වෙන වෙනම...කට්ටිය එක්ක සෙට් වෙලා පුරුදු මට නිකන් මේක මරන්න වගේ...එපා වෙලා තිබ්බේ

අනික ඔෆිස් එකේ හිටපු පොඩිම එකා මම.ඉතින් කට්ටිය මට පොඩි පුතා කියන්න ගත්තා.පස්සේ මම අලුතින් ආපු කොල්ලො දෙන්නෙක් සෙට් කරගත්තා...කන වෙලාවට එක මේසේ 3 දෙනා කෑවා..අනිත් අයට මැජික් වගේ

කොහොම හරි ඔෆිස් එක දියුනු වී ගෙන එද්දී අලුතින් කට්ට්ය ගත්තා.ඊට කලින් කියන්න ඕන මම යන්න කලින් ඔෆිස් එකේ කවුරුවත් බොන්නේ නැහැ.ඒක දැනගත්තේ ඒකාලේ ඔෆිස් එකේ අයියා කෙනෙක්ගේ වෙඩිමකට ගියා ඔක්කොමලා...එකෙක්වත් වැරදිලා වත් දුන්න විස්කි එකක් බිව්වේ නැහැ..මට බොන්නත් බැහැනේ ලොකු උන් නොබොද්දි මම කොහොමද බොන්නේ...අයියෝ විස්කි කිව්වලු...

අලුතින් ගත්ත සෙට් එකේ නම් මගේ වයසේ සෙට් එකක් ඉන්නවා...බලද්දී ඒත් පොඩිම එකා මම අනිත් පොඩි එකා මට වඩා අවුරුද්දක් වැඩිමල්..කොහොම හරි කල් යද්දී 7 දෙනෙක් හොදටම සෙට් වුනා..ඒ අතර ඉස්සර ඉන්දන්ම ඔෆිස් එකේ හිටපු අයියා කෙනෙකුත් සෙට් වුනා....මරු පොර බුවා ටත් ඔෆිස් එකේ සෙට් වෙන්න කවුරුත් නැතුව ඉන්දලා තියෙන්නේ.අපේ ලන්ච් ටයිම් එකට දැන් අපේ මේසේ පිස්සන් කොටුව වගේ.හතරදෙනෙක්ට ඉන්න පුලුවන් මේසේ දැන් 7 දෙනෙක් ඉන්දන් බත් මුල් ලෙහාගෙන කනවා...අපේ බත් එක නිකම් පිස්සිගේ පලා මල්ල වගේ..නැති එලවලුවක් නැහැ


ඇයි ඉතින් 7 දෙනෙක් එලවලු බෙදාගත්තම හිතාගන්නකෝ..කවුරු හරි ලෙඩ වෙලා ඩොක්ටර් කෙනෙක් ගාවට ගිය වෙලාවක ඩොකා ඇහුවොත් මොනවද ඊයේ දවල්ට කියලා බඩුම තමයි ඉතින්....
වැඩේ කියන්නේ සෙට් වුන 7 දෙනාම අමු බේබද්දෝ...මම තමයි ඉතින් පොඩ්ඩක් බීලා නිකන් ඉන්නේ
කොහොම හරි අපෙන් පස්සේ ඉස්සර ඉන්දන් ඔෆිස් එකේ හිටපු අයත් දැන් එක මේසේ ඉන්දන් කෑම එහෙම බෙදා ගෙන කන්නේ..පොඩි අයගෙන් හරි බලාගෙන හැදුන එක ලොකු දෙයක්.
ඔන්න එහෙනම් පලවෙනි බේබදු කතාව පටන් ගමු...මේ සෙට් වීමට මුල අපේ ඔෆිස් එකේ අක්කා කෙනෙක් ගේ බර්ත් ඩේ පාටි එක
පාටිය පටන්ගන්නවා කිව්වේ 6 ට.ඒත් අපි සෙට් එක එක(7 දෙනා) එහෙට ගියා 2 වෙද්දි අක්කට හෙල්ප් එකක් දෙන්න(මේ වෙනකොට ඔෆිස් එකේ අපි 7 දෙනා සෑහෙන්න ජනප්රියයි(අන්ඩපාල වැඩ වලට එහෙම)).
7 දෙනා ගේ නම් කියලා ඉන්නම්කෝ ලේසි වෙන්න කස්ටියට.මම මේ බොරු නම් කියන්නේ හොදද?අයියා බ්ලොග් එකට අප්ඩේට් වැටුනම මගේ මුහුණු පොතේ ලින්ක් යනවානේ...අපේ එකෙක් මේක දැකලා කියෙව්වොත් මගේ බෙල්ල මිරිකයි.එබැවින් නම් පමණක් මනකල්පිත වන අතර ගම් සැබෑ ඒවා බව සලකන්න.හරි මෙන්න සෙට් එක





කුන්ෆු පැන්ඩා:(මට වඩා අලි බඩක් තියෙන හැමතිස්සෙම බඩගිනි කියා ගන ඉන්න පොරක්)

කරදර:අසාධාරණේට වන්ෆොට් වගේ කෙලින් ඉන්න පට්ට වැඩ්ඩෙක්

බාර්නි : කණට ඇහෙන්න වචනයක් කියන්නේ නැති උපාසකයා වගේ ඉන්න හැබැයි මීයෝ දෙන්නා දෙන්නා අල්ලන පොරක්

කොහා : අපේ සෙට් එකේ ඉන්න පැහැපත්ම කොල්ලා(පැහැපත්කම කිව්වොත් කලුවරේ හිටියොත් දත් ටික විතරක් බලාගන්න පුලුවන්).අපි ඉතින් ඒ නිසා ආදරේට කලු ** කියලා තමයි කියන්නේ හෙහ් හෙහ්.

කබ්බා : මේහ් පොරට මේ කාර්ඩ් එක වැදුනේ මේ සෙට් වීමෙන් පස්සේ..කතාව කියෙව්වම තේරෙයි.මේ බුවා ලේසි පහසු නැහැ..ගම අවිස්සාවේල්ල පැත්තේ..බැහැලා දේසපාලනේ කරන පොරක්..අවිස්සාවේල්ල පැත්තේ ආසන සංවිධායක කමකුත් තියනවලුනේ

බ්රම්මේ : මේකා ඔෆිස් එකට එන්න කලින් අමධයප පොරක්..ඒත් නරක මිතුරන් ආශ්රය නිසා දැන් අපිට වඩා බොනවා.(වැරදියට  හිතන්න එපා..අපි කවදාවත් බොන්නේ නැති අයට බොන්න දෙන්නේ නැහැ ඉල්ලගෙන බිව්වොත් මිසක්).මේකා පලවෙනියට  බීපු දවස මතක් වෙද්දී මට ඉස්මොල්ලේ යන්න හිනා යනවා.

අන්තිමට ඉන්නේ ඉතින් මම තමයි මගේ ගැන විස්තර ඕන නැහැනේ ඉතින් !

හරි අක්කගේ බර්ත්ඩේ පාර්ටි එකේ ඉවෙන්ට් ඕගනයිසර්ස්ලා තමයි අපි.මරු ෆන් වැඩ ටිකක් සෙට් කලා හවස එන අයට.ඔන්න දැන් කට්ටියට වැඩ කරලා ඇගට එහෙම අමාරුයි..වෙලාවත් 5 විතර වෙලා.මේ වෙනකොටත් පාර්ටි එකෙන් පස්සේ කුන්ෆු පැන්ඩලහා සෙට් වෙන්න ප්ලැන් කරලා ඉවරයි.කටිටිය හිමින් සැරේ අක්කලගේ ගෙදරින් මාරු වෙලා නුගේගොඩ හන්දිය පැත්තට ආවා බැග් 2 ක 3 කුත් කරේ දාගන.දන්නවනේ ඉතින් බඩු ප්රවාහනය කරන්න බැග් එකක් එපයි.නැත්තන් පොලිස් මාමලා මොනවා හරි හිතුවොත්.

