පළමු කොටස දෙවන කොටස තුන්වන කොටස හතරවන කොටස පස්වන කොටස හයවන කොටස හත්වන කොටස අටවන කොටස නමවන කොටස දහවන කොටස එකොලොස්වන කොටස දොලොස්වන කොටස
හැමෝගෙම හිත් වල රැදුනේ නිමක් නොපෙනෙන අහසක් තරම් රැදුන සතුටක්ය.. ඒ තම ජීවිත කාලය පුරාවටම ඉටු කර ගන්නට නොහැකි වේයැයි හිතූ හීනයක් නෙත් අද්දරම හැබෑ වී ඇති නිසාය.. මුළු වත්තම මගුල් ගේක සිරි අර ගත්තේ ඒ නිසාය..
“ අද ඉදන් අපේ ප්‍රශ්ණ ඔක්කොම ඉවරයි.. ඇති වෙන්න බීපල්ලා..”
කමින් බොමින් ගී ගයමින් හැමෝම ප්‍රීතී වූයේ පසුදා තම අනෙක් සියළු වැඩ අමතක කර දමමින්ය..
“ කෝ බං අපේ ගුණේ අයියා..”
“ ගුණෙ අයියේ වරෙන්කෝ බං සිංදුවක් කියලා සතුටු වෙන්න.. උඹ නිසානේ මේ ඔක්කොම..”
“ හරි හරි බං.. ඒක නෙමෙයි උඹලට ආරංච්ද?”
“ මොකක්ද ගුණේ අයියේ?”
“ ඊයේ රෑ රණවීර උන්දැගෙම පිස්තෝලෙන් වෙඩි තියා ගත්ත කියන්නේ..”
“ එහෙම නොවුනනම් තමයි පුදුමේ ගුණේ අයියේ.. කොහොමද මමමයි දිනන්නේ කියලා හිටපු උජාරුව.. පරාදයි කියලා ආරංච් උන ගමන්ම වටේ හිටපු ඔක්කොම හෙන්චයියෝ ටික මාරු වෙලා ගිහින්.. ඉතින් ලැජ්ජාවටත් එක්ක ඔහොම කර ගන්න ඇති.. ඕවා ඉතින් ඉන්නකම් කරපු දේවල් වල ප්‍රති විපාක තමයි..”
“ හ්ම්ම්.. කෝ මේ අපේ අළුත් නගරාධිපති තුමා.. වරෙල්ලා යන්න ඒ පැත්තේ..”
“ යමං යමං.. දැනටමත් ඔක්කොම එහේ ඇත්තේ..”
ගුණදාසත් අනිත් පිරිසත් සුනිල්ගේ නිවසට එද්දි වත්තේ හැමෝම වාගේ සුනිල්ගේ නිවස ලගට එක්කව හිටියේය..
“ මේ එන්නේ අපේ තරගේ වීරයා..”
ඈත තියාම ගුණදාස එනු දුටු මිතුරෝ ඔහුවත් ආදරයෙන් පිලි ගත්තේ ගුණදාසගේ සහාය නොතිබෙන්නට මේ හැම දෙයක්ම හීනයක්ව රැදෙන නිසාවෙන්ය..
“ මොකක්ද බං ඒ කතාව?”
“ හරි උඹ කියන්නේ එහෙම නෙමෙයි කියලද ගුණේ මල්ලි.. අපේ කොල්ලා කැප්ටන් නම් උඹ තමයි ටීම් එකේ හොදටම සෙල්ලම් කරේ.. උඹ නැත්නම් කොල්ලා පැරදියි..”
“ එහෙනම් කමලා අක්කේ තරගේ වීරයෝ දෙන්නෙක්ම ඉන්නවා..”
“ ඒ කවුද බං?”
“ ඇයි ගාමිණියා.. උඹලට ඌව මෙච්චර ඉක්මනට අමතක උනාද?”
“ පිස්සුද ගුණේ මල්ලි.. අපිට ඌව කවදාවත් අමතක වෙන්නේ නෑ..”
“ සුනිල් පුතා, දැන් එහෙනම් ඊළගට කරන්න තියෙන හැමදෙයක්ම තියෙන්නේ පුතා අතේ.. අපිට දැං තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි..”
ගුණදාස සුනිල් ලගට ලං වෙමින් පවසත්ම සුනිල් ඔහුගේ දෙපා වැන්දේ පියෙක් මෙන් ලගින් හිද තමන් වෙනුවෙන් කල කැප කිරීම් නිසාය..
“ හා හා.. මේ මොකෝ මේ?”
“ නෑ ගුණේ මාමේ.. මාමා නොහිටින්න අද මට මේ තැනට එන්න වෙන්නේ නෑ.. ඉතින් ඒ හැම ගෞරවයක්ම යන්න ඕන ගුණේ මාමටයි ගාමිණි මාමටයි..”