මුලින්ම සෙට් එක ගියේ අක්කට තැග්ගක් ගන්න...ඔක්කොමලම සල්ලි දාලා අක්කට හොද තෑග්ගක් ගත්තා කඩේකින්..පස්සේ නාවල ෆුඩ් සිටි එකට ඇදුනා හිමින් සැරේ.ගිහින් හොද ශොපින් පාරක් දැම්මා.

smirnoff apple බෝතල් 2
Lemon Gin බෝතල් 2
බියර් ටින් 7
24 පැකට් 2(දන්නවනේ මොනවද කියලා)


බයිට් එකටත් සෑහෙන්න දේවල් ටිකක් ගත්තා.
තව මෙගා බීම බෝතල් 4 කුත් ගත්තා




වෙලාව 6.30 ත් වෙලා කටිටිය දැන් බඩුත් අරන් දුවලා අක්කලහට ආවා....ඔෆිස් එකේ අනිත් අයත් ඇවිත්..අක්කේ ගේ කේක් එක එහෙම කපලා හැපි බර්ත් ඩේ සින්දුව කියලා පාර්ටිය පටන් ගත්තා.


බැලුන් ඩාන්ස් පේපර් ඩාන්ස් එකක් එහෙම නැගලා ගියා...හොදම ටික පටන් ගත්තේ පස්සේ...පොඩි බෑන්ඩ් එකක් ගහන්න පටන් ගත්තා..සර්පිනා එකයි ගිටාර් එකයි තබ්ලාවකුයි මරේ මරු...ලස්සණ පරණ සින්දු ටිකක් කියනවා ආසාවේ බැහැ..කට්ටිය නටනවා හෝ ගාලා..ඒත් අපේ සෙට් එකට ඩාන්ස් ස්ටෙප් එන්නේ අඩුවෙන්..energy drinks නැහැනේ..කටිටය කතාවෙනවා මෙහෙම කරන්න බැහැ කියලා...ඊට පස්සේ කට්ටිය තීරණය කලා එතනදීම බෝතලයකට වග කියන්න(දැන් ඔයාලා බලයි පාර්ටි එකේ බොන ජාති තිබ්බේ නැද්ද කියලා ඇත්තටම නැහැ ඒක අපදයම පාටියක්)

කටිටිය හිමින් සැරේ කාට වත් නෝන්ඩි නොවී අක්කලගේ ගේ පල්ලෙහා තිබ්බ පොඩි ගරාජ් එකට ඇඩුනා..ඒකේ තමයි අපේ බඩු ටික හන්ගලා තිබ්බේ...7 දෙනාම ගරාජ් එකේ..මගුලයි දැන් මොකටද කලවම් කරන්නේ..කලවම් කරන්න දෙයක් නැහැනේ...මොනවා කරන්නද ඉතින් Lemon Gin එකක් කඩලා ගත්තා sprite බෝතලේ කුයි එක්ක...දැන් බෝතලේ 7 දෙනාගේ වටේට යනවා...GIn එකෙන් උගුරයි  sprite  එකෙන් උගුරයි.කොහොම හරි වට දෙක යද්දි බෝතලේ හිස්..බියර් දෙකකුත් කඩලා ඒකත් ඉවර කලා..ඔන්න දැන්නම් ටිකක් කික්.

කික් එකේම කටිටිය ආවා නටන තැනට..අප්පා දැන්නේ කට්ටියගේ වන්නම් ටික එලියට එන්නේ...කපල් ඩාන්ස් දානව අරව මේවා එක එක ඒවා...ෆුල් ජොලි හැබැයි කියලා වැඩක් නැහැ....ඊට පස්සේ කට්ටියට කෑමටත් ආරාධනා ලැබුනා..නටලා නටලා මහන්සි නිසා කටිටියම මදි නොකියා කදු කදු බෙදා ගත්තා...කාලා ආයි නැටුවා...11 ට විතර පාර්ටි එකේ අවසාන හරිය උදා වුනා..අපිත් කැබ් එකකට කතා කරලා කුන්ෆු පැන්ඩා ගේ ගෙදර යන්න ලෑස්තිවුනා...
කුන්ෆු පැන්ඩා ගේ ගෙදර ගිහින් වුන ටික මම ඊලග කොටසින් කියන්නම් කෝ...අදට යනවා ටටා..

මේවා කියව්වට කමක් නැහැ කවුරු වත් බොන්න යන්න එපා...ඒක හොද නැති වැඩක්..ඒක මතක තියාගන්න

Monday, 6 February 2012

ලොකු සර් ( කෙටි කතාව )

කොළඹ කොටුවෙන් ඈත පිටිසර ගම්මනාය කරා දිවෙන බසයකට ගොඩ උන විජේසේකර වීදුරුවක් අසළම අසුනේ හිද ගෙන ජනේලයෙන් ඉවතට නෙත් යොමා කොළඹ අවසන් වරට දැක බලා ගත්තේ ආයෙම මේ ජනාකීර්ණ නගරයට නොඑන්නට ගත් තීරණය නිසාමය.. කොළඹ ජනප්‍රියම පාසල විදිහල්පති වූ විජේසේකර තම ස්ථාන මාරු වීමේ ලිපියද සමග බසයට නැගුනේ තමන්ගෙන් අකුරු ඉගෙන ගන්නට බලා ඉන්න  අහිංසක දරුවන් පිරිසක් වෙනුවෙනි..

ළමයෙකුගේ වරදකට දඬුවමක් දෙන්නටවත් බැරි යුගයක ළමයින් සදාචාරයෙන් පෝශණය කරන්නේ කෙසේද? ඔවුන්ට අවැසි දැනුම විතරක්මද? ඔවුන්ව යහ මගට ගන්නට දඬුවමවත් දෙන්නට වත් අනුබලයක් නොමැතිව ඉන්නවාට වඩා මේ හැම දේකින් ඈත්ව ඈතකට යාම එක්  අතකින් හොද යැයි ඔහු බසයට වී තනියම කල්පනා කලේය..

ඇමති පුත්‍රයකුට දුන් දඬුවම තමන් මෙලෙස ඈත පිටිසර ගම්මානයකට හරවා යවන්නට මුලපිරුන හැටි ගැන ඔහු තවත් හිතන්නට අකමැතිය.. බලය ඉදිරියේ වැද වැටෙනවාට වඩා ඔවුන්ගේ කුරිරුකම් වල මුහුණ දීම ප්‍රතිපත්ති ගරුක ඔහුට කවදාවත් ප්‍රශ්ණයක් නොවුයේය.. තමන් වෙනුවෙන් බලා හිදින තවත් දරුවන් පිරිසක් ගැන හිතමින්ම දෑස අඩවන් කර ගත් විජේසේකට ආයෙම ඇහැරුනේ ගමනාන්තයේදීය..

නගරයේ නැවතුන බසයෙන් බැසගත් විජේසේකර පාසලට යන පාර මග උන් අයගෙන් අහගත් ඔහු පයින්ම තම අළුත් පාසල වෙත පිය මනින්නට වූයේ දුශ්කර උවත් ඒ ගමේ රැදුන සුන්දරත්වය විදගනිමිනි.. වෙල් යායක් අතරින් වැටුන ගුරු පාරක් දිගේ ඇවිදන් යන විජේසේකරට අතර මග වෙල් යාය අතරින් ගලා යන වතුර පාරේ බැහැගෙන උන් කුඩා දරුවකු දැක මොහොතකට නැවතුනේ ඉස්කෝලෙට යන පාර අසාගන්නට හිතාගෙනය..

“ දරුවෝ.. ඉස්කෝලෙට තව ගොඩක් දුරද?”

සවනතට වැටුන හඩින් මදක් කලබල උන් පොඩි දරුවා ඒ මේ අත බලද්දි මුවගට හිනාවක් නැගුන විජේසේකර ආයෙම ඔහුට කතා කලේය..

“ මම මෙහේ.. බෝක්කුව උඩ.. ඉස්කෝලෙට තව ගොඩක් දුරද?”

“ නෑ මහත්තයා.. මේ පාරේ කෙලින්ම ගියාම  හම්බෙන්නේ ඉස්කොලේ..”

“ ඔය මොකද කරන්නේ?”

පොඩි දරුවාගෙන් පාර අසාගෙන යන්නට සැරසුන විජේසේකර ආයෙම මොහොතකට නැවති ඔහු හා කතා කලේය.. වතුර පහරට බැසගෙන එහි පීනා යන පුංචි මාළුවන් හැදගෙන සිටි සරමටම එකතු කරන ඔහු විජේසේකර එසේ අසත්ම සරමට එකතු වී උන් මාළු පැටවුන්ට යන්නට දී අහිංසක ලෙස බිම බලා ගත්තේය..

“ පුතා ඉස්කෝලේ යනවද?”

“ ඔව්.. මම පහ වසරේ..”

“  ඔය වැඩේ කරන්න එපා.. පවු සිද්ද වෙනවා..”

විජේසේකර ආයෙම ගුරු පාරට වැටී ඇවිදන් එන අතර තුර ආයෙම හැරී බැළුවේ පොඩි දරුවා දෙසය.. වෙලේ නියර දිගේ ඇවිදන් යන ඔහු දැක විජේසේකරගේ මුවගට හිනාවක් නැගුනේ ගමේත් නගරයේත් වෙනස මතක්වීය..

දුහුවිල්ලෙන් ගුරුපැහැ උන ශාලා දෙක තුනක් පමණක් තිබුන පුංච් පාසල නගරයෙන් එන වෙන ගුරුවරයෙකුගේ හිත ඇද බැද ගන්නට සමත් නොවුනත් විජේසේකට ඒ පරිසරයටත් නිස්කලංක බවටත් පාසලට ඇතුළු වූ මොහොතේ ඉදන්ම ආදරේ කරන්නට පටන් ගත්තේය.. එතරම් ළමයින් නොසිටි පාසලේ වැඩි හරියක් ළමුන් ගුරුවරු හා විසාල ගස් සෙවනට වී අකුරු කරනු දැක විජේසේකරගේ හිතට නැගුනේ සතුටකි..

“ මහත්තයා කාවද හොයන්නේ?”

පාසලේ සුන්දරත්වය විදිමින් උන් විජේසේකර ලගට ආ මැදිවියේ කාන්තාව එසේ අසන තුරුම ඔහු ඇයව නොදුටුවේය..

“ ආ.. මම මේ ඉස්කෝලෙට පත්වෙලා ආපු අළුත් විදුහල්පති..”

“ ලොකු සර් කලින් දන්නලා ආවනම් අපි මේ ටික එක්කන් එන්න කාව හරි එවනවනේ.. අපි යමු කාර්යාලෙට..”

“ පයින් ආව එකෙන් මම මේ ගමේ සුන්දරත්වය හොදහැටි විදගත්තා.. එතකොට මේ?”

“ මමයි ඉස්කෝලේ සිංහල උගන්නන්නේ.. මේ තියෙන්නේ සර්ගේ කාර්යාලය..”

වසා තිබුන දොරගුළු විවෘත කල කාර්යාලයේ තිබුනේ මේසයක් පුටුවක් හා ලිපි ලේඛණ තවන්නට වූ අල්මාරි දෙක තුනක් පමණක්ය..

“ මේක හැමතිස්සෙම වහලා තියෙන් නිසා අපි අනිත් රාජකාරි වැඩ කරන්නේ ගුරු විවේකාගාරේ ඉදන්..”

ඇය විජේසේකරට කරුණු පැහැදිළි කලේ මකුළුදැල් බැදී දුහුවිල්ලෙන් පිරී තිබුන කාර්යාලය දෙසට ඔහු නෙත් යොමාගෙන සිටියදීය.. ඒත් විජේසේකරට එය අපහසුවක් සේ නොදැනුනේය..

“ මම ළමයි දෙන්නෙක් දාලා මේක අස්කරලා දෙන්නම්.. එතකන් අපි ටිකක් එළියෙන් ඉමු සර්..”

ඉහල පන්තිවල ළමුන් ලවා ඇය කාර්යාලය පිරිසිදු කරන අතරේ විජේසේකර ඇය සමග පාසල් වත්තේ ඇවිදිමින් සිටියේය..

“ මේ ඉස්කෝලේ ළමයි කීදෙනෙක් ඉන්නවද?”

“ ළමයි තුන්සීයක් විතර ඉන්නේ.. ඒත් ගොයම් කපන කාලේ වෙද්දිනම් ඉස්කෝලේ එන්නේ ප්‍රාථමිකේ ළමයි ටික විතරයි..”

“ එතකොට ගුරුවරු?”

“ අපි අට දෙනෙක් විතරයි සර් ඉන්නේ?”

“ හ්ම්ම්.. මිස්ගේ පන්තියත් පරක්කු වෙනවනේ මං හින්දා.. දැන් යන්න.. හවස ගුරු හමුවක් තියෙනවා කියලා අනිත් අයටත් කියන්න..”

ඈත වෙල් යායෙන් හමාගෙන ගිය මද සිසිල් සුළග හදවතින්ම විදගත් විජේසේකර ආයෙම කාර්යාලය වෙතට පිය මැන
ලිපි ලේඛණ පරීක්ෂා කරන්නට විය..

                           .................................

දින කීපයක් ගෙවී යත්ම අළුත් කොලු සර් ගැන ආරංච්ය ගම පුරාම පැතීරී තිබුනේය.. තම නවාතැනට හවස් වරුවේ හැමදාම වාගේ ගොඩ වෙන දෙමාපියන් ලොකු සර් හා කුළුපගව කතා බහ කලේය.. ළමුනුත් ලොකු සර්ට ආදරේ කරන්නට පටන් ගත්තේය.. ඒ අතරේ අහම්බෙන් මගදි හමු උන පොඩි දරුවා පිට්ටනියේ සෙල්ලම් කරමින් ඉද්දී විජේසේකර පාසලේදි දැක්කේ දින කීපයකටම පසුවය..

“ පුතා පහුගිය ටිකේම ඉස්කෝලේ ආවේ නෑ නේද?”

“ නෑ ලොකු සර්..”

“ ඒ ඇයි?”

“ අපේ අම්මට අසනීප උනා.. නංගිව බලාගන්න මට ගෙදර ඉන්න උනා..”

“ හ්ම්ම්.. පුතාගේ නම මොකක්ද?”

“ චාමර..”

“ චාමර දැන් පන්තියට යන්නකෝ.. විවේක කාලෙත් ඉවරනේ..”

නගරයේ මෙන් දෙපයට සැපපහසු සපත්තු යුගලක්වත් නොතිබුන ඔහු බොරුළු ඇනෙන වේදනාවවත් නොතකාම පන්ති කාමරයට දිව යන අයුරු විජේසේකර මොහොතක් බලා සිටියේය.. ආර්ථික අපහසුකම් ගෙවල් වල ප්‍රශ්න නොතිබෙන්න ඔවුන් ඉගෙන ගන්නට කොතරම් ආසාදැයි ගෙවුන මේ ටික දවසට විජේසේකරට තේරුම් ගියේය.. තමන්ගෙන් ඔවුන්ට තව බොහෝ දේ ඉටුවිය යුතුයැයි විජේසේකර කල්පනා කලේය..