“ නෑ පුතා අපි විතරක් නෙමෙයි.. පුතාව මෙතනට ගේන්න මේ හැම කෙනෙක්ම් මහන්සි උනා.. ඒ කාවවත් අමතක කරන්න එපා..”
“ ඔව් ගුණේ මාමේ..”
“ හා හා ගනිල්ලා අපේ වීරයෝ දෙන්නවම කරට.. අපි යමු වත්ත වටේම..”
“ මේ ඇල්බට් උඹට පිස්සුද?”
ගුණදාස කතාව නවත්වන්නටත් මත්තෙන් සුනිල්වත් ගුණදාසවත් තමන්ගේ කරට නංවා ගත් ඔවුන් වත්ත පුරාම සතුටු වෙමින් ඇවිද්දේ කාගෙත් හිත්වල රැදි සතුට නිසාය..
..................................
මාස කීපයක් හෙමින් හෙමින් ගෙවී ගියේ කාටත් නොදැනීමය.. හැමෝම තමන්ගේ සුපුරුදු දින චර්යාවට යොමු උනේ මාස කීපයකට කලින් වත්තේ තිබුන උණුසුම අමතක කරමිනි.. නගරාධිපති අසුනේ දිවුරුම් දුන් සුනිල් තම රාජකරි වැඩ අද්‍යනය කරමින් සිටියේය..
සුපුරුදු පරිදිම බස් වල සිංදු කියන්නට ගිය ගුණදාස හවස් යාමයේ තම සුපුරුදු මිතුරන් වූ සෙල්ලම් පිට්ටනියේ උන් පොඩි එවුන් හා කතා බස් කරමින් සිටියේය.. ඔහු හැමදාම ඔවුන්ට කීවේ දවසක ලොකු මහත් වී සුනිල් අයියා වගේ වන්නයි කියාය..
“ උඹ කොහේද ගුණේ අයියේ හිටියේ.. මම දවසම උඹව හෙවුවා..”
“ ඇයි බං.. මොකක් හරි කරදරයක්ද?”
හති දමමින් තමන් සොයමින් දුවගෙන ආ ඇල්බට්ව බංකුවේ පැත්තකින් වාඩි වන්නට හරිමින් ගුණදාස බලාසිටියේ ඔහු කලබලයේ ආ කාරණාව කියනා තුරුය..
“ මේ, මේ පත්තරේ බලපන්..”
“ ඇයි මොනවද තියෙන්නේ?”
ගුණදාස පත්තරය අතට ගත්තේ කුතු හලයෙනි.. එහි සදහන් වූ ප්‍රධාන පුවත දැක ගුණදාස කලබලයෙන් ඉතුරු ටික කියවන්නට හදත්ම ගුණදාස සොයා වත්තේ තවත් ඈයෝ දිව එන්නට විය..
“ ගුණේ අයියේ.. ඇත්තද සුනිල් වත්තෙන් යනවා කියන්නේ?”
“ මම දැක්කා දවාලේ වාහනේකට බඩු වගයකුත් පටවනවා.. කමලා අක්කත් දවසම පේන්න නෑ..”
“ අපි සුනිල් එක්ක කතා කරන්න හදද්දි ඌ වෙනදා වගේ නැතුව ඉක්මනට කතා කරලා යන්න ගියා ගුණේ අයියේ..”
“ ගුණේ අයියේ මේ මොනවද බං වෙන්නේ.. උඹවත් මේ ගැන දන්නවද?”
ගුණදාස හැමෝගේම වදන් නිහඩවම අහගෙන හිටියේ කිසිවක් කියා ගන්නට නොහැකිවය.. ඔහු පාර දෙස බලාගෙන හිටියදී දුහුවිළි නංවමින් වේගයෙන් ඉදිරියට ඇදුන වාහනය වත්තේ හැමෝගේම හීන අරන් යන බව ඒ වෙද්දි ගුණදාසට තේරුම් ගොස් තිබුනේය..
“ උඹ මොකද කතා නැත්තේ ගුණේ අයියේ? කතාකරපංකෝ..”
“ අපි හැමදාමත් වහල්ලු බං..”
තමන්ගේ අත තිබූ පත්තරය බංකුව මතම දැමු ගුණදාස තමන් වට කරගෙන උන් අය අතරින් මිදී තනිවම ඉදිරියට ඇදෙන්නට වුයේ හැමෝගෙන්ම ඇත්ව තනිවූ තම මිතුරා සොයාගෙනය.. ගුණදාස කීවේ කුමක්දැයි තේරුම් ගන්නට බැරුව බලාගෙන උන් අනිත් අය බංකුව මත තිබු පත්තට අරන් පෙරලා බැලූවේ සියල්ලෙහි අග මුල දැන ගන්නටය.. එහි ලියැවී තිබුන ප්‍රධාන පුවත හැමෝගේම හිත් වලට ගෙනාවේ කලකිරීමකී..

“ කොළඹ නව නගරාධිපති
ආන්ඩු පක්ෂයා හා අත් වැල් බැද ගනී..”
නිමි..