දිනක් කාර්යාලයේ උන් විජේසේකර වෙතට හදිසියේම  දුව ආ චාමර හඩා වැටෙන්නට විය..

“ දරුවෝ මොකෝ මේ?”

“ අයියා කෙනෙක් මට ගැහුවා..”

“ අයියා කෙනෙක්? යං.. මාව එක්කන් යන්න ඒ අයියා ලගට..”

චාමරව සැනසු විජේසේකර ඔහු සමගින්ම ඔහුට පහර දුන්නායැයි කියන සිසුවා සියාගෙන ගියේ හිතේ තරමක කේන්තියෙනි.. අඹ ගහක් යට යාළු මිතුරන් හා වාඩි වී උන් තරමක් වයසට වඩා මුහුපුරා ගිය සිසුවා දෙස විජේසේකර මොහොතක් බලා සිටියේය..

“ ඇයි මේ පොඩි එකාට ගැහුවේ?

නිරුත්තරව උකුසු බැල්මෙන් ඒ මේ අත බලමින් උන් ඔහු දැක විජේසේකරගේ කේන්තිය තවත් වැඩි විය.. ඔහුගේ කමිස කොලරයෙන් කේන්තියෙන් විජේසේකට ඇල්ලුවේ පහරක් ගහන්නට සිතාගෙනම නොවුනත් ඔහුව බය කරන්නට හිතාගෙනය..

“ සර් දන්නවද අපේ තාත්තා කවුද කියලා?”




නිමි..










 

Sunday, 5 February 2012

අතීතය සිහිනයක් පමනයි..

මේ දවස් ටිකේම ඉස්සරහට වෙන්න යන දේවක් ගැන කල්පනා කර කර හිටියේ.. ඔව් ඔව්.. අර අවුරුදු 3 තමයි.. එදා ඉතින් ඒ ගැන කියපු වෙලාවත් කට්ටිය ගොඩක් දේවල් කිවුවනේ.. කොහොම හරි ඉතින් ඕක ලියපු නිසාම අපේ අයියත් හීන් නූලෙන් ගහගෙන ගිය ප්ලෑන් එකකුත් මාට්ටු උනා.. මේකත් ගෙදරට කතා කරාම කියලනේ මට ඔය අවුරුදු 3 දෙන්නත් එපා කියලා.. ඒ මදිවට අංකල් ජොන්සන්.. එයත් මේ පාර ලංකාව ගියාම අපේ ගම් පලාත උන ගාල්ලෙන්ම කෙනෙක් හොයලා අපේ ගෙදරට විස්තර කියනවලු..  කොහොම උනත් බලාගෙන යද්දි නැන්දට කතා කරපු එකෙයි ඒ ගැන බ්ලොග් එකේ ලියපු එකෙනුයි මේ හැම දෙයක් ගැන දැන ගන්න ලැබුනා..

හරි දැන් ඒවයෙන් වැඩක් නෑ.. ඔකේ තියෙන වාසි අවාසි ගැන හෙමීට හිතලා බලපු නිසාම මුකූත් නොකරම නිස්සද්දෙන් බලාගෙන ඉන්න එකයි හිදයි කියලා හිතුනා.. දැන් ඉතින් මම මේ අද ලියන්න පටන් ගත්තේ ඕක ගැන නෙමෙයි.. මේ ටිකේ ඉතින් ඔය ගැන කල්පනා කරද්දි මතක් උන දෙයක් තමයි ඉතින් ඔය ලංකාවේ ඉන්න කාලේ මගේ ජීවිතේට ලං උන අය ගැන.. හරි හරි දැං ඉතින් මට හිනා වෙන්නේ නැතුව මේ ක බැලුවනම්..

ඉස්සෙල්ලම මගේ ජීවිතේට ලං උනේ කවුද කියලා මම කලිනුත් ලිවුවා වගේ මතකයි.. “පෙරදිනයක මා පෙම්කල යුවතිය” පෝස්ට් එක සමහරුන්ට මතක ඇති..  ඉස්කෝලේ 10 වසරෙදි ඇති උන ආදරය නැවතුන හැටි මට දැන් මතකත් නෑ.. ඉස්කෝලේ කිවුවට ඉතින් අමතර පන්තියක තමයි.. දැන් නම් එයා බැදලා ළමයිනුත් ඉන්නවා.. මුහුණු පොතේ ඉන්නවා කියලා මගේ යාළුවෙක් කියපු නිසා ගොඩ වෙලා බැලුවා ඒ ප්‍රොෆයිල් එක පැත්තට..

ඊට පස්සේ කාලෙක ඒ කියන්නේ A/L කාලේ මගේ හිත ගිය කෙනෙක් ගැනත් මම කලින් කිවුවා.. අර   “ හංසියකට පෙම් බැන්දෙමි” පෝස්ට් එක මතක ඇතිනේ.. ඇත්තටම ඉතින් හංසිට මම හිතින් තමයි ආදරේ කලේ.. මොකද ඒක කියාගන්න බැරි උනානේ.. වෙලාව තමයි ඉතින්.. මොනවා කරන්නද.. හංසි ගැන පහුගිය දවසක හොයන්න පොඩි ඕනෑකමක් හිතට ආවත් මට එයාගේ වාසගමත් මතක නැති නිසා ෆේස්බුක් එකේවත් හොයාගන්න බැරි උනා.. ඒ දවස් වල නිතරම වගේ කතා කරපු නම්බර් එකක් තිබුනත් ඒක ගෙදරක නම්බර් එකක් නිසා මම වැඩේ අත ඇරලා දැම්මා..

ඊට පස්සේ A/L ලියද්දිම ඉස්කෝලෙදි අර “කට උලාගේ ආදර කතාවේ” එන එක්කෙනා ගැන හිතක් පහල උනත් පස්සේ ලොකු ප්‍රශ්න වගයක් නිසා ඒක එහෙමම නතර උනා.. ඒක ගැන වෙනමම පෝස්ට් එකක් ලියන්න ඉන්න නිසා මම ඒ විස්තරේ එතකොට කියන්නම්..

A/L ලියලා ඉවර උන කිට්ටුවම වගේ කලින් හිතට ලං උන හැමෝටම වඩා වෙනස් කෙනෙක් හිතට ලං උනා.. ටිකක් බටහිර පන්නයට ලැදි ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට ගිය එක්කෙනෙක්.. ස්පෝර්ට් මීට් එකකට ගිහින් තමයි එයාව මුලින්ම දැක්කේ.. අපේ ගෙවල් ලග ඉන්න අපේ  වයසේ කෙල්ලෙක්ගේ නෑදෑ වෙන නංගි කෙනෙක් මේ.. ඉතින් එතනින් ලැබුන වාසිය ගැන කියන්න ඕන නෑනේ.. ඔය කාලේ අතර තුරේ අපේ අයියත් ලංකාවේ හිටියේ.. ඉතින් දවසක් මම ෆොටෝ එකකුත් පෙන්නලා අයියට විස්තරේ කිවුවම “ ඕකනම් උඹට හරියන්නේ නෑ ඔක කරන එපා” කිවුවා..  කිවුවත් වගේම ටික කාලෙකින් ඒක හිතින් අත ඇරිලා ගියා..

ඒත් මම ඉතාලියට එද්දි අපේ අයියගේ යාළුවෝ සෙට් එකම කියන්න ගත්තා ඒ මම යාලු කෙල්ලයි කියලා.. ඒක උනේ මෙහෙමෙයි.. අයියා ලංකාවෙන් එන්න ඉස්සෙල්ල අපි දෙන්නා අපේ ෆෝන් දෙක මාරු කරගත්තා.. මට වැඩිය හොද එකක් අයියා ලග තිබ්බේ.. කොහොමහරි ඉතින් මට අමතක උනා ඕකේ තිබුන ෆොටො එක මකන්න.. අයියගේ ෆොන් එකේ තිබ්බ ෆොටෝ එක දැකලා යාළුවෝ අයියට වදේ ගහද්දි අයියා කියලා මේ මල්ලිගේ කෙල්ල කියලා.. ඊට පස්සේ ඉතින් කියන්න ඕන නෑනේ..  කොහොම උනත් දැන් එයාගේ ෆේස්බුක් එකේ තියෙන ෆොටෝ, නිතරම මාරු වෙන ස්ටේටස් දකිද්දි එදා අයියා මට කියපු දේ තේරුම් ගන්න පුළුවන්..

ඔහොම කාලයක් තිස්සේ හැම තැනකම කැරකි කැරකි තිබුන හිත අන්තිමට ඇවිත් නැවතුනේ පූජා ලග.. ඉන් එහා සිදුවීම් හැමදෙයක්ම වගේ හැමෝම දන්න නිසා මම ඒ ගැන ලියන්න යන්නේ නෑ..

ඊට පස්සේ මේ බොහොම මෑතකදි හිත යන්තමින් හරි වෙන කෙනෙක් ගැන හිතුවනම් ඒ මට ශ්‍රී ලංකන් ගුවන් යානයේදි මුණ ගැහුන එක්කෙනා.. මගේ සිතුවිල්ලේ පුංච් ඉඩක් එයාට ඇති උනත් පරණ මතකයන් නිසාම ඒකට තැනක් දෙන්න මට බැරි උනා.. එයත් ලගදිම බදින්න ඉන්නේ..

බලගෙන යද්දි අපේ අංකල්  කියන කතාවෙත් ඇත්තක් තියෙනවා..

“ බලනවා තමුසේ යාළු උන ඔක්කොම් කෙල්ලෝ දැන් බැදලා.. ළමයිනුත් ඉන්නවා.. ඒකට තමුසේ..”

වෙන ඕනම දේකදි එකට එක කියලා බේරෙන මට මේ කතාවටනම් ඇත්තටම දෙන්න උත්තර නෑ..  හීන් සැරේ කතාවෙන් මාරු වෙන එක තමයි ඉතින් මගේ ගැලවිජ්ජාව.. කොහොම උනත් ඉතින් කරුණු කාරණා අතීතය වර්ථමානය දිහා බලද්දි නම් ඉතින් මම තාම එතනම කියලා හිතෙනවා.. එදා පෝස්ට් එකට කට්ටිය කිවුවත් වගේ ඉතින් මේකේන් ගැලවිලා දුවන්න තැනකුත් නෑ තමයි..

තව කල් තියෙනවා.. ඊට පස්සේ කවුරු ජීවිතේට ඒවිද කියන්න බෑ.. ඒ කෙනා කවුරු උනත් එයා පූජා වගේ නොවෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනාවා.. මම එහෙම කියන්නේ  හේතුවක් ඇතුව.. ඒ මොකද ඒ එන කෙනා පූජා වගේ උනොත් මම එයා තුලින් පූජව දකින්න උත්සාහ කරයි.. මම ආයෙම ඒ හීනයේම ජිවත් වෙන්න උත්සාහ කරයි.. එහෙම උනොත් මම ඒ කෙනාටත් කරන්නේ ලොකු අසාධාරණයක්.. මට මේ වෙනකනුත් වෙන කෙනෙක් ගැන හිතන්න බරි උනෙත් ඒ නිසාමයි.. මම හැම තිස්සෙම හිතුවේ ඒ කෙනා පූජා වගේ වෙන්න ඕන කියලා.. ඒත් මගේ ඒ තීරණේ වැරදියි කියලා මම දැං දන්නවා..

කොයි දේටත් තව කල් තියෙනවා. දැං ඉතින් ඕවා ගැන හිතල වැඩක් නෑ.. මේ ටිකේ කල්පනා කරලා ගත්ත එක තීරනේ තමයි පොදු සමා කාලේ ඇතුලත පුළුන් තරම් රස්තියාදුවේ ගිහින් විනෝදෙන් ඉන්නවා කියන එක.. අනික එදා මම ඒ පෝස්ට් එක දාපු වෙලාවේ “ අපි අපි වගේ " බ්ලොග් එක ලියන මල්ලියා කිවුවා “ අපිට  එහෙනම් වර්ණ බලන්න තියෙන්නේ තව අවුරුදු 3යි නේ” කියලා.. ඔය කවුරු කොහොම ආවත් මේ බ්ලොග් කෙරුවාව නම් නතර වෙන්නේ නෑ.. නතර උනොත් ඉතින් ඒ මට ලියන්න අළුත් අදහස එන්නෙ නැති දාට තමයි..








ප.ලි : මේ ෆොටො එක කලින් දාලා තිබ්බේ.. මුල්ම කමෙන්ට් දෙකෙන් මේක හරි නෑ කියලා විරෝධතාවක් ආපු නිසා උඩ එක දැම්මා.. පරණ එකත් දාන්න කියලා ඔබා මමා කියපු නිසා ඔන්න ඒකත් දැම්මා..

Friday, 3 February 2012

නිදහස

යාන්තමින් හිරු රැස් වැටෙමින් තිබුන කවුළුව අතරින් එළිය බලාගෙන ඉද්දී ඒ අතරින් ඉදහිට පියාඹාගෙන යන  කුරුල්ලන් දැක්කම හිතට දැනෙන හැගීම කොයි වගේද කියලා නිම කරන්න බෑ.. උන් නිදහසේ තැනින් තැනට පියාඹලා යන්නේ කාගෙන්වත් තහනමක් නැතුව.. උන්ගේ නිදහසට වැට බදින්න කවුරුවත් නෑ.. ඒත් මනුස්සයෝ උන අපේ ජීවිත ඊට වඩා කොච්චර වෙනස්ද?

“ ඒයි අන්න ජේලර් මහත්තයා එන්න කිවුවා..”

සිර මැදිරි අතරින් ඇවිදන් ආපු සාජන්ගේ හඩින් මගේ සිතුවිල්ලි ඉහිරුණේ ආයෙම එකතු කර ගන්න බැරි විදිහට..

“ ඒ මොකද දන්නේ නෑ?”

“ මගෙන් අහන්නේ.. ගිහින් බලනවා..”

කූඩු කල සතුන් ගානට හැමදාමත් අපිව සලකන ඔහුත් සමග ඉන් එහා කතාවකට නොගිහින් කාර්යාලය දෙසට පිය මැන්නේ හිතේ දෙගිඩියාවෙනි..

“ ආ..  විමල්.. එනවා එනවා.. සුභ ආරංචියක් තියෙනවා කියන්න..”

“ සුභ ආරංචියක්?”

නොහිතාම මුවගට සිනහවක් නැගුනේ සිර මැදිරි අතර සුභ ආරංචි ආවේ කවදාද සිහියට නැගුන නිසාය..

“ හෙට නිදහස් දවසේ හිරෙන් නිදහස් වෙන්න ඉන්න අයගේ ලිස්ට් එකට මම තමුන්ගේ නමත් දැම්මා.. හිරේ විලංගුවේ වැටුනට තමුන් ඒ තරම් ලොකු වරදක් කරලත් නෑනේ.. අනික මෙහේ ඉද්දි ප්‍රශ්ණ ඇති කර ගත්තෙත් නෑනේ.. ඒ නිසා හෙට යන්න ලෑස්ති වෙන්න කියන්නයි මම එන්න කිවුවේ..”

ඔහුගෙනා ආරංචියට සතුටු වනවාද නැද්ද යන්න මට හිතාගන්නට බැරිය.. සිර කුටියෙන් මිදී නිදහසේ ඇවිදන් යන්නට ආසා නැති කිසියෙක් මැදිරි වල නැතත් ඔවුන් දැන් ඒ නිදහසට බයය.. මමත් ඒ නිදහසට දැන් බයය..

දුප්පත් කම හින්ද උන වැරැද්දට  නීතිය ඉදිරියේ වැරදි කාරයෙක් උන මට මේ ගෙවුන කාලයදී කොච්චර වෙනස් වෙන්න උනාද.. මගේ දරු පවුල.. ඔවුන් මම නැතුව මේ කාලයේ ජීවිතේ කොහොම ගෙනියන්න ඇත්ද.. එතකොට මේ සමාජය.. ඔවුන් මට මොනවා නොකියයිද?

සිතුවිළි අතරේම හිරවෙමින් ආපහු සිර මැදිරියට ආපු මම මහ හයියෙන් වැසුන දොර දෙස මොහොතක් බලා සිටියේ හෙටින් පස්සේ මේ දොර මාව නවත්තන්නේ නෑ නේද කියලා හිතාගෙන.. ඒ වෙද්දී හොදින් හිරු එළිය වැටෙමින් තිබුන කවුළුව අතරින් ආයෙම අහස දෙස බලාගෙන නිදහසේ පියාඹන කුරුල්ලන්ගේ නිදහස විදින්න මම උත්සාහ කලා.. ඒත්, ඒ නිදහස මට විදින්න පුළුවන් වේවිද?



නිදහසේ හුස්ම පොද
වැටෙන්නට මොහොතකට පෙර
ගෙවුන ඒ කළුවර අතීතෙට
සමුදෙන්න හදමි මම..

නැති බැරි කමට ගේ දොර
බලා නොයිද දරුවන්ගේ කඳුළ
ඉක්මන් උන නිසාවට මම
නැවතුන තැන ඈතක් නොපෙනෙන..

සතියකට දවසක් දකිද්දි පැටවුන්ව
හිත ගිණි ගන්නවා මගේ සාපයට
මගේ වරදට උන් ලද නම
මම කොහොම මකාලන්නද..

උඹල තේරුම් ගනීවි දවසක
ලොකු මහත් වෙලා සමාජය දකින කොට
අද හංගගෙන හිටියත් මූණ
එදාට සමාවෙලා කතා කරවි මාත් එක්ක..

කවුළුවෙන් එහා ලෝකය
සුන්දර නැති වේවි ඉස්සර වගේම
සමුදෙන්න හදන කළුවර අතීතෙට
සමුදෙන්න හැකි වේවිද සමජය අතරේ මට..






Wednesday, 1 February 2012

තව අවුරුදු තුනයිලු


අද මාසේ පළවෙනි දවසෙම මට අහන්න ලැබුනේ ඒ තරම් හොද ආරංචියක් නම් නෙමෙයි.. මම දවල් වැඩ කරන ගමනුත් කල්පනා කලේ මේකට මොකද කරන්නේ කියලා.. අපේ ගෙදරින් තීරණයක් අරංලු  ඉක්මනටම  මගෙනුත් නිදහස් වෙන්න..

මේ අවුරුද්ද ලැබුවට පස්සේ අද තමයි මම අපේ නැන්දට කෝල් එකක් ගත්තේ.. ඒකත් මම එහෙට  කතා කලේ නෑ කියලා අපේ තාත්තා තාත්තා බැන්නට පස්සේයි මම කතා කලේ.. එතකොට තමයි  අපේ නැන්දා මේ සුභ ආරංච්ය මගේ කනේ තිබ්බේ..

නැන්දා  - “ අපි මේ දෙවෙනිටත් හොද ගෑණු ළමයෙක් හොයන්න කියලා හදන්නේ.. පහුගිය දවසක තාත්තා ආපු වෙලෙත් අපි ඕක ගැන කතා උනා..”

මම - “ මම මේ වැඩට යන්න හදන්නේ නැන්දේ.. මම පස්සේ කතා කරන්නම්..”

ඔන්න ඉදලා ඉදලා කතා කරලා අහගත්ත ටික.. මේක අපේ තාත්තට හිතුන දෙයක් නෙමෙයි නැන්දට හිතුන දෙයක් කියලා මට හොදටම විශ්වාසයි.. නැන්දගේ පුතත් තාම ගෙදර ඉන්න එකේ ඒ යකාට කෙල්ලෙක් හොයන්නේ නැතුව මේ මාව මොකට අල්ල ගත්තද මන්දා.. ගෙදරට ඇරෙන්න මම වෙන කාටවත් කතා නොකරන්නේ ඕක නිසාම තමයි.. අක්කගේ වෙඩින් එක ඉවර වෙලා පැයක් යන්න හම්බුනේ නෑ අපේ ලොකු අම්මා කියපි “ඊළගට පොඩි පුතාගේ වාරේ” කියලා..

හැබැයි මේකේ පොඩි සැනසිලි දායක තැනකුත් තියෙනවා.. ඒ අපේ තාත්තා තව අවුරුදු තුනකින් බලමු කියලා මට පොදු සමා කාලයක් දීලා තියෙනවා.. ඒක ඇහුවම තමයි මගේ හිතට පොඩි නිදහසක් ආවේ.. අපේ කට්ටිය සැසි වාර කීපයකදීම මේ ගැන සාකච්චා කරපු බව තමයි ආරංච්.. හදිස්සියේම මේ වගේ තීරණයක් ගන්න හේතු උන කරුණුත් තියෙනවා..

1.    රස්තියාදුව..
2.    මට මුහුණු පොතේ කෙල්ලෙක් ඉන්න බව කියමින් මිතුරෙකු අරන් යන මඩ ප්‍රචාරය..

අපේ උන්ටත් නිකන් ඉන්න බැරුව මං ගැන කතා පතුරවනවා.. ඒකෙන් උන්ට ඇති වාසියකුත් නෑ.. අන්තිමට හිර වෙන්නේ මම.. ඒවා ඉතින් උන් හිතන්නේ නෑ..

අපේ තාත්තා ඔය පොදු සමා කාලය දාලා තියෙන්නේ මට ඒ කාලෙදි  ඕකෙන් ගැලවෙන්න හොද තුරුම්පුවක් තියෙන නිසා. ඊට පස්සේ කියන්න හේතුවක් හොයා ගන්න වෙනවා.. ජීවිතේ ගෙවුන විදිහට ගෙවිලා ගියානම් අද මම ඉන්නේ මේ මාවතේ නෙමෙයි.. එහෙම උනානම් මේ ප්‍රශ්ණ කිසි දෙයක් ගැන මම හිතන්නේ නෑ..

කොහොම උනත් ගැලවිජ්ජාවක් හොයා ගන්න වෙනවා.. ටික කාලෙකට.. එහේ මොන තීන්දු තීරණ අර ගත්තත් ඒවා ක්‍රියාත්මක වෙන්නනම් මම ලංකාවට යන්න ඕන.. මේ අවුරුද්දේ ලංකාවට නොයා ඉදීම නුවණට හුරුය.. ඒ ගැන ටිකක් කල්පනා කල යුතුය..

මම මෙහේ මොන ප්ලෑන් ගැහුවත් අවසානයේ තාත්තාගේ නිශේධ බලයට අවනත වෙන්නට වෙනවාය.. ඒ අම්මාට වූ ඒක් පොරොන්දුවක් නිසාය.. ඒත් මට ඕන මේක තව ගොඩ කාලෙකට පස්සට දමා ගැනිමය.. ඒත් අවාසනාවට හෝ මේ පොදු සමා කාලයෙන් පස්සේ අපේ තාත්තා මේ මාතෘකාව ගැන මාත් එක්ක කතා කලොත් මම එකම එක ප්‍රශ්ණයක් පමණක් අසන්නට සිතාගෙන ඉමි..

“ අයියා 35නුයි අක්කා 30නුයි බැන්දානම්, මම විතරක් ඇයි තාත්තේ 27න්?”

ඕකට ලැබෙන පිළිතුර අනුව ඊළගට කල යුත්තේ කුමක්දැයි කල්පනා කරමි...











Tuesday, 31 January 2012

ඇගෙයි, මගෙයි කවිකම


ඇය,


පන්සලක් වගේ නුඹෙ හිත
හිත නිවනවා මගෙ හැමවිට
මලක් වී පුද සුනක් මත
ඉන්න ඇත්නම් නුඹ ලගම මට..

සොයා ඇවිදින් නුඹම මගෙ හිත
ලැගුම් ගෙන හිත පතුලෙම
මටත් නොදැනිම කියාදි ආදරය
ජීවිතය මගේ වෙනස් කලේ නුඹමය..

කවියක් ගීතයක් වි සිත් ගැඹ
නුඹමයි ඉන්නේ හැම මොහොතකම
පිසදා දෙනෙත් අග තිබු කදුළු
හිනැහෙන්න ඉගැන්නුවෙත් නුඹමයි මට..

නිම්තෙරක් නොදකින අහසක් තරමටම
ආදරෙයි මං ජීවිතේ ඇති තුරාවට
මේ කුසුම පරවන්නට පෙරාතුව
වදින්න හිතයි පන්සලක් වගේ නුඹේ හිත..



මම,


අරණක හිද සංසුන්ව
භාවනා කලා වෙගේ මගේ හිත
ඒ තරම්ම සැනසිලා නුඹ නිසාම
මගේ ජීවිතේට නුඹ ආදා ඉදන්ම..

දඩබ්බර මගේ හිත ඉස්සර තිබුන
අද කොහේද නොදනිමි මමම
නුඹ ඇවිදින් එක්තැන් කර මගෙ හිත
සැනසුව ජීවිතය නුඹටමයි උරුම..

අරමුණක් නැතිව ගෙවුන කාලය
කොතරම් අමිහිරිද දැනෙන්නේ අද මට
වාසනාවට නුඹ මට හමු නොවන්න
මගේ ලෝකය කොතැන නවතීවිද..

ආදරේ පහන් සිළුව වී නුඹ
මගේ හද පතුලේ දැල්වෙන
නුඹ මට දුන්න ජීවිතයට
මම ණයගැතියි නුඹට හැමදාම..

 

මේ මීට කාලෙකට කලින් පූජා අතින් ලිය උන කවියකට මම ලියපු පිළිතුරු කවියක්.. මම නොදැන හිටපු ඇගේ සුන්දර කවි හිත ජීවිතේ දවසක මට සතුටු වෙන්න ලියලා තියලා ගිය සුන්දර මතක මට කියවන්න පුළුවන් උනත් ඇය නිසාම කවියෙක් උන මම ලියන එකම එක කවියක් හරි කියවන්න ඇය මගේ ලග හිටියනම්..






Monday, 30 January 2012

යුක්තිය ( කෙටි කතාව )

අවසන් තීරණය එය විය..

අධිකරණ භූමිය තුලින් එහෙට මෙහෙට පාවෙන සුදු හැඳගත් රෑප ඇ‍යගේ බොඳවූ දෙනෙත තවත් වෙහෙසුවේය.. දවස් ගණනක් මේ භූමිය තුළ තම නම දැන් දැන් අඬගසාවියැයි බලාපොරොත්තු වූවත්.. තවත් කෙනෙක් වෙනුවෙන් කල පරිත්යා ගය මෙතරම් චෝදනා රැසක වරද කාරියක් යැයි ඇය නිකමටවත් දැන නොසිටියාය.. දෙතොල වියලී ගොසින්ය.. උදේ සිට තවමත් දිය පොදකුදු නොදුටුව දෑස එහි අඩුව කඳුළු වලින් ‍පිරෙව්වේය..

අදින් වසර ගණනක පෙර හඬන හදවත මැදි කොට සිර කර ගත් දරුවන් දෙදෙන රැකගන්නට සුමනා තම ජීවිතයත් සමඟ පොර බැදුවාය..තත්පර ගණනක වෙනසක් ඇති නිඹුන් දරු කැටියන් උපදින විටත් ඔවුන්ගේ පියා තම රැකවරණයෙන් අකරුණාවන්ත ලෙස ප්රතතිකෂේප කොට සිටියේය..  ජීවිතයේ කටුක බව තම පසුපස ලුහුබඳිද්දී.. ඇය තම දරුවන් දෙදෙනට ඒ බවක් නොදැනෙන්නට සිනහ මුවින් හැම විටම කියා පෑයේ ඇගේ ආත්මයේ අසරණබවත්, මව් ස්නේහයේ උත්තරීතර බවත්ය.. ලිපිකාරිණියක වූ සුමනාගේ අත් උදව්වට හිටියේ තම දයාඹර මෑණියන් පමනක්මය..

                                  ..............................

“ දුවේ නරකද උඹ තව කසාදයක් ගැන හිතුවනම්..”

“ මොනවද අම්මේ මේ අම්මා කියන්නේ?”

“ නෑ ඉතින් මේ දරුවෝ දෙන්නත් එක්ක උඹ කොහොමද මෙහෙම හැමදාම ජීවත් වෙන්නේ.. එකයි මම එහෙම කිවුවේ..”

“ පුළුවන් තරම් කාලයක්..”

අම්මාගේ වයසත් එක්ක ඇය නැති දාක තම දියණියට අත්වන ඉරණම කෙබදු වේදැයි ඇය නිතරම කල්පනා කලාය.. ඒ නිසාම හැම රෑකම දියණියත් මවත් අතරේ හුවමාරු උන මේ වචන කීපය රෑ ලිපේ ඉදෙන බත් මෙන්ම හුරුපුරුදු උවාය.. ඒත් සුමනා කෙදිනකවත් තම මෑණියන් ඇන අහිතක් නොහිතුවාය.. පුංච් පැලට අහිමි උන සතුට අරන් එන්නට ඇය හැම මොහොතකම වෙහෙස වූවාය..

කාලය ගෙවී ගියේය.. මෑණියන්ගේ අසනීප තත්වය ටිකින් ටික වැඩි වත්ම වැඩි වගකීම පැවරුනේ සුමනාගේ කර මතය.. ඒත් ඇය නොසැලුනාය.. රාජකාරි වගකීම් අතරේම නිවසේ වගකීම් ගැනත් ඇය බොහෝ සේ උනන්දු වූවාය..

දිනක් ඇය රාජාකාරියට පැමිණියේ උදෑසනමය.. දරුවන් පාසලට යවමින් වෙනදාට රාජකාරියට පැමිනෙන සුමනා අද එය තම නෑදෑ සොයුරියකට පැවරුවේ හැමදාම පරක්කු වූ දිනට ප්‍රධානියාගෙන් ලැබෙන ගැරහුම් නිසාවෙන්ය.. ඒත් වෙනදාට කාර්ය බහුල ආයතනය අද පාළුවට ගිහින්ය.. ඒ ඇය වෙනදාටත් වඩා වේලාසනින් ආ නිසාය..

“ සුමනා අද වේලස්සන?”

“ ඔවු කාන්ති.. තාම කවුරුවත් නැද්ද?”

“ කට්ටිය එද්දි ටිකක් පරක්කු වෙයි සුමනා..”

ඇගේ හැසිරීමේ කුමක් හෝ වෙනසක් සුමනාට දැනුනත් ඇය ඒ ගැන උනන්දුවක් නොකලාය.. වැඩ ඇති වේලාවන් වල බලෙන්ම කතාවට එන ඇය අද ඉක්මනින් මග හැර ගියේ ඇයි දැයි සුමනා නොසිතුවාය.. තම අසුනේ මොහොතකට ඉද ගත් ඇය යලි නැගිට්ටේ තන්ට උවමනා ලිපි කීපයක් සියා ගැනීමේ අරමුනින්ය.. කන්තෝරුවේ ඇතුලට වන්නට තිබු කාමර අතරින් ඇවිද යද්දි සුමනා දුටු දෙයින් ඇය මොහොතකට කලබල වූවාය..

කළමණාකරුගේ කන්තෝරු කාමරයට වී ලිපි ලේඛණ අවුස්සන කාන්ති දෙස ඇය මොහොතකට විමසිලිමත් වූවත් ඇය යලි එතැනින් එවත්ව යන්නට ගියේ කිසිවක් නොදුටු විලසටය.. ඒ කාන්ති කළමණාකරුගේ ලිපි ලේඛණ හා රාජකාරි කටයුතු කරන නිසාවෙන්ය..

දින දෙකක් ගෙවි ගියේ වැඩි වෙනසක් නැතුවමය..  හදිසියේම දවසක දහවලේ කළමණාකරුගේ හදිසි කැදවීම ගැන ඇය මදක් පුදුම වූවාය.. කාර්යාල කාමරයේ ඒ මේ අත ඇවිදිමින් උන් ඔහුගේ ඉරියවු ඇයව තවත් හිතින් බය කලාය..

“ සර්..”

“ අඟහරුවාදා තමුන් උදේම කන්තෝරු ආවද?”

“ ඔව් සර්..”

“ එදා මගේ කාමරේ තිබුන මුදල් වගයක් නැති වෙලා බව තමුන් දන්නවද?”

“ නෑ සර්.. මම එහෙම දෙයක් ගැන දන්නේ නෑ.”

“ ගත්තේ තමුන් වෙනකොට ඒ ගැන නොදැන ඉන්න විදිහක් නෑනේ..”

“ සර්..”

හිටිහැටියේම තමන් වෙතට එල්ල උන චෝදනාවෙන් සුමනා මවිත වූවාය.. ඉකුත්දා කමලා කලබලයෙන් හෙවුවේ මෙය වන්නට ඇතැයි ඇය කල්පනා කලාය..

“  ඇයි දෙන්න උත්තර නෑ නේද? වරද පිළිගන්නවනම් මට සමාවක් දෙන්න පුළුවන්..”

“ මේ ඇත්තමයි සර්.. මම එහෙම දෙයක් කලේ නෑ..”

“ එදා කාන්ති දැකලා තියෙනවා තමුන් මගේ කාමරේ ඉන්නවා..”

“ නෑ සර්.. මම නෙමෙයි එදා කාන්තියි සර්ගේ කාමරේ හිටියේ..”

“ ඒ පාර ඒ මනුස්සයව මේකට පටලනවද? වරද පිළිගත්තනම් මම සමාව දෙන්න හිතන් හිටියේ.. ඒත් දැන් කරන්න දෙයක් නෑ..”

එදා සුමනා ඔහුගේ දෙපා පාමුල කොතරම් බැගෑපත් උනත් ඒ කිසිවක් ඔහු තේරුම් නොගත්තේය.. කිසිවකට ඇහුම් කන් දෙන්නට ඔහුට උවමනාවක් නොතිබුනේය.. කාන්ති හා හිතේ තරහක් ඇති උනත් ඇය කිසිවක් කියන්නට සුමනාට නොහැකි උනේ ඇය දින කීපයක්ම රාජකාරියට නොආ නිසාවෙන්ය..

                                .....................................

අධිකරණ භූමියේ බංකුවක වාඩි වී උන් සුමනාට හැම දෙයක්ම එකින් එක මතක් උනේ පුංච් දරුවන් දෙදෙනාගේ අනාගතය ගැන ඇති වූ බිය නිසාය.. කිසිවක් හරි හැටි නොදත් ඔවුන් අම්මා ලගට වී උන්නේ ඔවුන්ගේ හිසට ඉහලින් අනාගතේ එන අඳුරු වළාකුල ගැන හරි හැටි  නොදැනය..

“ දුවේ ඊළගට තියෙන්නේ අපේ නඩුවලු..”

තමන් ලගට විත් රහසින් අම්මා කියත්ම ඇගේ දෑස දෙස ඕනෑකමින් බැලුවේ ඒ දෑස් වල කදූළු කියවමින්ය.. දිගු හුස්මක් ඉහලට ගත් ඇය හිද ගෙන සිටි තැනින් නැගිට්ටේ තම දරුවන් දෙදෙනාව ආදරයෙන් වැළද ගනිමින්ය.. මෙහි අවසාන තීරණය කුමක් වේවිදැයි ඇය නොදන්නීය.. ඒත් කිසිවක් තමාගේ වාසියට සිදු නොවන බව ඇයට පැහැදිළිය..

“ අම්මේ දරුවෝ ගැන බලාගන්න.. උන් ලොකු වෙද්දී මේ හැම දෙයක්ම උන්ට කියලා  මිනිස්සු ගැන උන්ට කියලා දෙන්න..”

මේ තිරණය තමන්ටත් වඩා බලපාන්නේ තම දරුවන්ට බව  ඇය හොදින්ම දන්නීය.. අවසානයේ ඔවුනුත් දවසක තමන්ට වෛර කරාවිදැයි තම සිතින්ම අසමින් ඇය විත්ති කූඩුවට නැග්ගාය..







Sunday, 29 January 2012

මම සහ මම




අම්මා තාත්තා ලග උණුසුමට 
ආදරෙන් හැදුන පොඩි එකා මම,
දුර ඈතක තනිවී ඒ උණුසුම
ආදරය සොයන ලොකු එකා මම..

පුන්චි ඉස්කෝලේ ඉස්සරහ පේලිවල
හිටිය පොඩි එකා මම,
පන්ති ගිහින් පස්සෙම පේලිවල
රැදුන ලොකු එකා මම..

සිස්සත්තේ මහ ඉහලින්
ජය අරගෙන අපු  පොඩි එකා මම,
A/L යන්තමින්
ගොඩදාගත්තු  ලොකු එකා මම..

අනාගතේ ලොකු හීන
නොදැකපු පොඩි එකා මම,
ඉහිරුන හීන කන්දක් ලග
වැලපෙන ලොකු එකා මම..

අඹ යාළුවන් සොයාගෙන
දිවගිය පොඩි එකා මම,
හිත රිදුම් දෙන තරමින්
යහළුවන්ගෙන් බැටකෑ ලොකු එකා මම..

ගෑනූ ළමයි ළග මොහොතක්
නොරැදුන පොඩි එකා මම,
කෙල්ලන් එනතුරු හන්දි වල
චාටර් උන ලොකු එකා මම..


අනාගතේ යන වචනය
නොදැන හිටපු පොඩි එකා මම,
හෙට දවස ගැන හිතන
වගකීම් ඇති ලොකු එකා මම..

තෑගි බෝග වටකරගෙන
උපන්දිනේ සැමරපු පොඩි එකා මම,
වෙනද වගේම ගෙවුන දවසක
උපන්දිනේ දා තනිඋන ලොකු එකා මම..

කතාකරන්න ගොඩ දේවල්
හිතේ තිබුන පොඩි එකා මම,
කවුරුත් නැති හින්දම මගේ ලග
ඒ කතා අකුරු කරන ලොකු එකා මම..

අම්මගේ අතේ එල්ලි
ගමන් ගිය පොඩි එකා මම,
කවුරුවත් නැතිව තනියම
රස්තියාදුවේ යන ලොකු එකා මම..

දැන් ඉන්න මම වෙන්න
හීන දැකපු පොඩි එකා මම,
ඒ දවස්වල හිටපු මට
ආදරේ කරන ලොකු එකා මම..

උඩ පින්තූරයේ ඉන්න
ජීවිතේ දකින ලොකු එකත් මම
පහල පින්තූරයේ ඉන්න
නිදහස් පොඩි එකත් මම..